IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පොලිසිය දැකලා අමුතු ගැටයක් ගහලා

(ගිලීමලේ - අමරදාස අංගම්මන) 
ගැණුම්කරුවන්ට විකිණීම සඳහා සකස් කරමින් සිටි ගංජා මිටි කීපයක් පොලිස් නිලධාරියකු එනු දැක ගිල දැමූ කාන්තාවක පිළිබඳ අපූරු සිදුවීමක් රත්නපුරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 


වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය. පසුගිය දිනෙක මෙම කාන්තාව ගංජා විකුණන බවට දිගින් දිගටම පොලිසිය වෙත තොරතුරු ගලාඑන්නට වූයෙන් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇයගේ නිවස සෝදිසියට ලක් කර ගංජා ඇත්නම් ඒවාද සමඟ ඇය අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන ලෙස පවසා පොලිස් නිලධාරියකු හා පොලිස් නිලධාරිනියක එහි පිටත් කර යැවීය. 


එම අවස්ථාවේ පේර ගෙඩියක රස බලමින් ගංජා පැකට් සකස් කරමින් සිටි එම කාන්තාව මුලින් එනු දුටු පොලිස් නිලධාරියා දැක පැකට් කළ ගංජා මිටි ටික හා පේර ගෙඩියක ද රැගෙන වහා ගේ ඇතුළට දිව ගියාය. කර කියා ගත නොහැකි වූ ඇය එක්වරම ගංජා මිටි කීපය කටට දමා හොඳ හැටි සපා කා ගිල දැම්මාය. 


පොලිස් නිලධාරියා පසු පසින්  පොලිස් නිලධාරිනියක් පැමිණීමෙන් තම සිරුර ද පරීක්ෂාවට ලක් කරන බැවින් ගංජා මිටි තම යට ඇඳුම තුළ සඟවා ගැනීම භයානක බැව් අවබෝධ වූ ඇය ඒවා ගිල දැමීමට තීරණය කළාය.

තමන් දෙසට එනු දුටු කාන්තාව අතේ කිසිවක් ගුලි කර ගෙන නිවස ඇතුළට දිව යන අයුරු පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇසට ඒ වනවිටත් හසු වී තිබුණි. 


‘මොකද තමුන් අපි එනවා දැකලා ගේ ඇතුළට දිව්වේ. මොනවද ඔය කටේ දාගෙන ගිලින්නේ. ගංජා නේද අපි එනවා දැකලා බේරෙන්න ඕන නිසා ගිල දැම්මා නේදැයි’ පොලිස් නිලධාරියා ගෝරනාඩු කළේ. 
‘අනේ නෑ සර්’ ඇය පිළිතුරු දුන්නාය. 


‘එහෙනම් මොනවද ඔය අතේ ගුලි කරගෙන ඉන්නේ. කෝ පෙන්වනවා බලන්න තමුසෙ පිටිපස්සට හරවාගෙන ඉන්න අත’. 


පොලිස් නිලධාරියා කාන්තාවට එසේ කීවේ සැක හැර ගන්නටය.


‘සර් මගේ අතේ තියෙන්නේ පේර ගෙඩියක්. සර්ලා එද්දී මේ පේර ගෙඩිය කකා තමයි මං ඇතුළට ගියේ. සර්ලට අවිශ්වාස නම් ඕනෑම තැනක් සෝදිසි කරලා බලන්ඩ’. ඇය කීවාය. 


කාන්තාව පොලිසියට දාපු ගැටය පිළිබඳව මෙනෙහි කරමින් පොලිස් නිලධාරීහු ආපසු ගියහ.  

 



අදහස් (3)

පොලිසිය දැකලා අමුතු ගැටයක් ගහලා

himal Tuesday, 21 May 2019 05:57 AM

අර රේගුව කරනවා වගේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරේ නැත්තේ ඇයි?

:       10       20

ravi Tuesday, 21 May 2019 08:58 AM

මත්ද්‍රව්‍ය සමග පොලිසියට හසුවෙන.. හැම කෙනෙක්ම "පොලිසිය ඉදිරියේ ඒ මත්ද්‍රව්‍ය ගිලිනවා නම්" ඒක අපේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට ලැබිය යුතු හොඳම පිළිතුරයි..! සමහර රටවල්වල.. මත්ද්‍රව්‍ය සමග පොලිසියට හසුවෙන පුද්ගලයින්ට.. එයාගෙම මත්ද්‍රව්‍ය ගිල්ලවනවා.. ඒ විතරක් නොවෙයි.. ගුටිබැටත් දෙනවයි කියලා අපි අහලා තියනවා.

:       0       0

sampath Tuesday, 21 May 2019 12:07 PM

ගංජා කීවම පරීක්ෂණයකට ලක් කරන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site