IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පියෙක් පුතාගේ දුරකථනය ලේලියගේ මවට විකුණලා

තම පුතාගේ ජංගම දුරකථනය සොරකම් කර ලේලියගේ මවට විකුණා තිබූ සැකකරු සහ එම ජංගම දුරකථනය මිලදී ගත් බව කියන පුතාගේ බිරිඳගේ මවද (ලේලියගේ මව) කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

කටුගස්තොට ප‍්‍රදේශයේ නිවසක තිබූ රුපියල් 3,11,00ක් පමණ වටිනා රන් භාණ්ඩ මුදල් හා ජංගම දුරකථනයක් සොරකම් කර ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පරීක්ෂා කළ පොලිසිය මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

සොරකම් කළ බව කියන ජංගම දුරකථනයේ සිම්කාඞ්පත උපයෝගි කරගෙන කරන ලද තාක්ෂණික පරීක්ෂණයක් අනුව එම දුරකථනය පැමිණිලිකරුගේ බිරිඳගේ මව ළඟ තිබී පොලිසියට හමුවී තිබේ.

ඒ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ කිරිමේදී එම දුරකථනය පැමිණිලිකරුගේ පියා විසින් බිරිඳගේ මවට රුපියල් 1000කට විකුණා තිබූ බව අනාවරණය වී තිබේ.
කෙසේ නමුත් ජංගම දුරකථනයක් සොරකම් කිරීම හා ළඟ තබා ගැනීමේ චෝදනා මත පැමිණිලිකරුගේ පියා හා බිරිඳගේ මව අධිකරණයට ඉදිරිපත් කළ බවත් පැමිණිල්ලේ එකඟත්වය මත අනෙකුත් භාණ්ඩ පිළිබඳව තීරණයක් ගන්නා බවත් පොලිසිය කියයි.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දේශපි‍්‍රය ජයතිලක මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ශාන්ත බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ, සැරයන් ජයරත්න යන මහත්වරු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ.
 



අදහස් (0)

පියෙක් පුතාගේ දුරකථනය ලේලියගේ මවට විකුණලා

අවිශ්ක Tuesday, 03 September 2013 10:42 AM

මටත් හිතෙන්නේ වරුණ ගෙදර අයටත් කැපිලි කෙටිලි දානවා වගේ. (ස)

:       0       0

චන්දි Thursday, 05 September 2013 08:18 PM

ඇයි !! බෙහෙත් දෙන්නද....? පයිරුස් ....., ඔයා ඩොක්ටර් කෙනෙක්ද....?(නදී)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 01:21 PM

හේරත් මහත්තයෝ ඔයාට කඩේ බංකොලොත් කරගන්න ඕන වෙලාද ?එයාගේ කඩේ කරගන්න බැරුව බදු දීල පොලු තියල රට පැන්නා. ඕනෙම නම් ආප්ප දාන්න විතරක් ගන්න.(නදී)

:       0       0

සරත් Tuesday, 03 September 2013 10:48 AM

ෂික් ! රූපවතී අක්කා කියන්න වගේ අපේ තාත්තටත් හිතෙන්නේ නෑනේ ඉක්මනට මාවත් ටිකක් ඇහැට කනට පෙනෙන නැන්දම්මා කෙනෙකුට උගස් කරන්න! සින්නක්කර උනත් කමක් නෑ! (ස)

:       0       0

සශීමාල් Tuesday, 03 September 2013 10:58 AM

නඟයි මස්සිනයි යාලු ඇති. (ස)

:       0       0

මොහොමඩ් කොනකපාල Tuesday, 03 September 2013 11:05 AM

මොකද හැම කෙනෙක්ම මාමණ්ඩියට විතරක් බනින්න්නේ!! (ස)

:       0       0

චන්දි Tuesday, 03 September 2013 11:12 AM

ෂා!!! මං දන්නැනේ සරත් .., ඒ වගක් .., අපරාදේ ඔයාලගේ තාත්තගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ !!! මං කෝල් එකක් දීලා සින්නක්කරම ලියා ගන්න (මට නොවෙයි) අපේ ආච්චිට එයා තාමත් ඇහැට කනට පේනවා (මොකද රුප.. අක්කේ මගේ අදහස හොද නැද්ද...? ) ලියන්න තියෙන්නේ මෙච්චරයි මේ වගේ තාත්තලා රටටම සාපයක් පුතාගේ දේ හොරකන් කරන අප්පෙක් ගැන මින් මතු අසන්නට නොලැබේවා කියා පතමි (ස)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 12:10 PM

