IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පාපැදිකාරයාගේ මුව අාවරණයට පොලිසියත් හොල්මන්

(මාවරල පී.එස්. මද්දුමගේ)
කොරෝනා වසංගත තත්ත්වයත් සමග ජනතාවගේ භාවිතයට පැමිණි මුව ආවරණ සම්ප්‍රදාය තුළ විවිධ සමාගම් නොයෙක් නොයෙක් මාදිලියේ මුව ආවරණ විවිධ මිල ගණන් යටතේ වෙ​ෙළඳපොළට එක් කිරීමට කටයුතු කර තිබේ. එසේ වුවත් දකුණෙ ගම්මානයක වැඩිහිටියකු අලු‍ත් තාලේ  මුව ආවරණයක් භාවිත කිරීමේ සිද්ධියක් වාර්තාවේ.


ඔහු විවාහකයෙකි. දරුවන් දෙදෙනකුගේ පියෙකි. ස්ථිර රැකියාවක් නොකළ ඔහු මවුපියන්ගෙන් උරුම වූ බට පොතු කර්මාන්තයේ නිෂ්පාදන  පා පැදියකින් දුරබැහැර ගම්මානවලට ගෙන ගොස් අලෙවි කර මිල මුදලක් සොයා ගැනීම ජීවන වෘත්තීය විය. 


කොරෝනා නිරෝධායන ඇඳිරි නීතිය නිසා තම වෙළෙඳාම සුපුරුදු ලෙස කර ගැනීමට අවස්ථාවක්ද නොලැබුණ නිසා, මොහු ආර්ථික දුෂ්කරතාවලින්ද  පීඩාවට පත්ව සිටියේය.


තම වෙළෙඳාමට අදාල දේ නිපදවන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන  කොරෝනාවට අවශ්‍ය ජනතාවට කලක් භාවිත කළ හැකි උපකරණයක්  නිර්මාණය කිරීමට හෙතෙම උත්සාහයක නිරත විය. උත්සාහයෙන් නිමැවුම සාර්ථක විය.


දිනක් වෙ​ෙළදාමේ ගොස් එන අතර තුරදී, පොලිස් නිලධාරීහු ඔහු නතර කර, ඇඳිරි නීතිය  කඩ කිරීමේ වරද ගැන දැනුවත් කළහ. ඒ අතරතුර ඔහුගේ මුව ආවරණය  ගැන විපරමින් බැලූ පොලිස් නිලධාරී මහතෙක් ඒ ගැන ප්‍රශ්න කළේය.


“රාලහාමි මේ මාස්ක් එක මගේම නිෂ්පාදනයක්. වේවැල් හීන්වෙන්න ඉරා සිනිදුවට සුද්ධ කර තවත් වේවැල් රාමුවක් නාසය නිකට  අනුව හැඩ ගන්වා එය රාමුවලෙස සකසා වේවැල් වලින් කිරිගොටු වියන ආකාරයට මෙය වියා ගන්නවා. ඊට පසුව ඇතුළතට සාමාන්‍ය රෙදි කැබැල්ලක ආවරණයක් යොදා භාවිතයට ගන්නවා. දිනකට එක ගානේ කඩවල තියෙන මාස්ක් අරගෙන දිනපතා භාවිත කිරීමට කීයක් නම් වියදම් කරන්න වෙනවද? දුප්පත් අපට මේකෙන් ඒ වියදම අඩු වෙනවා. මේකට අවශ්‍ය රෙදිකඩක් ඇතුළත ආවරණය සඳහා යොදා ගැනීම පමණයි. ජීවිත කාලයටම මේකෙන් ඕනෑ එකයි.


පොලිස් නිලධාරීන්ට මෙම අලු‍ත් මුව ආවරණය (මාස්ක්) ගැන ප්‍රශ්න  කිරීමට  කිසිම අදහසක් නොමැති වූයේ ඔහුගේ අසරණකම තේරුම් යාම නිසාය. වැඩිදුර ප්‍රශ්න කිරීමකින් තොරව ඔහුට යාමට අවසර දුන්නේ පොලිස් නිලධාරීන් කීප දෙනා එකිනෙකාගේ මුහුණ බලද්දීය.

 



අදහස් (3)

පාපැදිකාරයාගේ මුව අාවරණයට පොලිසියත් හොල්මන්

Shan Sunday, 19 September 2021 02:09 AM

ලංකාවේ අය ගොඩක් බුද්ධිමත් හා විවිධ දක්ෂතා තියෙනවා.

:       0       8

de silva berlin Sunday, 19 September 2021 09:31 PM

මහපාරේ යනකොට මාස්ක් දමාගෙන යන්න ඕනේ ලංකාවේ පමණයි. ලෝකයේ අනිත් රටවල් මාස්ක් දමන්න අවශ්‍ය වෙන්නේ පොදු ප්‍රවාහන සේවා වලදී සහ ජනතාව ගැවසෙන ගොඩනැගිලි තුල, කඩසාප්පු සුපිරි වෙළදසැල් වල පමණයි

:       4       3

sampath Sunday, 19 September 2021 10:44 PM

මේක අගය කලයුතු නිර්මාණයක්

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site