රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි
කඳු මුදුනක ගල් පර්වතයක තිබී ගොඩගත් නිධානයක තිබූ මැණික් ගල් කීපයක් ඊට සම්බන්ධ පුද්ගලයෙකුගේ නිවසක පරෙස්සමට තැබීමෙන් පසු කළුගල් කැබැලි බවට පත්වීමේ පුදුම පුවතක් අඟුරුවැල්ල නගරයට නුදුරින් පිහිටි ගම්මානයකින් අසන්නට ලැබිණි.
නිධානය ගැනීමට තීරණය කළ ගම්වැසි තරුණයෝ පිරිසක් හිතවතෙකුගේ මාර්ගයෙන් මාතර ප්‍රදේශයේ යකැදුරෙකු ද මෙකී කාර්යයට සම්බන්ධ කර ගත්හ. අනතුරුව කතිකා කරගත් පරිදි රාත්‍රී කාලයේ කඳු මුදුනට ගොස් අවශ්‍ය පුදපූජා කිරීමෙන් පසු නිධානය ගොඩගෙන තිබේ.
එහිදී එහි තිබූ පාත්‍රයක මැණික් ගල් කීපයක් තිබී ඇති අතර යකැදුරා පවසා ඇත්තේ තවදුරටත් පුදපූජා කීපයක් පැවැත්වීමට ඇති බැවින් පිරිසේ කෙනෙකු එම ගල් සති තුනක් පමණ යනතුරු සඟවා පරෙස්සම් කළ යුතුව ඇති බවය. එහිදී එයින් බියට පත්වූ කීප දෙනෙකු ඊට අකමැත්ත පළකළ නමුත් එක් තරුණයෙක් වගකීම භාරගත්තේය.
අනතුරුව අදාළ බාරහාර සිදුකිරීමෙන් පසු සති තුනක් ඉක්මවීමෙන් යකැදුරා යළි පැමිණ නිධානය ගැනීමට සහභාගි වූ පිරිස හමුවී තොරතුරු විමසා මැණික් ගල් පරෙස්සමට තැබූ තරුණයා සොයාගෙන ගොස් ඇත .
එවිට තරුණයාද වෙනසක් නොපෙන්වා බෑගයක් යකැදුරා අත තබා එහි ඇත්තේ මැණික් ගල් බව පවසා ඇත. යකැදුරා බෑගය පරීක්ෂා කර බැලූවිට එහි මැණික් ගල් වෙනුවට කළුගල් කැබැලි කීපයක් තිබූ නිසා පුදුමයට පත්වී කරුණු විමසා ඇත. එහිදී තරුණයා පවසා ඇත්තේ බෑගය පරෙස්සම් කළා මිසක් ඉන්පසු සිදුවී ඇත්තේ කුමක්ද කියා තමන් නොදන්නා බවය.
හොර රහසේ සිදුකළ බැවින් මේ පිළිබඳව පොලිසියට ද පැමිණිලි කළ නොහැකි නිසා පිරිස තරුණයාට නොසෑහෙන ලෙස බැනවදිමින් නික්ම ගොස් තිබේ. මෙකී සිද්ධියෙන් දින කීපයකට පසු තරුණයා ගමෙන් පිටවී අතුරුදන්ව ආගිය අතක් දැනගැනීමට නොහැකි වී ඇති බැව් මෙහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ ගම්වාසීහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරෙස්සමට දුන් මැණික් කළුගල් වෙලා