අපේ තාත්තා ඒ කාලේ බණ්ඩාර ගේ ගෙවල් පැත්තේ ගිහින් තියෙනවා වගේ. බණ්ඩත් ඒකනේ මටම කැපිල්ලම දාන්නේ? (ස)

:       0       0

කන්නන්ගර Tuesday, 03 September 2013 12:11 PM

අනේ චන්දි මටත් පෙලවහක් කරගන්න උදව් කරන්නකෝ. මටත් දැන් 42 ක් විතර වෙනවා ! (ස)

:       0       0

රූපවතී Thursday, 05 September 2013 10:38 PM

මම දන්නවා දිසානායක කොලුවා මට ආදරෙයි කියලා. මගේ ෆර්මසිය බංකොලොත් උනත් දුකක් නැහැ දැන් ...?(නදී)

:       0       0

සරත් Tuesday, 03 September 2013 12:27 PM

චන්දි , මට අපේ තාත්තගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවනි! ඒත් මට තියෙන ප්‍රශ්නය මට ඔයාට පුංචි අම්මා කියන්න වුනොත්! (ස)

:       0       0

අරුණි Tuesday, 03 September 2013 12:28 PM

වරුණ ඔච්චර තරහ ගන්න එපා. දැන් වැඩත් අඩුයිනේ. ශිෂ්‍යත්වෙත් ඉවරයිනේ. (ස)

:       0       0

රූපවතී Wednesday, 04 September 2013 03:13 PM

දිසානායක මල්ලි මම දන්නවා ඔයා හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා ...ජීවන බරත් එක්ක අර කාගේ දෝ කොලු පැටියෙක් හැමදාම ඉස්කෝලෙට ඇදගෙන යනවා. ඒ මදිවට, ඔයාගේ නෝනා කෙට්ටු මහතා වැඩී කියලා, කෙට්ටු වෙන්න බොන බේත්, මගේ ෆර්මසියෙන් ඔයා ණයට ගත්තු බෙහෙත් වල බිල මම එකතු කරලා දිනෙත් එක්ක කැලැන්ඩරේ ලියලා අවේ මීට අවරුදු 12 කට පෙර.ඒක දැන් පටවු ගහනවා.පොලිය පිට පොලිය ...මගේ මනුස්සකමට ලෝකයට නොකියා හිටියේ ...ණය මුදල ගෙවා දැම්මොත් හොඳයි ...?මගේ ෆාමසියත් බදු දීලා තියෙන්නේ. ඔයාලා ණයටම බෙහෙත් අරන් මාව බංකොලොත් වුනා...? මේ සිංහල අවුරුද්දටවත් කලින් ණය ටික ...ලැබුනොත් ...? (ස)

:       0       0

දිනු Tuesday, 03 September 2013 05:57 PM

නියම බිස්නස් එක (දී)

:       0       0

නාමල් Tuesday, 03 September 2013 06:00 PM

රූපවතී අක්කා පිටි කොටන්න, මිරිස් අඹරන්න එහෙම දන්නේ නැතිව ඇති නේද?(නදී)

:       0       0

ශානිකා Tuesday, 03 September 2013 06:17 PM

අනේ මටනම් හිනා වෙලා මැරෙන්න එනවා මේ අදහස් දැක්කම. මේ නැන්දම්මල, මාමන්ඩිලා බෙදා ගන්න බැරුව අපේ අය රණ්ඩු වෙන හැටි.(නදී)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 01:12 PM

ඔන්න කන්නන්ගර ඕනෑමනම් පෙලවහක් කර ගන්න අරුණි ඉන්නවා කතාකරල බලන්න (දී)

:       0       0

චන්දි Tuesday, 03 September 2013 01:16 PM

කන්නන්ගර !! මේ අහන්න .., ඔය වල පයයි ගොඩ පයයි ඉන්න ඔයාට මොන පෙළවහද අනේ !!! ඔන්න ඔහේ .., මලක් පුජා කොරලා ., බණක් අහලා .. ඉතිරි කාලෙත් ගෙවා ගන්න බලන්නකෝ !!!!! (ස)

:       0       0

චන්දි Tuesday, 03 September 2013 01:20 PM

ආ.., සරත්!! නරක් වෙලා හිටියි .., මට පුංචි අම්ම කියන්න වුනොත් !!! හරි හරි .., මේ ඔයා මට පුංචි අම්මා කියන්න අකමැති නම් ''සුදු අම්මි'' කියන්නකෝ කතාව ඉවරයිනේ !! (ස)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 04:14 PM

