IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පැරදුණ දුක තුනීවෙන්න රැයක් පුරා කවි කියලා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප‍්‍රධාන පක්‍ෂයකින් තම ආසනයෙන් ඉදිරිපත්වූ අපේක්‍ෂකයා පරාජයට පත්වීම ගැන දුකෙන් මනාප නිකුත් කළ දින රාත‍්‍රියේ මධුවිත පානය කොට පසුදා පහන්වතුරු හිටිවන කවි කියමින් තම දුක තුනී කරගත් පුද්ගලයකු පිළිබඳ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එක්තරා ගම්මානයකින් වාර්තා වූ රසවත් පුවතකි මේ.

ඔහු තම ආසනයේ ප‍්‍රධාන පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත්වූ එම අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දිවා රැුයේ වෙහෙස මහන්සියෙන් වැඩ කළ අයෙකි. බොහෝ දෙනෙක් පක්‍ෂයේ අපේක්‍ෂකයින් කිහිප දෙනෙකුට වැඩ කළද ඔහු මනාප සෙවීමට උත්සාහ කළේ තම ආසනයෙන් ඉදිරිපත්වූ එම අපේක්‍ෂකයාට පමණි.

එම අපේක්‍ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයේ අපේක්‍ෂකයාගේ ඡායාරූපය සහිත පෝස්ටර් වැඩි ගණනක් ආසනය පුරාද ඉන් පිටද ඇලවුණේ ඔහුගේ අතිනි. හිටිවන කවි කීමට දක්‍ෂතා දැක්වූ ඔහු හිටිවන කවිද ඉදිරිපත් කරමින් ඡන්ද රැස්වීම්වල කතා පැවැත්වූයේ පැමිණි පිරිස් සතුටට පත් කරවමිනි. තම අපේක්‍ෂකයාට පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ වරම ලැබේය කියා දැඩි විශ්වාසයකින් බලාපොරොත්තුවකින් සිටි ඔහුට අපේක්‍ෂකයාගේ පරාජය මහත්වූ සිත් තැවුලකට හේතුවිය.

මනාප නිකුත්වූ දින රාත‍්‍රියේ ඔහු වසර 5 කට පමණ පසු මධුවිත ටිකක් සප්පායම්වී සිටියේ හිතේ ඇති දුකටම බව ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා දැන සිටියහ. එදින රාත‍්‍රියේ නිවසේ අයට හරිහැටි නිදා ගැනීමට ”හිටිවන කවි” බාධාවක් වුවද ඔව්හු එයින් මහත්වූ සතුටක් ලැබූහ. ඔවුන් මහත්වූ සතුටක් ලැබුවේ ඔහුගේ මුවින් පිටවූ පහත කවිය ඇසීමෙනි. එයින් කියවුණේ අපේක්‍ෂකයාගේ බිරිඳටත් වඩා අපේක්‍ෂකයාගේ මුහුණ ඔහු අතගා ඇති බවකි.

ඒ රුව සහිත පෝස්ටර් අලවන විටය.

 

මේ අත් දෙකෙන් ඇලවූ පෝස්ටර් ගාන

දන්නේ මා පමණි මැදියම රෑ පාන

අපෙ මැතිඳුන්ගේ ලස්සන ඒ සුදු මූණ

මැතිනිට වඩා අතගා ඇත මේ සේන



අදහස් (0)

පැරදුණ දුක තුනීවෙන්න රැයක් පුරා කවි කියලා

දයාල් Wednesday, 02 September 2015 07:11 AM

අපේක්ෂකයාගේ රැවුල කපපු බාබර් වෙන්න ඇති එයා සමහරවිට (නි)

:       0       0

පෙරේරා Wednesday, 02 September 2015 07:22 AM

මේ පැත්තේ මිනිස්සුටත් දැනුනා (අ)

:       0       0

රූපවති Wednesday, 02 September 2015 03:10 PM

අපි කුඩා කාලේ අල්ලපු ගෙදර හිටියා නිල්හාමි කියල මාමා කෙනෙක් හවස හය වෙනකොට සෙනෙහෙ වතුරෙන් ගානට පදම් වෙලා වැලිපාර දිගට තියෙන ගල් ගෙඩියක පය හැපුනත් පාලි භාෂාවෙන් ගමටම ඇහෙන්න ආමන්ත්‍රණය කරන ඒ මාම එළිවෙනකම් කවි සීපද කියන්නේ අමුම අමු සිංහල පාලි වලින් ..ඒ භාෂාව අපිට ඇහෙනවාට ..අපේ මෑණියන් ගෙදර හරියටම තිබණු ඒ රේඩියෝව සද්දේ ඇහෙන්න දමනවා ..ඒ සද්දේ ඒ මාමට ඇහුනු දවසට අපේ අප්පච්චිගෙයි අම්මාගෙයි නමත් ඒ පාලි භාෂාවෙන්ම පතුරු ගහනවා අපිට ඇහෙන්නේ රේඩියෝවේ බැටරි කෑලිටික පන නැති උනාම...?එත් කවදාවත් අද වගේ ඒ මාමල අපේ පවුල් ගහ මරාගෙන නැහැ. ගමේ ගැමිකම අදටත් සුවද දැනෙනා තරම්..? (අ)

