මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි
හාල් කිලෝ දහයේ මල්ල පාපැදියේ තිබියදී පාපැදිය නවතා කඩයකට ගොස් එද්දී හාල් මල්ල අතුරුදන් වීමේ සිද්ධියක් වලස්මුල්ල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.
ඔහු ගැමියෙකි. ඉන්ධන සපයා ගැනීමට නොහැකි වීම නිසා යතුරුපැදිය අතහැර පාපැදිය සිය ගමනට බිමනට ඔහු යොදා ගත්තේය. පසුගිය දිනක ඔහු නගරයට ආයේ හාල් තුනපහ ටිකක් අරගෙන යාමටය. හාල් කිලෝ දහයක් මිලදී ගත් ඔහු එය පාපැදියේ ලගේජයේ තැබුවේ එහි ඇති අගුලේ ආධාරයෙනි. තවත් බඩු මුට්ටු කිහිපයක් හැඬලයේ එල්ලා තිබියදී ඔහු තවත් කඩයකට ගියේ බිත්තර මිලදී ගැනීම සඳහාය.
ඔහු සිය පාපැදිය කඩය ආසන්නයේ පාර අයිනේ නවතා ගිය අතර, බිත්තර මිලදී ගෙනවිත් බලද්දී හාල් මල්ල අතුරුදන්ය. කිසියම් පුද්ගලයකු ඒ අසල සිට ගමන් කළ බවට ඔහුට තොරතුරු ලැබිණි.
රටේ උද්ගතව පවතින ආර්ථික අහේනිය නිසා මේ ආකාරයේ සොරකම් සිදුවන බව එක්රොක් වූ ජනතාවගේ අදහස විය.
සිද්ධිය ගැන පොලීසියට පැමිණිල්ලක් කරන ලෙසට කෙරුණු යෝජනාව ද පසෙක දැමූ ගැමියා, තවත් හාල් මල්ලක් මිලදී ගෙන නිවෙස බලා පිටව ගියේ ගෙදර බත් මුට්ටිය උස්සන දිනය වැඩි ඈතක නොවන බව පවසමිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාපැදිය නවතා කඩේකට යද්දී හාල් මල්ල උස්සලා
fairoos Wednesday, 01 June 2022 12:30 PM
බමුණා වගේ අයට දැන් සැපයිද? ඉන්න හිටින්න රටක්..