රූපවතිට ඕනේ උනේ මට මඩ ගහන්න නෙමෙයි. එයාගේ ෆාමසිය ගැන ලොකුකම් කියන්න ..දැන් හරිනේ හැමෝම දන්නවා ප්‍රමිතියක් නැති බෙහෙත් විකුණලා අහුවෙලා හිරේ ගියා කියලා අපි දන්නවා. (ස)

:       0       0

ෂෙරිෆ් Wednesday, 04 September 2013 09:42 AM

අපේ ගමත් ඔය කියන ගම කිට්ටුවමයි. කටුගස්තොට ප‍්‍රදේශයේ ඔය වගේ සිද්ධි හුඟක් වෙනවා. ඕනෑම හොරකමක් කරලා පවුලේ උදවිය සමග ගණුදෙණු කරගන්නවා. ලොකු උන්නැහැ හවසට සප්පායම් වෙන්න රුපියල් 1000කට ජංගම දුරකථනය විකුණන්න ඇති. (නි)

:       0       0

අරුණි Tuesday, 03 September 2013 01:33 PM

වරුණ ශිෂ්‍යත්වෙන් පස්සේ තව ඉගන ගන්න ඕනේ! පස්සේ පුළුවන් මගුල් කපුකම් කරන්න. ඒකට ටිකක් වයස යන්න ඕනේ ! සාමාන්‍ය පෙළ දක්වාවත් ඉගන ගන්න! (දී)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 09:56 AM

මේ නිව්ස් එක රූපවතිලාගේ පවුලේ කතාවක්. ඔය කෑගහන්නේ ඒ හින්දා. මොනවා වෙතත් රූපවතිලාගේ මාමණ්ඩි කරලා තියෙන්නේ දෙකොනින් හිනා යන වැඩක් (ස)

:       0       0

කටා මාමා Wednesday, 04 September 2013 10:22 AM

දවසක් පාසලේදී ගුරුතුමෙක් උස් හඩින් ගුත්තිලය ලිවේ කවුද ළමයිනේ කියලා ඇසුවාම, මම නම් නෙමේ සර් කිව්වලු ළමයෙක්. සිනා ගිය ගුරුතුමා සවස ගෙදර ගිහින් නෝනට කීවාලු සිද්ධිය, වෙන්න බැහැ ඌම තමයි ලියන්නේ ඇත්තේ කීවාලු නෝනත්. මේ නෝනලත් ඇරපු අතක් නෑ ඒ වගේමයි !!! (ස)

:       0       0

සේකර Tuesday, 03 September 2013 01:54 PM

මේ... නැන්දම්මා අදුරන්නේ නැද්ද බෑනාගේ දුරකථනය (දී)

:       0       0

රූපවතී Wednesday, 04 September 2013 10:27 AM

ඇත්තටම ...හිතා ගන්නවත් වෙලාව මදි වුනා...? අපේ දිසානායක කොලුවාගේ තාත්තා වෙන්න බැරිද මේ වැඩේ කලේ ....?පහුගිය වෙසක් මහේ දිසානායක මල්ලිගේ නැන්දම්මත් තාත්තත් සමඟ පොඩි කසු කුසුවකුත් ගමේ පැතිරුණා.....?දිසානායක මල්ලි ඕවට හැම වෙලේම හොට දමන නිසා,මේ වින්නැහිය වෙලා තියෙන්නේ....? (ස)

:       0       0

ම්ර්ෆ් Thursday, 05 September 2013 12:55 PM

@ රුපවති ඔයාගේ වැඩේ ලන්කදීපයට අදහස් දාන එකද? (දී)

:       0       0

ශාකිතා Wednesday, 04 September 2013 10:37 AM

සරත් ඇයි අනේ ඔයාට මේ අදහස් කියෙව්වම එක පාරක්වත් හිනා ගියේ නැත්ද?මට නම් මේ කතාවට වඩා අදහස් වලට හිනා ගියා. ලේ ටික පිරිසිදු කර ගන්නවා මම එහෙම හිනා වෙලා. ටිකක් හිනා වෙලා බලන්න.(නදී)

:       0       0

රූපවතී Tuesday, 03 September 2013 02:17 PM

සරත් මල්ලි කැන්ටිමේදී.. මොකුත් වලියක් ගියාද ?හිඟ සල්ලිත් ගෙවලා ඉවර නම් මොකද ..?නැති නම්, චන්දි නංගි කවදාවත් ඔයාව එයාගේ ආච්චි අම්මට කරකාර බන්ඳලා දෙන්න තීරණය කරන් නැහැ...? (ස)

:       0       0

හේරත් Wednesday, 04 September 2013 10:56 AM

මේ, රූපවතී, ඔයාට වැඩක් ඇත්තෙම නැත්නම් මගේ කඩේ රැකියාවක් දෙන්නද? (නි)

