IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පියාගේ තුන්මාසේ පින්කම දා මිනීවල ලග මත් සාදයක් දාලා

පියාගේ තුන්මාසේ පින්කම ලොකු පුතා මහගෙදර නිවසේ පවත්වන අතරේ බාලපුතා එය තම මිතුරන් පිරිසක් සමග පියාගේ මිනීවළ ළඟ සැමරූ බව කියන පුවතක් වයඹ පළාතේ එක්තරා ගමකින් පසුගිය දා අසන්නට ලැබුණි.
මත්වතුර සාදයක්වූ බව කියන එය ශබ්ද පූජාවකින් තොරව රහසිගතව පැවැත්වීමට සංවිධානය කෙරුණ ද අවසානයේ වෙරි සොරිවූ බවත් කියති.
මේ පිළිබඳව වැඩිදුරටත් ලද තොරතුරුවලට අනුව දූදරුවන් පිරිසකගේ පියෙකු වූ මියගිය තැනැත්තා කෘෂිකර්මයට සම්බන්ධව සිටි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි.
තුන්මසකට පෙර මියගොස් ඇති ඔහුගේ එම පින්කම පසුගිය දිනකට යෙදී තිබී ඇත. ඊට අවශ්‍ය සියලු‍ කටයුතු අසල්වාසීන්, ඥාතීන් ඇතුළු පිරිසකගේ ද සහය ඇතිව ඔහුගේ බිරිඳ හා දූදරුවන් විසින් ඔහු පදිංචිව සිටි මහගෙදර නිවසේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම පවුලේ තවමත් අවිවාහකයකු වූ බාලයා සමාජශීලී අයකු වන අතර ඔහු ගමේ ඕනෑම වැඩකට ක්‍රියාකාරීව සහාය දක්වන පුද්ගලයෙකි. 


