IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


පුරාජේරු ඇදබාන්න ගිහින් අලි අමාරුවක

නෝනා තමන්ට ආදරය කරනුයේ අවංකව බව මිතුරන්ට පෙන්වීමට ගිය අයකු වැටුණු අලි අමාරුවක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
තමන්ට ලැබුනු නෝනා මෙලොව ඉන්න හොඳම නෝනා බව කාර්යාලයීය මිතුරන්ට පෙන්වීමට ඔහු නොගත් උත්සාහයක් නැත. එයට හේතුවක් නොතිබුණාම නොවේ. ඇය ඔහුට පණ සේ ආදරය බව ඇය ප්‍රකාශ කර ඇත්තේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. එය සාක්ෂාත් කිරීමට ඇය ඔහුට නිවසේ දී සැලකුවේ දෙවියකු මෙනි.
වැඩ ඇරී එන වෙලාවට පෙර මග බලා උන්නාය නිවසට පැමිණි විට මුහුණකට සෝදන්න දුන්නේ උණු වතුරය. නිවසේ සිටින හැම වෙලාවකම ඔහුට කැව්වේ පෙව්වේ ඇයය. වැඩට යන විට ඉදිරියට එන්නේ ද ඇයය. ඒ විතරක්ම නොව පරිස්සමින් ගිහිල්ලා එන්න මම ඔයා එනකං බලා ඉන්නවා යයි කීවේ ද ඇයය.


උදේ වැඩට  නිවසින් පිටත්වන  ඔහු නොපෙනී යන තුරුම අත කඩා ගන්නා තරමටම අත වැනුවේද ඇයය. ඇයගේ මේ ක්‍රියා දාමයන් නිසා ඔහු සිටියේ පිනා ගොස්ය. ඇයගේ ලෝකයේය. සිහින රජ දහනක භාර්යාවගේ මේ ආදර සැලකුම් සියල්ලම ඔහු කාර්යාලීය මිතුරන්ට කියා ලැබු සතුට අපමණය.
මේ නිසාම සමහර මිතුරන්ට ඔහු සමග ඇති වූයේ ඊර්ෂ්‍යාවකි.  සිය බිරින්දෑවරුන් සමග ආවේ තරහකි. සිය භාර්යාවගේ පුරාව ගැහීම නිසා සමහර මිතුරන්ට ඔහු මහ ඇණයක් වූ අවස්ථා නැත්තේ ද නොවේ.
ඔහු භාර්යාවගේ පුරාව ගැසීමට පටන්ගත් විට එතනින් මාරුවී යන මිතුරෝද සිටියහ. ඔහු තරහ වන නිසා අකමැත්තෙන් වුවත් එය අසා සිටි අය ද සිටියහ. ඒ අතළොස්සකි. ඔහු උදේ කාර්යාලයට එමින් සිටිය දී සුළුරිය අනතුරකට ලක්වන්නේ මේ අතරය. ඔන්න බලාපල්ලා මම එක්සිඩන්ට් වුණායි කියලා දැන ගත්තම මගේ නෝනා කෑමොර දී අඬන හැටි යයි ඔහු මිතුරන්ට කීවේය. ඉල්ලීම අනුව මිතුරකු ලව්වා භාර්යාවට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය.
මහත්තයා රිය අනතුරකට ලක්වෙලා කලබල වෙන්න එපා, යයි මිතුරා ඔහුගේ භාර්යාවට කීවේය. ගත් කටටම ඇය ඇහුවේ බයිසිකලයට ගොඩක් ඩැමේජ් ද කියාය. දුරකතනයේ ස්පීකර් දමා කෙරුණු මේ සංවාදය ඔහු මෙන්ම කාර්යාලයේ සැලකිය යුතු මිතුරෝ පිරිසක් ද අසා සිටියහ. දැන් බයිසිකලය කොහේද යන්න ද ඇය ඇසුවාම ඔහුට පොළොව පළාගෙන යන්න සිතුනාලු‍.
නැහැ, නැහැ බයිසිකලයට පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ. මහත්තයාට තමයි ටිකක් තුවාල වෙලා තියෙන්නේ. බයිසිකලයයි මහත්තයයි දෙන්නම කාර්යාලයේ ඉන්නවා යයි මිතුරා කීවිට හා ඇත්තද ඇති යාන්තම් කීවා. මිස ඔහු කී පරිදි භාර්යාව ඔහු රිය අනතුරට ලක්වුණා යයි කියමින් මර හඩ තලා අඬන්න තියා නිකන්වත් ඔහු ගැන නොඇසුවේ ඔහුට භාර්යාව අවංකවම ආදරය කරනා සැටි මිතුරන්ට හරි අපූරුවට ප්‍රදර්ශනය කරමිනි.

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත

 



අදහස් (0)

පුරාජේරු ඇදබාන්න ගිහින් අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site