IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පොල් හොරා ගෝනියකුත් එක්ක වතු අයිතිකාරයාට රු.5000ක් එවලා

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
“හොර පොල් ගෙනියන්න ගෙහිමි කතකගෙන් ගෝනියක් ඉල්ලා ගෙන” යන හිසින් ඉකුත් දිනෙක දෙයියෝ සාක්කි හි පළවූ පුවතින් පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් එම ගෝනිය සමග රුපියල් පන්දහසක මුදලක් ලබාදීමට හොරපොල් ගෙනගිය පුද්ගලයා සානුකම්පිත වී ඇති පුවතක් වාර්තාවිය.


විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු තම සැමියා සුපුරුදු පරිදි සිය මෝටර් රථයෙන් උදෑසන රැකියාව සඳහා පිටත්ව යන මොහොත බලා සිට නිවසට පැමිණ ඇති පුද්ගලයා ඇගේ සැමියා ගෙවත්තේ ඇති පොල් කඩා දෙන ලෙස ඉල්ලා ඒ සඳහා කැඩුම් කුලියද ලබාදුන් බව පවසා පොල් එකතු කිරීමට ඇගෙන් ගෝනියක් ලබාගෙන පසුව එම පුද්ගලයා කැඩූ පොල් සමග පලා ගොස් ඇති පුවත වාර්තාවූයේ කටුගස්තොටට නුදුරු ගම්මානයකිනි. 


කෙසේ නමුත් ඉකුත් සතියේ එම නිවසේ ගේට්ටුවේ සවිකර තිබූ ලියුම් පෙට්ටියේ රුපියල් 5000 සහිත ලිපියක සඳහන් කර ඇත්තේ තමාට ලොතරැයි දිනුමක් ලැබීම හේතුවෙන් සොරකමින් බැහැරව යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිටීමට තීරණය කළ බවත් කැඩූ පොල්වලට අදාළ මුදල ලබාගන්නා ලෙසත් ගෙන ගිය ගෝනියද ඒ ආසන්නයේ තබා ඇති බවත්ය.


අදාළ ලියුම දැකීමෙන් අන්දමන්ද වූ එම නිවැසියන් එහි වූ රුපියල් පන්දහසේ මුදල පුණ්‍ය කටයුත්තක් සඳහා යෙදවීමට තීරණය කර පොල් හොරා යහපත් මිනිසෙකු වීම පිළිබඳව සතුටු වූ බවද වැඩිදුරටත් වාර්තා වේ.

 



අදහස් (1)

පොල් හොරා ගෝනියකුත් එක්ක වතු අයිතිකාරයාට රු.5000ක් එවලා

theshan Wednesday, 28 November 2018 06:27 AM

එක මිනිහෙක් හරි මේ විදිහට හිතනවානම් කොච්ච්චර හොඳද?? හැබැයි හොරකම් කරන්න පෙලෙබෙන්න එපා, ඉක්මන් සල්ලි වුනත්, පැවැත්ම තවකලිකයි.

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 602 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site