කෙසේ වෙතත් ඔහු දැඩි ලෙස මත්ලෝලියකු බවත් මේ නිසාමදෝ ඔහුට යාළු මිත්‍රයන්ද බොහෝ සිටියි. කණ්ඩායමක් සේ සිටින මෙම පිරිස අදාළ ගමේ පොදු කටයුත්තකදී නැතිවම බැරි පිරිසක් බවට පත්වූවෝද වෙති. ගස් නැග ගොක් අත්තක්, තැඹිලි ඉත්තක්, පුවක් ඉත්තක් ආදිය කැපීමේ සිට අදාළ තැනක උයනපිහන, සැරසිලි කරන, හදිසි ගමන් බිමන් යන මිනී කර ගහන, අඩුපාඩු සොයා බලා නොකියාම පිරිමහන, වලිබලි බේරන, ඒ වාගේම අවශ්‍ය නම් වලි අදින්නට වුවද මෙම පිරිස සූදානම් බවත් මේ නිසා ඔවුන්ට ගමේ කොයි කවුරුත් මහත් ගරුසැලකිල්ලක් දක්වති.
ඒ අනුව මෙම පින්කමේදී සුපුරුදු පරිදි පළමු දින රාත්‍රී මහා සංඝයා වහන්සේ නමක් වැඩමවා  ධර්මානුශාසනාවක් පැවැත්වීමටත් පසුදින සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමටත් නියමිත වී ඇත. දින කිහිපයක සිටම පවුලේ අය ඊට සූදානම්වී ඇති අතර මෙහිදී පින්කම ආසන්න දිනවල බාලපුතුගේ මිත්‍ර කණ්ඩායම ද එහි වැඩකටයුතුවලට එකතුවී ඇත. 
කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීමේ දී ඔවුන්ටම ආවේණික සුපුරුදු ක්‍රමවේදයන් ඇති අතර එම ඇතැම් රහස් ක්‍රමවේදයන් භාවිතකර කිසිවකුටත් නොදැනෙන පරිදි කෑමට පෙර කිසිවෙකුටත් කරදරයක් නොවන අයුරින් රහසිගතව තම වියදමින්ම අනුපාන වර්ග සප්පායම් වෙන අවස්ථාද ඇති බවත් කියති.
කෙසේ වෙතත් පින්කමේ පළමු දින ආරාධිත විශාල පිරිසකට ආහාරපානාදියද සූදානම් කරමින් බොහෝ පිරිසක් එහි විවිධ වැඩ රාජකාරිවල යෙදෙමින් සිටින අතරේ අදාළ කණ්ඩායම සමග පින්කමේ බරවැඩවලටම කරඋරදී සිටි තම බාල පුතුට සවස් වෙද්දී කළයුතු විශේෂ වැඩක් පිළිබඳව ඔහුගේ මව (මියගිය අයගේ බිරිය) ඔහුට උපදෙස් ලබා දී ඇත. ‘පොඩි පුතා ඔයා යාළුවකුත් සමග හවස කනත්තට ගිහින් තාත්තගෙ  වළ ළඟ කැලේ වැවිල ඇත්නම් සුද්දකරල රෑ වෙද්දි වළ ළඟ පහනක් එහෙම පත්තුකරල තාත්ත මතක් කරල එන්න’ යැයි මව උපදෙස් දී ඇත.
මෙහිදී ඉබ්බා දියට දමනවිට ඇන්නෑවේ කීවා යැයි කියන්නා සේ සතුටට පත්ව ඇති පුතු ඒ බවක් මවට නොපෙන්වා වැඩිවේලාවක් නොගෙන ඊට අවශ්‍ය කළමනා සපයාගෙන ඇති අතර ඒ අතරේ මේ පිළිබඳව සිය කණ්ඩායමේ සගයන්ව දැනුම්වත් කිරීමට ද ඔහු එහිදී කටයුතුකර ඇත.
එහිදී ඔවුන්ගේ භාෂාවෙන් තවත් වැඩක්ද සංවිධානය වී ඇති බවත් ඒ අනුව අඳුර වැටීගෙන එන යාමයේ මිතුරු කණ්ඩායමේ එකා දෙන්නා කනත්තට පැමිණ ඇති බවත් එසේ ඇවිත් ඇත්තේ නිකම්ම නොව මත් සාදයකට අවශ්‍ය කළමනාදියද රැගෙනය.
ඒ අනුව පැමිණි මූලිකම කාරණය වූ පියාගේ මිනීවළ ළඟ සුද්ද පවිත්‍රකර ඇති පුතු ඇතුළු පිරිස ඊට පහනක්ද පත්තුකිරීමෙන් අනතුරුව ඒ ආසන්නයේම පිහිටි මහ ගසක් අසල මත් සාදයටද සෙට් වී ඇත.
මෙහිදී අඩියෙන් දෙකෙන් ආරම්භ වී ඇති සාදය පඩියෙන් දෙකෙන් ඉහළට යද්දී වැඩියෙන් බිව්වන්ට උන්හිටි තැන්ද එසේම ඇතැමුන්ට ගිවිසගත් පරිදි නිශ්ශබ්දතාවය සුරැකීමට ද අපොහොසත්වී ඇති බවත් කියති.
එහිදී වෙරියෙන් වැටී විරියෙන් නැගිට අන් අයට හොරෙන් හුරේ දමමින් පින්කම් ගෙදර දෙසට යමින් සිටි කණ්ඩායමේ සගයකුට කනත්තට ගිය තම බාලපුතු සහ ඔහුගේ යාළුවා තවත් නැත්තේ මන්දැයි බලන ලෙසට මව කළ දැනුම්දීමකට අනුව යතුරුපැදියකින් කනත්ත දෙසට එමින් සිටි තරුණයන් දෙ‍දෙනෙකු හමුවී ඇති බවත්, සිදුවී ඇත්තේ කුමක්දැයි යන්න එහිදී අවබෝධකරගත් තරුණයන් දෙදෙනා කනත්ත දෙසට නොගොස් දෙදෙනාට මැදිවන සේ වෙරිකරුද යතුරුපැදියට නංවාගෙන ඔහුගේ නිවසට ඇරලවා  ආපසු පින්කම් ගෙදරට ගොස් ඇත.
පසුදිනට එළිය වැටෙන්නටත් පෙර මෙම සිද්ධිය පින්කම් ගෙදර හරහා ගමටම ආරංචිවී ඇතත් තරුණ කණ්ඩායමේ හැටි දන්නා කිසිවකුත් ඒ ගැන කිසිවක් ප්‍රසිද්ධියේ නොකියන බවත් මෙහිදී අනාවරණය විය.

 

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



අදහස් (0)

පියාගේ තුන්මාසේ පින්කම දා මිනීවල ලග මත් සාදයක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site