මැදගම වාර්තාකරු
හොරෙන් පොල් කැඩීමට පාළු ඉඩමකට පැමිණි සොරකු ඉඩම් හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමේ පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
එය ප්‍රදේශයේ රජයේ නිලධාරිනියකට අයත් ඉඩමකි. එහි සරුවට පොල් සෑදී තිබුණි. ඔවුහු මෙම ඉඩම සමග පදිංචිව සිටි නිවෙස හැර දමා වසර කිහිපයක් වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් සිටියහ.
වසර කිහිපයක සිට මෙම නිවෙසේ පදිංචියට නොපැමිණීම නිසා නිවෙස සමග ඉඩම ද පාළු වී ගොස් කලක් යනවිට මෙම ඉඩම හොරුන්ගේ රාජධානියක් බවට පත්විය.
වසර කිහිපයක් ගත වූ පසුව මෙම ඉඩම විනාශ වී යන බැවින් අඹුදරුවෝ කතාබහ කරගෙන නැවත මෙහි පදිංචියට පැමිණිමට තීරණය කළහ. ඉඩම් හිමිකරු දිනක් නිවෙස සුද්ද පවිත්‍ර කිරීමට පැමිණියේය.
ටික වෙලාවක් වැඩ කරමින් සිටින විට එකවරම ඉඩම දෙසින් පොල් වැටෙන හඬක් ඇසෙන්නට විය. හඬ ඇසෙන දෙසට ගොස් බැලූ විට එක්තරා පුද්ගලයකු පොල් ගසකට නැඟ පොල් කඩන අයුරු දැක ගන්නට ලැබුණි. උරණ වූ ගෙහිමියා ඒ දෙස බලා සිටියත් සොරා කිසිම වෙනසක් නොපෙන්වා දිගටම පොල් කඩමින් සිටියේය.
මොකද ඔය කරන්නේ හිමිකරු කෑගසා ඇසුවේ කේන්තිය ඉහවහා යමිනි.
එවිට සොරා ‘‘ඇයි පේන්නේ නැද්ද පොල් කඩනවා... තමුන් කවුද මගෙන් මොකද කරන්නේ අහන්න” යැයි ගස උඩ සිටම ඇසීය.
සොරා ගසෙන් බිමට බසින තුරු සිටි ගෙහිමියා එම පොල් ගසේම සොරා ගැට ගසා හොඳ හැටි ගුටිබැට දෙමින් තමා කවුදැයි ඔහුට හොඳ හැටි තේරුම් කර දුන්නේ පොලිසියට ද ඇමතුමක් දෙමිනි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොල් හොරා ගහේ ඉඳන්ම අයිතිකරු ‘ඉන්ටවීව්’ කරලා