:       0       0

හේරත් Wednesday, 04 September 2013 10:56 AM

අනේ රූපවතී ඔයාට වැඩක් ඇත්තෙම නැත්තම් මගේ කඩේවත් රස්සාවක් දෙන්නම්. (ස)

:       0       0

හේරත් Friday, 13 September 2013 09:25 PM

රුපවති නෝනා, ඔයා අද අර බේත් පෙති ගත්තේ නැහැ නේද? (නි)

:       0       0

රූපවතී Tuesday, 03 September 2013 02:39 PM

චන්දි නංගි, අදහසනම් බොහොම හොදයි සරත් මල්ලිට ඕනනම් දවල් කාලේදී විතරක් හා තාත්තට ඇහෙන්නයි පමණක්, පුංචි අම්මේ කීවට කමක් නැහැ. අදහසත් හොදයි. මම හිතාගෙන හිටියේ අපේ දිසානායක මල්ලි විතරයි කලකිරීමෙන් ජීවත් වෙන්නේ කියලා. බලනකොට අපේ සරත් මල්ලිටත් කල කිරිලා වගේ.(නදී)

:       0       0

රූපවතී Friday, 06 September 2013 02:43 PM

ඔව් සරත් මල්ලි ..මේ එසැන හැම ..කෙනෙක් ගැනම හදවතේ ඇත්තේ අප්‍රමාණ සහෝදර බැදීමක් ...? අපි ගොඩක් වාසනාවන්තයි කියල දැනෙනවා හිතට ...අපි හැමෝම පින් වන්තයි ...?(නදී)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 02:43 PM

හරි අරුණි නැන්දේ... මම පොඩි තමා. එත් කන්නන්ගර මාමාට 42ලු .අරුණි නැන්දට ගැලපෙන වයස.(නදී)

:       0       0

රූපවතී Tuesday, 03 September 2013 02:44 PM

කන්නන්ගර, ඔයාට තවම වයස මදි. අඩු තරමේ ඔයාලට වයස 65 ක් වත් යන්න ඕන කසාදයක් කරගන්න. සාමාන්‍යෙයන් ඇහැට කනට පෙනෙන කෙනෙක්ව. නැත්නම් ඔයාලා ගස් උඩමයි ඉන්නේ.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 05 September 2013 01:38 PM

මර්ෆ්, ඔයාට ප්‍රශ්නයක්ද ඒක? අදහස් දාන එක වැරදිද? (නි)

:       0       0

සරත් Tuesday, 03 September 2013 10:17 PM

ශානිකාට මේ අදහස් දැකල හිනා වෙලා මැරෙන්න එනවා කියන්නේ ! ඔයත් සතුටින් මේ ඔක්කොම අදහස් කියවනවා කියන එකයි! එහෙනම් මෙම අදහස් දෙයියෝ සාක්කි තිරයට හොඳටම ගැලපෙනවා ! පුවතටත් අදහස් වලටත් දෙකටම හිනා වෙන්න පුළුවනි! (දී)

:       0       0

කිරුළු Tuesday, 03 September 2013 03:39 PM

අයියෝ රුපවති අක්කේ

:       0       0

ම්ර්ෆ් Sunday, 08 September 2013 11:46 AM

චන්දි ඔයාටත් බෙහත් ඔනවෙලද? (දී)

:       0       0

සරත් Friday, 06 September 2013 09:09 AM

දිසානායක විතරක් නෙමෙයි අපි ඔක්කොම රූපවතී අක්කට ආදරෙයි.(නදී)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 09:50 AM

මරු තාත්තලා නැන්දම්මට මුකුත් කියන්න බැහැ. අඩුවට හම්බ වුන නිසා මස්සිනාව විශ්වාස කරලා ගන්න ඇති. (ස)

:       0       0

පයිරූස් Thursday, 05 September 2013 07:36 PM

රූපවතිට කියනකොට මොකද දිසානායක පනින්න්නේ?ලෙඩක් ද?(නදී)

:       0       0

රූපවතී Tuesday, 03 September 2013 10:24 AM

පුදුමම තාත්තලානේ...?හොඳ වෙලාවට පුතාව අහු නොවුනේ? නැතිනම් ඒ කොලු පැටියාවත් ඇහැට කනට පෙනෙන නැන්දම්මා කෙනෙකුට උගස් කරනවා ෂුවර් ...? (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 03 September 2013 10:40 AM

වරුණගේ තාත්තත් ඒ වගේද. හැබැයි කැපිලි කෙටිලි නම් හොඳම නෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 630 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 764 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 659 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1242 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 721 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 779 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 642 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 166 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1191 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site