විහාරස්ථානයක පැවැති ආගමික උත්සවයකට සහභාගි වී එළියට එන අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයකුගේ සපත්තු යුගල ගලවා තිබූ තැනින් එර්දිවී තිබීමේ පුවතක් ඉකුත් දා වාර්තා විය.
විහාරස්ථානයක ධාතු ප්‍රදර්ශනයකට සමගාමීව පැවැති උත්සවයකි. ප්‍රදේශයේ පොලිසිය මගින් අවශ්‍ය සියලු ආරක්ෂක රැකවල් යොදා තිබිණි. පොලිස් ස්ථානාධිපතිවරයාද මෙහි කටයුතුවලට පුද්ගලිකවම සහභාගී වී කටයුතු කරන ලද්දේ හොඳ බොදුනුවකු වශයෙනි .
සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වූ අවස්ථා වේ ඊට වන්දනා මාන කිරීම සඳහා මෙම ස්ථානාධිපතිවරයාද ගියේ බැති සිතිණි. ඔහු විහාර භූමියට ඇතුළු වූයේ නිල ඇඳුමේ කොටසක් වූ සපත්තු යුගල දොරකඩ ගලවා තබාය.
වන්දනාවේ යෙදුණු ඔහු ටික වේලාවකින් එළියට පැමිණ සපත්තු යුගල පැලඳ ගැනීමට සොයා බලද්දී ඒ දක්නට තිබුණේ නැත. සහායක නිලධාරින් ඒ බව දැන ගත් පසු අවට පිරික්සා බැලුවත් සොයා ගැනීමට හැකි වූයේද නැත. විහාරස්ථානයට පැමිණි කිසිවකු ස්ථානාධිපතිවරයාගේ සපත්තු යුගල සොරාගෙන ගොස් ඇති බවට සැක පහළ වුණේ ඉන් අනතුරුවය.
බොහෝ වේලාවක් විහාරස්ථානයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් පැමිණ සිටි ස්ථානාධිපතිවරයා කර කියාගත දෙයක් නොහැකිව නිල රියට ගොඩවී පොලිස් ස්ථානය කරා ගියේ වෙනත් සපත්තු යුගලක් පැලඳ ආපසු විහාරස්ථානයට එන අදහස ඇතිවය.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිස් ලොක්කාගේ සපත්තු වාෂ්ප වෙලා