IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පෝර උද්ඝෝෂණයට ගිය සැමියාට බ්රිඳගෙන් කොසු ප්‍රහාරයක්

(බළපිටියේ- එස්.ඒ.වයි. ද සිල්වා)
රසායනික පොහොර ඉල්ලා කරන ලද උද්ඝෝෂණයකට සහභාගී වී හොඳ හැටි සප්පායම් වී නිවෙසට පැමිණි අයකුට බිරියගෙන් කොසු ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තා වේ.


මොහු එදිනෙදා කුලී වැඩක් කරමින් දරු පවුල රක්ෂා කරන තිදරු පියෙකි. ප්‍රදේශයේ කාගෙත් හැම වැඩකටම සහය වන මොහුට කවුරුත් නිතර උදව් කළහ. පා පැදියේ උදැල්ලක් සහ කැත්තකුත් ගැට ගසාගෙන උදේ පාන්දර නිවෙසින් පිටව ගියේ පොරොන්දු වූ කුරුඳු ඉඩමක් උදලු‍ ගෑමටය.


මේ යන අතරවාරයේ දී මොහුට හමු වූයේ විපක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.


‘ඒයි මල්ලි කොහේද යන්නේ’


‘අයියේ මම අසවලාගේ කුරුන්ද උදලු‍ ගානවා. ඒකටයි මේ යන්නේ. අයියගෙ වත්තත් උදලු‍ ගාන්න තිබෙනවද’


‘නෑ නෑ ඒවා උදලු‍ ගාල තියෙන්නේ’


‘එහෙනම් මාව නතර කළේ ඇයි’


‘මේ අපේ අද රසායනික පොහොර ඉල්ලා කරන උද්ඝෝෂණයක් තිබෙනවා. අද එනවයි කිව්ව පිරිස ආවෙ නැහැ. උඹත් වරෙන් ඒකට යන්න’


‘අනේ අයියේ අදනම් එන්න විදියක් නැහැ. වැස්ස හින්ද දවස් දෙක තුනක් වැඩට යන්න බැරි වුණා. අදවත් කීයක් හරි සොයාගන්න යන්න ඕනා’


‘එහෙනම් අද උඹට මේකට එන්න බැරිද’


‘අනේ අයියේ අදනම් අමාරුයි වෙන දවසක එන්නම්’


‘අද ඕන වැඩේට වෙන දවසක ඇවිල්ල හරි යනවද. ඒක නොවෙයි උඹේ දවසෙ කුලිය කීයද’


‘රුපියල් 1800’ යැයි ඔළුව කසමින් කීය.


‘ඒ ගාන මම දෙන්නම්. මේක දවල් දොළහ වෙන්න කලින් ඉවර වෙනවා. උඹට ඉතිං ෂොට් එකකුත් දෙන්නම්’


අරක්කුවලට ගිජුකමක් දක්වන ඔහු ‘එහෙමනම් මම එන්නම්’ යැයි කීය.


‘හා හා බයිසිකලෙන් උදැල්ල ලිහාගෙන වරෙන්’


උදැල්ලත් කරේ තියාගෙන උද්ඝෝෂණයට සහභාගි වූ ඔහුට පොරෝන්දු වූ පරිදිම මත්පැන් ලැබිණි. පදමට වෙරි වූ විට රුපියල් පන්සීයකුත් දී පිටත් කළේය.


‘වැඩට යනවයි කියල ගිය මිනිහා කට ගොන්නක් බීගෙන මොකද මේ එන්නේ. මොකද වුණේ’


දවල් එකොළහ වෙනවිට වැනී වැනී බයිසිකලයත් තල්ලු‍ කරගෙන පුරුෂයා එන දුටු බිරිය ඇසුවාය.


‘මං අද වැඩට තමයි ගියේ. එහෙත් අපේ හිටපු මන්ත්‍රීතුමා හමුවුණා. එයා කිව්වා පොහොර ඉල්ලල කරන උද්ඝෝෂණයක් තියෙනවා, ඒකට සහභාගි වෙන්න කියල. මම බෑ කිව්වට එයාගේ බල කිරීම නිසා මට යන්න සිද්ධ වුණා. මිනිහ අහක දමන්නත් බැහැ. උදව් කරපු මිනිහ නොවැ’


‘ඕයි තමුසෙ රසායනික පොහොර ඉල්ලල උද්ඝෝෂණය කරන්න අපට කුඹුරු තියෙනවද. කුරුඳු ගහක්වත් තියෙනවද. මේ පර්චස් පහළොවේ තියෙන්නේ එකම එක පොල් ගහයි. ඒකත් අල්ලපු ගෙදර වහලටයි කියල ඒ ගෑනි කපන්න කියල කොච්චර කියනවද. අනික අපි මේ ඉන්න ගේ හදන්න උදව් කළේ දැන් ඉන්න මන්ත්‍රීතුමයි. ඔය මන්තිරියා උදව්වක්වත් කළේ නැහැ. අපි කොහොමද ඒ මිනිහගෙ මූණ බලන්නේ. ඔය රසායනික පොහොර කාල තමයි මගේ මේ වකුගඩුවකුත් නරක් වෙලා තිබෙන්නේ. තමුසෙට බොන්න දීපු එකා ළඟටම යන්නැ’යි කියමින් අතේ තිබූ කොස්සෙන් පහර දෙන්න වූවාය.



අදහස් (0)

පෝර උද්ඝෝෂණයට ගිය සැමියාට බ්රිඳගෙන් කොසු ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site