පාසිකුඩා වෙරළ තීරයේ වැටී තිබී හමුවූ රුපියල් ලක්ෂ 03කට වැඩි වටිනාකමකින් යුතු පවුම් 06ක පමණ රන් ආභරණ කිපයක් එහි හිමිකරු වෙත බාරදීමට පාසිකුඩා පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීහු පිරිසක් කටයුතු කළහ.
පාසිකුඩා පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උ.පො.ප. ෆාහිම්, පොලිස් කොස්තාපල්වරුන් වන සම්පත් (2807), ජීවකුමාර (73596), ජේ. රූබන් (73608) යන නිලධාරීහු පාසිකුඩා වෙරළ තීරයේ වැටී තිබූ රන් මුද්දක්, රන් අත් පළඳනාවක් (බේස්ලට්), රන් මාල 03ක් මෙලෙස ඒවායේ හිමිකරු වන කල්මුනේ, බාලිකා වීදී, 191 ලිපිනයේ පදිංචි ආර්. විජී යන අය වෙත භාර දීමට කටයුතු කළහ.
උත්සව සමයේ දෛනිකව විශාල පිරිසක් දිය නෑම සඳහා පාසිකුඩා වෙරළ තීරය වෙත පැමිණෙන අතර, එසේ පැමිණි කල්මුනේ, ආර්. වීජී ඇතුළු පිරිස සිය රන් ආභරණ ගලවා ලේන්සුවක ගැට ගසා තම ඇඳුමක සාක්කුවක දමා වෙරළේ දිය නා ඇත. සාක්කුවේ තිබූ ලේන්සුව සාක්කුවෙන් පිටතට වැටී වෙරළේ තිබිය දී පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන්ට හමුවී ඇති අතර, එම අවංක නිලධාරීන් ඒ අවස්ථාවේ වෙරළ තීරයේ රැඳී සිටි පිරිස අමතා වැටී තිබූ රන් ආභරණවල අනන්‍යතාව ඔප්පු කර රන් ආභරණ ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව කල්මුනේ, බාලිකා වීදී, 191 ලිපිනයේ පදිංචි ආර්. විජී යන අය පැමිණ තම රන් ආභරණවල අනන්‍යතාව ඔප්පු කර ඒවා ලබාගෙන ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට ස්තූතිය පුද කර ගියහ.
(ගල්නෑව සේනක බණ්ඩාර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාසිකුඩා වෙරළේ තිබී හමුවූ රන් අබරණ අයිතිකරුවන්ටම පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සද්ක්‍රියාවක්