රාත්‍රියේ හොර පුවක් කැඩීමට ගස් නැගි පුද්ගලයකු නැගි ගස ගැලවී අඹ ගසක සිරව සිටියදී ගම්මුන්ට හමුවීමේ පුවතක් පාතදුම්බර කඳුකර ගම්මානයකින් වාර්තාවේ.

වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය සැකෙවින් මෙසේයි.
මත්පැනට තදින්ම ලොල් වූ තනිකඩ පුද්ගලයෙකු වූ ඔහු කුලියක් කර ජීවිතය ගැට ගසා ගත්තද තම මත්පැනට අවශ්‍ය මුදල් බොහෝ විට සොයා ගත්තේ අසල්වැසි ගෙවතුවලට පැන හොරෙන් පුවක් හෝ පොල් කඩා විකිණීමෙන් ලැබෙන මුදලිනි.
කෙසේ නමුත් එදින රාත්‍රියේ ප්‍රදේශය පුරා පැවැති මොර සූරන වර්ෂාව මධ්‍යයේ අසල්වැසි ගෙවත්තක තිබූ පුවක් ඉත්තක් කැඩීමට ගස් නැගි ඔහුට දෙලෝ රත්වූයේ පුවක් ගස ටිකෙන් ටික ඉදිරී වැටීමට පටන් ගැනීම නිසාය.
කර කියා ගත නොහැකි වූ ඔහු වැටෙන ගස බදාගෙන සිටීමත් සමගම එය නතර වූනේ අසල අඹ ගසක සිරවීමෙනි.
ඉන් මිදී පළා යාමට කොතෙක් උත්සාහ කළද ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වූ තැන පසුදින උදෑසන වනවිටත් අඩ සිහියෙන් සිටි එම පුද්ගලයා ගම්මුන් විසින් දැක වදෙන් පොරෙන් බිමට බස්වා ගත් බව වැඩිදුරටත් වාර්තාවේ.
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුවක් ගහෙන් අඹ ගහේ හිරවී රෑ එළිකරලා