(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
අතක් අහිමිව තම ආර්ථිකය කඩා වැටෙද්දී ඉන් ගොඩ ඒමට සිය බිරිඳ රට යවා පිළිසරණක් පැතූ තරුණ සැමියකුට අවසානයේ බිරිඳ ද අහිමි වීමේ පුවතක් දකුණු පළාතේ එක්තරා ගමනික් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
පෞද්ගලික වාහනයක රියැදුරකු වන ඔහු තරුණ වියේදීම ඇති කර ගත් ප්‍රේමසම්බන්ධතාවක් මත විවාහයක් කර ගත්තේය. බිරිඳ තරමක හැඩකාර තරුණියක් වූවාය.
මේ විවාහයෙන් පසු පුංචි නිවහනක් ද තනා ගෙන සතුටින් දිවි ගෙවෙද්දී එම කැදැල්ලට දියනියක් හා පුතෙක් ද එක්වූහ.
මෙසේ ටික කලක් ගෙවී යද්දී නොසිතූ අවස්ථාවක සිදුවූ රිය අනතුරකින් ඔහුගේ දකුණු අත ඔහුට අහිමි විය. මේ නිසාවෙන් ඔහුට රැකියාව ද අහිමිව යන අතර ගෙදර ආර්ථිකය කඩා වැටෙද්දී ඉන් ගොඩ ඒමට විසඳුමක් ලෙස බිරිඳ රට රැකියාවකට පිටත් කර යවා ඇත.
මවුපියන්ගේ ද ආධාර උපකාර මැද දරුවන් රැක බලා ගත් ඔහුට බිරිඳ මාස් පතා වියදමට මුදල් ද එව්වාය.
එහෙත් කල් යද්දී එම මුදල එවීම නැවතුණ අතර ඇය ඔහුට දන්වා එවා ඇත්තේ යලි නිවසට නොපැමිණෙන බවය.
මේ අතර පසුගිය දිනෙක ඔවුන්ගේ වැඩි මහල් දියණිය වැඩිවියට පත් වුණාය. තම දියණියගේ කොටහළුමඟුලට හෝ පැමිණෙන ලෙස සැමියා ඇයගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව එදින උදයේ ඇය නිවසට පැමිණ තිබේ. ඇය පැමිණි මෝටර් රථය නිවසට අසල ඇය බස්සවා ආපසු පිටත්ව ගොස් ඇත. දියණියත් පුතාත් සැමියා ඇතුළු නිවසට එක්ව සිටි නෑදෑ හිතවතුනුත් ඇය ඉතා සෙනෙහසින් පිළිගෙන ඇත. අතීතය පිළිබඳව කිසිත් කතා බහ නොකළ ඇය දවස පුරා මෙහි ගෙවා දමා ඇති අතර සවස යළි ඇය පැමිණි මෝටර් රථය නිවස අසලට පැමිණ ඇත.
‘‘මහත්තයා මාව එක්ක යන්න ආවා. මම යනවා. ඉඩක් ලැබුණොත් ආයෙ ඇවිත් යන්න එන්නම්’’ කියා ඇය ආපසු යන්නට මෝටර් රථයට ගොඩ වෙද්දී දෑස කඳුළින් පුරවා ගත් දියණියත් පුතාත් අතක් අහිමි සැමියාත් ඒ දෙස බලා සිටිද්දී අසල සිටි අයගේත් දෑස් කඳුළින් තෙත් වී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පවුල ගොඩගන්න රට ගිය බිරිඳ අලුත් කැදැල්ලක