:       0       0

සරත් Wednesday, 02 September 2015 07:38 AM

දයාල්, පළමුව පැහැදිලිව කියවන්න. ඔහු පෝස්ටරය අලවද්දී මුහුණේ රුව අතගාගෙනයි යන්නේ. තවමත් තේරුනේ නැද්ද? (නි)

:       0       0

රුපාවති Thursday, 03 September 2015 05:46 AM

මම ලෝකේ කොහේ හිටියත් හදවතින් ගමේ ජීවත්වෙනවා කවදාවත් ගමේ අතීත සිදුවීමක් මතක් නොවුණු දිනක් කොහෙත්ම නැහැ ..මම හරිම ආසයි ආදරෙයි මගේ පුංචි දුප්පත් ගමට ..? (ම)

:       0       0

සතිෂ් Wednesday, 02 September 2015 08:18 AM

ඇත්තටම ඒක, ඉතාම අහිංසක සංවේදී ප්‍රතිචාරයක්. මිනිස්සුත් එක්ක ගහ මරා ගෙන කුණු හරුප කියනවාට වඩා. (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 02 September 2015 04:58 PM

කොහොමත් ඉතින් දිනුවත් කියන්නේ බයිලානේ. බීලා කියන කවිත් බයිලාම තමා. (නි)

:       0       0

අමිල Wednesday, 02 September 2015 04:58 PM

අරවින්ද සහෝදරයා, නීරෝ රෝමයේ යම් කලක යුධ සෙනවියෙක් ලෙස සිටි නමුත් ඔහු සැබෑලෙසම දක්ෂ සංගීත වාදකයෙක්. සතුරන් අතින් මියයන මොහාතේ ඔහු කී අවසාන දෙය වන්නේ "මේ සමඟ මියයන්නේ කොතරම් දක්ෂ සංගීත වාදකයෙක්ද" යන්නයි. (නි)

:       0       0

ධම්ම Wednesday, 02 September 2015 08:59 AM

පැරදී කඳුළු සයුරේ කිමිදී නාන...කව් සිත අවදි කළ හිතවත් කිවිඳාන...අත ගෑ බව අසා ඔහුගේ සුදු මුණ...මැතිණිය වරදවා තේරුම් ගෙන ඔන්න.(ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 03 September 2015 09:05 PM

රුපවතී නංගියේ, උඹටත් ඉඳලා හිටලා අපේ ගැමිකම ගැමි සුවඳ දැනෙනවා නේද? ඒක තමයි අපේ පරණ මිනිසුන්ගේ තිබුන ගුණය. කෑමොර දුන්නට මරාගන්න ගියේ නැහැ. කවුරු මොනවා කිවුවත් ඕනෑම චණ්ඩියෙක් ගමේ වැඩිහිටියෙකුට අවනතවෙන හැදියාවකුත් අපේ ගම් වල තිබුනා නංගියේ. මේ මනුස්සයත් මේ පිටකරලා තියෙන්නේ අපේ ඒ මනුස්සකමේ අහුකොන් නේද කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

අරවින්ද Wednesday, 02 September 2015 09:04 AM

කලාව කියන්නේ ආවේග පිටකරන්න තියන හොඳම සහ අහිංසකම ක්‍රමයක් . රෝමය ගිනිගනිද්දී නීරෝ වීනා වාදනය කලෙත් ආවේග පිටකරන්න වෙන්න පුළුවන්.(ම)

:       0       0

දුමින්ද Wednesday, 02 September 2015 05:30 AM

කවි සිතක කදුළු (අ)

:       0       0

සුජාත Thursday, 03 September 2015 07:19 AM

මානසික ලෙඩ්ඩු කියන්නේ මේ අයටයි.(හේ)

:       0       0

සරත් Wednesday, 02 September 2015 11:23 PM

අපි කොහේ ගිහින් මොනදේ කළත් තමන්ගේ ගම ගෙදර වගේ සුන්දර තැනක් මට නම් හමුවෙලා නැහැ රූපා අක්කේ. (නි)

:       0       0

සිරිසේන Thursday, 03 September 2015 02:43 AM

රූපවතී නොදන්නා කරුණු ගොඩක් තියෙනවා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 286 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 598 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 277 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 803 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 888 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 696 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 808 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 207 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1250 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site