IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පෙම්වතිය අන්දවා රන්මාලය උස්සා කොල්ලො එක්ක කුඩු ගහලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
සිය මවට අසනීපයක් සැදී ඇතැයි පවසා පෙම්වතියගේ කරේ පැලඳගෙන සිටි රන් මාලය ඉල්ලාගෙන ගොස් උකස් කර හෙරොයින් පානය කර ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයාගේ මව්පියන් කුලී වැඩ කරන අතර තරුණයා උසස් පෙළ විභාගයෙන් අනතුරුව හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව වාර්තා වෙයි. දැනට මෙම තරුණයා රැකියාවක් නොකරන අතර මව්පියන් හරි හම්බ කරන වැටුපෙන් මුදල් බලහත්කාරයෙන් හෝ සොරකම් කරගෙන ගොස් හෙරොයින් පානය කරයි.


මෙම තරුණයා අල්ලපු ගමේ තරුණියක සමග වසරක පමණ කාලයක සිට සම්බන්ධතාවක් ද මව්පියන්ට හොර රහසේ පවත්වාගෙන ද යයි. තරුණියගේ මව්පියන් සිය දියණිය කුඩු කාරයෙක් සමග සම්බන්ධතාවක් පවත්වන බව දැනගෙන ඇති අතර අවස්ථා ගණනාවකදීම එය නතර කරන ලෙස දැන්වුවද තරුණිය සම්බන්ධතාව අතහැරියේ නැත.


තරුණයාට හෙරොයින් පානය කිරීමට මුදල් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක පෙම්වතිය මුණ ගැසීමට ගොස් තිබුණි. එහිදී තරුණයා පවසා ඇත්තේ තම මව හදිසියේ අසනීප වූ බවත් පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාදීමට මුදල් නැති බවත් ප්‍රකාශ කළේය. 


සිය මව අසනීපයෙන් සිටින අයුරු තමාට බලාසිටිය නොහැකි බවත් පුළුවන්කමක් තියෙනවා නම් කරේ දාගෙන ඉන්න මාලය තමාට දෙන ලෙසත් අම්මා පඩි ගත්තහම ඉක්මනට බේරා දියහැකි බව තරුණයා පැවසීය.


පෙම්වතාගේ බැගෑපත් ඉල්ලීම ඉවත නොදැමූ තරුණිය වහාම කරේ දමාගෙන සිටි මාලය ගලවා දී ඇති බව ද වාර්තා වෙයි. පසුව තරුණයා විදුලි වේගයෙන් දිවගොස් ගමේ තරුණයන් තිදෙනකු සමග ත්‍රිරෝද රථයකින් කෑගල්ල නගරයට ගොස් මාලය රුපියල් 55 000 ට උකස් කර හෙරොයින් ද ගෙන පානය කර රාත්‍රියට රයිස් කොත්තු කා ඇති බව ද වාර්තා වෙයි.


පසුව තරුණිය රන් මාලය පිළිබඳ පෙම්වතාගෙන් ඉකුත් දිනක දී විමසා සිටි අවස්ථාවක තරුණයා සම්පූර්ණ සිද්ධිය තරුණිය හමුවේ දිග හැර ඇති බව වාර්තා වෙයි. 

 



අදහස් (0)

පෙම්වතිය අන්දවා රන්මාලය උස්සා කොල්ලො එක්ක කුඩු ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site