IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පියා බලන්න රෝහලට යන්න නොදුන්නාම පුතා අමුතුම විදියකට විරෝධය පාලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී. විජේසිංහ)
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය පියාට දහවල් බත්පත රැගෙන යාමට රෝහල් ආරක්ෂක අංශය ඉඩ නොදීමට විරෝධය පා ආරක්ෂක අංශ ඉදිරියේදී බිම වාඩිවී එම බත්පත ලිහාගෙන කෑ පුතකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ රෝහලකින් වාර්තා වේ.


රටේ දැනට උද්ගතවී ඇති ආරක්ෂක තත්ත්වය මත එම රෝහලේ නේවාසික රෝගීන් බැලීමට රෝහල් ආරක්ෂක අංශ වෙතින් අවසර පතක් නිකුත් කර තිබිණි. එම අවසර පත නොමැතිව රෝගීන් බැලීමට රෝහල් ආරක්ෂක අංශ කිසිසේත්ම ඉඩ නොදී තිබිණි.


මේ පුත්‍රයාට එදින එම අවසර පත ගෙන ඒමට නොහැකිවූයේ අමතකවීමෙනි. පියාට දහවල් බත්පත ලබාදීමට පමණක් මතකයේ තිබූ ඔහුට නිවසේ තිබූ අවසර පත ගැන මතක් නොවූයේ ගෙදර අය ද ඒ පිළිබඳව මතක් නොකළ නිසාය.


දුරබැහැර ගෙවා රෝහලට පැමිණි ඔහු සිය පියාට දහවල් බත දීමට රෝගීන් බැලීමට නියමිත වේලාව එනතෙක් පෝලිමේ සිටියේය. නියමිත වේලාව එළැඹුනි. ඔහු ද සිය පියා නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටුව සඳහා යාමට සැරසුණි. ඒ අවස්ථාවේ රෝහල් ආරක්ෂක අංශ රෝගියා බැලීම සඳහා රෝහලෙන් නිකුත් කර තිබූ අවසර පත්‍රය ඉල්ලා සිටියේය. දෙවියන් බුදුන් සිහිවූයේ එවිටය. 


එය ගෙන ඒමට අමතක වූවා යැයි කීවත් ඔහුට සිය පියාට දහවල් බත් පත රැගෙන යාමට ඉඩ ලබා නොදුනි. කොතරම් පෙරැත්ත කළත් ඒ සඳහා ඔහුට අවසර නොලැබිණ.


සිය පියාට බත්පත ගෙනයාමට ඉඩ නොදුන්නොත් එය මෙතනම දිගහැර තමා කන බවට ආරක්ෂක අංශ වෙත තර්ජනාත්මකව කීවත් ඔවුහු එය ගණන් නොගත්හ. ඉන්පසු ඔහු රෝගීන් බැලීමට පැමිණි දෙනෝදාහක් බලා සිටියදී ආරක්ෂක අංශය ඉදිරිපිට බිම වාඩිවී පියාට ගෙන ආ බත්පත ලිහාගෙන කෑවේය.

 



අදහස් (7)

පියා බලන්න රෝහලට යන්න නොදුන්නාම පුතා අමුතුම විදියකට විරෝධය පාලා

nimal Thursday, 13 June 2019 06:47 AM

මෝඩ ආරක්ෂක නිලධාරීන්...... පරික්ෂා කරල යවන්ඩ තිබුණනේ..... මැටි මෝල්ලු

:       20       302

asanka Thursday, 13 June 2019 10:14 AM

කෙනෙකුට මෙවැනි අමතක වීමක් සිදුවිය නොහැකිද? මෙවැනි මෝඩ "ආරක්ෂක නිලධාරීන්" බොහෝ විට තමන්ගේ බල පුලුවන්කාරකම පෙන්නන්නේ අහිංසක මිනිසුන්ටයි.

:       80       383

sarath perth Friday, 14 June 2019 05:05 AM

ආරක්ෂක නිලදාරීන්ට තිබුනේ බත්පත ඉල්ලාගෙන බෙදා හදාගෙන කන්නනේ.

:       3       21

kapilaFriday, 14 June 2019 09:45 AM

මෙවැනි "ආරක්ෂක නිලධාරීන්" එසේ නොකිරීම ගැන මම පුදුම වෙමි.

:       0       132

imesh Friday, 14 June 2019 06:03 AM

කාටද රිදුනේ කව්රුද හැඬුවේ..?

:       0       7

රන් බන්ඩා Sunday, 16 June 2019 02:19 AM

ඕකුන් දොස්තර කෙනෙක් බෝම්බයක් ගෙනාවොත් නැවෙනවා. අහිංසක මනුස්සයෙක් ආවම තමයි මුන්ගේ ලොකුකම...

:       0       39

Rasika Tuesday, 18 June 2019 06:21 AM

තාත්ත පව්- බඩගින්නේ

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site