IMG-LOGO

පෙරවරු පස්වරු මාරුවී සිසු පිරිසකට ඇබැද්දියක්

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
පෙරවරු පස්වරු මාරුවීමකින් නියමිත බස් ගාස්තුව මෙන් දෙගුණයක් මුදල් වියදම් කරගෙන අම්පාරේ සිට කොළඹට පැමිණීමට සිසුන් පිරිසකට සිදුවූ පුවතක් පසුගියදා අසන්නට ලැබිණි.


කොළඹ ප්‍රදේශයේ උසස් අධ්‍යාපනයේ නිරත සිසුහු පිරිසක් පසුගිය දිනක නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරතවූහ. සාමාන්‍ය මගී ප්‍රවාහන බස් රථවලින් මෙම සංචාරය සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ ආර්ථික වශයෙන් කිසියම් වාසියක් එමගින් ලැබෙතැයි බලාපොරොත්තුවෙනි.


ප්‍රදේශයේ සංචාරය නිමකළ පිරිස පසුදින කොළඹ බලා පැමිණීමට බස් රථයක ආසන වෙන් කරවා ගැනීමට තීරණය කළහ. ඒ අනුව එක් සිසුවෙක් ගොස් පෞද්ගලික බස් රථයක ආසන දොළහක් වෙන්කරවා ගත්තේය. ඒ පසුදින පෙරවරු 9.45ට අම්පාරෙන් පිටත්වීමේ අටියෙනි. ඒ සඳහා වැයවූ මුදල රුපියල් 6360කි.


එදින රාත්‍රිය අම්පාරේ මිතුරකුගේ නිවසේ ගත කළ සිසු පිරිස පසුදින පෙරවරු නවය පමණ වන විට බස් නැවතුම්පොළට පැමිණියහ. තමන් ආසන වෙන්කරවා ගත් ටිකට් පත් කොන්දොස්තරවරයාට පෙන්වූ සිසුහු බසයට නැගීමට සූදානම් වූහ.


වහාම ඔවුන් බසයට නැගීම නතර කළ කොන්දොස්තරවරයා පවසා ඇත්තේ එම ටිකට්පත් නිකුත් කර ඇත්තේ පස්වරු 9.45ට එනම් පෙරදින රාත්‍රී 9.45ට පිටත්වූ බස් රථයට බැවින් පෙරවරු 9.45 බසයේ ආසන කලින් වෙන් කිරීම් නොකරන බැවින් මෙම බස් රියෙන් ගමන් කිරීමට ඉඩ දිය නොහැකි බවයි. අසරණ වූ සිසුන් එම ටිකට්පත්වලට ගෙවූ මුදල් ආපසු ලබා ගැනීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ පසු ඊළඟට පැමිණි ලංගම බස් රියෙන් කොළඹ බලා පැමිණියේලු.



අදහස් (0)

පෙරවරු පස්වරු මාරුවී සිසු පිරිසකට ඇබැද්දියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site