IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පොල් හොරකමේ ගියාට තරු පේන දඬුවමක් ලැබිලා

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න) 
පොල් ගෙඩි හොරෙන් කඩා බහින අවස්ථාවේදී අපූරු දඬුවමක් හිමිවී යැයි කියන තරුණයෙක් සම්බන්ධ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 


මෙම තරුණයා සාමාන්‍ය පෙළ විභාගයටත් පෙනී නොසිට නිවෙසින් පැන ගොස් ගම්මානයේ වයසින් වැඩිමල් පිරිසක් සමග එක්ව මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු වී සිටියේය. 


මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුව සිටි තරුණයා යහමඟට ගැනීමට ඔහුගේ මවුපියන් වසර ගණනාවක සිට කොපමණ උත්සාහ දැරුවත් අවසානයේ නිෂ්ඵල විය. බැරිම තැන මවුපියෝ දරුවා අතහැර දැමූහ. 


මෙම තරුණයාට ඉකුත් 2 වැනිදා පෙරවරුවේ අල්ලපු නිවෙසේ පදිංචි මත්ද්‍රව්‍ය පානය කරන තරුණයකු කතාකොට ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය පානය කිරීමට තමාට මුදල් නොමැති බවය. තමන්ගේ නිවෙසේ මවුපියන් නගරයට ගිය බැවින් ගස් කිහිපයක පොල් කඩා අලෙවි කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් විය.


යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කළ තරුණයා මිතුරාගේ නිවෙස පිටුපස තිබුණු අඩි 25ක් පමණ උස පොල් ගසකට නැග පොල් ගෙඩි 20ක් පමණ කඩා බහින්න සූදානම් වූ අවස්ථාවේ දී දෙබරු වටකරගෙන ඇන්නාහ. දෙබරු අනින අවස්ථාවේ දී ඉක්මනට ගසෙන් බැස ගත් තරුණයා මිතුරාට පරුෂ වචනයෙන් බැණ වදිමින් නිවෙසටම දිව ගියේය. 


පසුව තරුණයාගේ මවුපියන් කෑ ගසන්නේ මන්දැයි විමසා සිටි අවස්ථාවේදී තමාට දෙබරු හය දෙනකු පමණ අසල්වැසි වත්තේ දී ඇන්න බව ප්‍රකාශ කළේය. දෙබරු ඇනීමට හේතුව විමසා සිටි අවස්ථාවේ දී සිද්ධිය පිළිබඳ මවුපියන්ට තරුණයා ප්‍රකාශ කළේ කීමට වෙනත් දෙයක් නොතිබූ නිසාය. 


මවුපියන් සිංහල වෛද්‍ය ප්‍රතිකාර කරන ගම්මානයේ වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇතැයි වාර්තා වෙයි.



අදහස් (0)

පොල් හොරකමේ ගියාට තරු පේන දඬුවමක් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site