IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ප්‍රී්‍ ෂූටින් අස්සේ මනාලියගෙන් ගුටි පූජාවක්

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තරුණ යුවළකගේ විවාහයට පෙර ඡායාරූප ගැනීමේ යෙදුණු ජායාරූප ශිල්පියකු හොර රහසේ මනාලිය වීඩියෝ කරන්නට යාමෙන් මනාලියගේ ගුටි බැට ප්‍රහාරයකට ගොදුරු වූ පුවතක් බස්නාහිර පළාතේ නගරයක උද්‍යානයකින් පසුගියදා වාර්තා විය.


විවාහය ලියා පදිංචි කළ තරුණ යුවළකි. විවාහයට දින නියම කර ඇත. නවතම යුගයේ හැඩ ගැස්ම අනුව ඊට පෙර යුවළගේ ඡායාරූප ගැනීමේ දිනය යෙදිණි. ජායාරූප හා වීඩියෝ කිරීමට ආ ශිල්පීහු විවිධ ඉරියව්වලින් දෙදෙනාගේ ඡායාරූප ගත්හ.


එක් අයෙක් මනාලයාට හා මනාලියට ඡායාරූප ගැනීම සඳහා වන ඉරියව් පෙන්වීය. යුවළ ඒ අනුව කටයුතු කරන්නට වූයේ සතුටිනි. මේ අතරේ ඡායාරූප ශිල්පියාගේ සහායකයා ද ජංගම දුරකතනයෙන් ඒ අවස්ථා ලබාගනු ලැබීය. මනාලයා ඉදිරියෙන් සිටිය දී මනාලිය සිටියේ පසු පසිනි. එක්වරම  මනාලියගේ හඬ ඇසිණි. අතපය විසි කරන බව ද පෙනිණි. මනාලයා පිටුපස බැලීය. මනාලිය සහායකයාට පෙරළාගෙන පහර දෙනු දුටුවේය.


මේ මිනිහා හොරෙන් මගේ .....  වීඩියෝ කරනවා මම දැක්කා. මනාලිය මනාලයාට පැවසුවේ හඬමිනි. මනාලයා සහායකයා අත වූ ජංගම දුරකතනය උදුරා ගනිද්දී එහි දර්ශන මකා දමන්නට සහායකයා උත්සාහ ගත්තේය.


මනාලයා ද පරාජය බාර ගැනීමට සූදානම් නොවීය. දුරකතනය  උදුරාගෙන පිරික්සද්දී ඔහු තම පෙම්වතියගේ මෙන්ම ඊට පෙර අවස්ථා ගණනාවක දී වෙනත් කතුන්ගේ රහස් පෙදෙස් වීඩියෝ කර ඇති දර්ශන දැකීමත් සමග මනාලයාගෙන් ද ගුටි පූජාවක් එල්ල විය.


 කරකියා ගත දෙයක් නැතිවූ ඡායාරූප ශිල්පියා යුවළගෙන් සමාව ඉල්ලීය. නීතිමය පියවරකට නොයන ලෙස ඉල්ලා සිටි ඔහු සහායකයා ඉවත් කර වෙනත් පිරිසක් යොදවා මංගල උළෙල නොමිලේ ඡායාරූප ගතකර දීමට පොරොන්දු වූයේ සිද්ධිය පැතිර ගියහොත් තමන්ගේ වෘත්තීය ජීවිතය විනාශ වෙන බව දන්නා නිසාය.


ඒ සමගම සහායකයා ළඟට කැඳවා කම්මුල් පහර කීපයකින් සංග්‍රහ කර පලවා හැරියේ යළි ඇසට පෙනෙන්නටවත් නොඑන ලෙසට දන්වමිනි.

 



අදහස් (1)

ප්‍රී්‍ ෂූටින් අස්සේ මනාලියගෙන් ගුටි පූජාවක්

Hareendra Thursday, 02 December 2021 02:22 PM

මනාලිය රෙදි නැතිවද ඉඳලා තියෙන්නේ ?

:       3       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site