(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)
හිස් වැසුමක් පැළඳ නොයාමේ වරදට දහවල් දඩපත්‍රිකාවක් ලැබුණු යතුරුපැදිකරුවකු එදින රාත්‍රි හිස් වැසුමක් පැළඳ බීමත්ව යළි යතුරුපැදිය පදවමින් සිටියදී නාකියාදෙණිය ප්‍රදේශයේදී පෙරේදා (12) රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් යක්කමුල්ල පොලිසිය පවසයි.
සැකකරු විවාහකයෙකු වන අතර නාකියාදෙණිය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක් නැරඹීම සඳහා යමින් සිටියදී මොහු පොලීසියට කොටුවී ඇත. හිස්වැසුමක් පැළඳ නොමැතිව යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මොහුට පොලිසිය නාකියදෙණිය ප්‍රදේශයේදීම දඩ පත්‍රිකාවක් නිකුත්කොට තිබුණි.
සැකකරු පොලිස් ඇපමත මුදා හැරීමට නියමිතව ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව යක්කමුල්ල පොලිසිය පවසයි. යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත, පො.සැ. (27992) එදිරිසිංහ, පො.සැ. (33067) ගුණරත්න, පො.කො. (36621) සිතුමිණ යන නිලධාරීන් විසින් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පැය 24ක් තුළ යතුරු පැදිකරුවා දඩ දෙකක් කාලා