IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


පෙම්වතියගෙන් ඇද්ද සල්ලිවලින් පෙම්වතා වෙන දීගයක් කරගෙන

මංගල උත්සවය සඳහා සූදානම් වීමට දියණියගේ බැංකු ගිණුමේ මුදල් ගැනීමට යාමේදී මවුපියන් මුහුණ දුන් අපහසුතාවක් ගැන දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. සිද්ධිය මෙසේය.
මවුපියන්ට ඉතාමත් පියකරු ලස්සන දියණියක් සිටියාය.  පවුලේ එකම දරුවා  වූ ඇයට මවුපියන් දැඩි ආදරයක්  දැක්වූ අතර, මවුපියෝ ගොවිතැනින් උපයා ගන්නා මුදල් දියණියගේ බැංකු ගිණුමක තැන්පත් කිරීමට කටයුතු කළහ.
ඇය පාසල් යන වයසේදී ඇති කරගත් ඇසුරක් මත ගොඩ නගාගත් ආදර සබඳතාවයක් පවත්වාගෙන ගිය  තරුණයකු, තමා විවාහයට තෝරාගෙන ඇති බව තරුණිය මවුපියන්ට පැවැසුවාය. මවුපියන් තරුණයාගේ වතගොත විපරම් කර බැලීමේදී, අසල ගමක වත්පෝසත් කම් අතින්  අඩු, පවුල් පසු බිමට නොගැළපෙන අයකු බැවින් එම තරුණයා සමග විවාහ වීම සුදුසු නැති බව මවුපියෝ දියණියට කීහ. ඔවුහු ඊට විරුද්ධත්වය පළ කළහ.


තරුණිය මේ ගැන තරුණයාට දැනුම් දීමෙන් පසු තරුණයා යෝජනා කළේ “මවුපියන්ට හොරා විවාහ වෙමු” කියාය. ඒ සඳහා දිනයක්ද නියම කෙරිණි. එම අදහසට එකඟ වූ තරුණිය, වියදමට මුදල් තම බැංකු ගිණුමෙන් ලබා ගැනීමටද තීරණය කළාය.
එක් දිනක් නගරයේ බැංකුව වෙත ගිය තරුණිය සහ තරුණයා තරුණියගේ බැංකු ගිණුමෙන් විශාල මුදලක් ලබා ගත්හ. මුදල් ගත් ඔවුන් රෙදි පිළි කඩයකට ගොස් තරුණියට අවශ්‍ය සාරි, ගවුම් රෙදි ආදි අවශ්‍ය දේ මිලට ගැනීමෙන් පසුව, ඉතිරි මුදල් ටික තරුණයාට දී ඇයට අවශ්‍ය රත්‍රන් බඩු මිලට ගන්නා ලෙස ඉල්ලා සිටියාය.
නියම කරගත්  දිනයට විවාහ වීමේ අපේක්ෂාවෙන් පසු වූ තරුණියට, තම පෙම්වතා කලින් මෙන් ඇමැතුම් නොදී, හමු වීම මග හරිමින් කාලය ගෙවී යන අතරතුර නියම කරගත් විවාහ වීමේ දිනයද පසුවී ගියේය.  ඉතාම වේදනාවට පත්ව සිටින ඇයගේ නමට තැපෑලෙන්, ලියුමක් ලැබුණි. එය තම පෙම්වතාගෙන් බව දැනගත් ඇය ලිපිය විවෘත කර බැලීය.“ආදර......., මම ඔයා සමග විවාහ වෙනවට දෙමාපියන් කැමැති නැහැනේ. මොකටද දෙමාපියන්ගෙ හිත රිද්දවන්නෙ. අර සල්ලි වලින් මම මගේ ඥාති නැගණියක විවාහ කරගන්නට කටයුතු කළා. මම ඇය සමග දැන් ජීවත් වෙනවා. ඔයාගෙ සල්ලි පුළුවන් දවසක මම ආපසු දෙන්නම්.  කළ උදව්වට බොහොම ස්තුතියි ! මීට - ආදරෙන් සිටි ....... මම වෙමි.
ලිපිය කියවීමෙන් පසු  මළානිකව ගිය තරුණිය තම කාමරයේ ඇඳට ගොස් සිදුව ඇති අවාසනාවන්ත තත්වය ගැන කඳුළු සලන්නට විය. මවුපිය විරෝධයෙන් පෙම්වතාත්, මුදලු‍ත් අහිමිවීම ගැන ඇය දුක් වූවාය.

 

මාවරල  ජී.එස්. මද්දුමගේ

 



අදහස් (0)

පෙම්වතියගෙන් ඇද්ද සල්ලිවලින් පෙම්වතා වෙන දීගයක් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1080 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 417 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site