IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පොල් කැඩුවාට කුලිය ඩොලර් වලින්

(හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)
පොල්ගස් කිහිපයක පොල් කැඩීමෙන් පසුව ලැබිය යුතු කුලිය ඩොලර්වලින් ඉල්ලා සිටීම නිසා ගෙහිමි කාන්තාව අන්ද මන්ද වූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
 එම සිද්ධිය මෙසේය.


කන්ද උඩරට ප්‍රදේශයේ පොල් ගස් යහමින් තිබෙන එක්තරා ගම්මානයක පොල් කැඩීම සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු වෙන වෙනම දිනපතා එම ගම්මානයට පැමිණීම සාමාන්‍ය සිරිතකි. මෙදින ද එක් පුද්ගලයකු පොල් කැඩීම සඳහා එම ගම්මානයට පැමිණ ඇති අතර ගමේ ඇවිද පොල් කැඩීම සඳහා ඇති ගෙවතු සොයා ඔහු ගොස් තිබේ. 


මේ අතර එක් නිවසක ගෙහිමි කාන්තාව ඔහුට කතා කර තම ගෙවත්තේ පොල් ගස් කිහිපයක පොල් ගෙඩි කැඩීම සඳහා ඔහුට බාර දුන්නාය. පොල් ගස් නැගීමේ සූරයෙකු වූ මොහු ගස්  කිහිපයක පොල් කෙටි වේලාවක් තුළ කඩා  එම පොල් ගෙනවිත් නිවස අසලම දැමීමට කටයුතු කළේය. 


ඉන් අනතුරුව ඔහු ගෙහිමි කාන්තාව අමතා ඔන්න නෝනා මගේ වැඬේ නම් ඉවරයි. මට ලැබෙන්න ඕන මුදල ඉක්මනට ලැබුණොත් මට අනෙක් වත්තටත් ඉක්මනට යන්න පුළුවන්යැයි කීවේය.


එවිට ගෙහිමි කාන්තාව ගාන කීයදැයි ඇසුවාය. මගේ ගාණ ‘ඩොලර් මෙච්චරයි’ යැයි කීවේ ගෙහිමි කාන්තාව ද අන්ද මන්ද කරමිනි.


ඩොලර්වලින් දෙන්න මේක ඇමරිකාව නොවෙයිනේ ලංකාවේ රුපියල්වලින් ගාන කියනවා යැයි ගෙහිමි කාන්තාව ටිකක් සැරෙන් ඔහුට කීවාය.


ඒ ගැන කිසිවක් නොතැකූ ඔහු ‘මේකනෙ නෝනා වැඬේ මමත් දන්නවා මෙහේ ඩොලර් නැති බව. ඒත් නෝනා රුපියල්වලින් මම ගාණ ඉල්ලුව නම් ඒ ගාන අහල නෝන කලබල වෙනවා ඩොලර්වලින් කියන කොට ඒක ඇඟට දැනෙන ගානක් නොවෙයිනේ. එතකොට ඒක නෝනගේ හිතටත් සහනයක් නේ. ඒ හින්ද කිසිම ගැටලුවක් නෑ මම කිව් ඩොලර්වල ගාන මට රුපියල්වලින් දෙන්න යැයි ඇඟට නොදැනී කිවේය. 


ඒ ගාන හදල බලනකොට පොල් ගෙඩි විස්සක විතර ගාන බව ගෙහිමි කාන්තාව තේරුම් ගත්තාය. 

 



අදහස් (0)

පොල් කැඩුවාට කුලිය ඩොලර් වලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site