(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරල ආරච්චි)
සිය පණමෙන් ආදරය කළ රැකබලා ගත් පෙම්වතිය අනිකෙකු ගේ බිරියක් බවට පත්වීමට යෑම නිසා සිත් තැවුලට පත් පෙම්වතෙකු මංගල සාදයට කේක් ගෙඩියක් තුළ පෙම් හසුනක් යැවීමේ පුවතක් අවිස්සාවේල්ල නුදුරු ගම්නියම්ගමකින් වාර්තාවෙයි.
වාර්තාවෙන අන්දමට සිද්ධිය මෙසේය.
ඇය ඇවැස්ස නෑනාය. ඔහු ඇවැස්ස මස්සිනාය. පොඩි කාලයේ ඉඳලාම නෑනා පොඩිත්ති මස්සිනා පොඩිත්ත බලාගන්නවා. වැඩිහිටියන් විහිළු තහළු නොකළා ද නොවේ. අම්මා තාත්තා නැන්දා මාමා මෙම දෙදෙනාගේම ඇස් දෙක සමාන වූහ.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය ගමට පායන පුන්සඳ මෙන් ගමටම රූමත් තරුණියක වූවාය. කෙසේ වෙතත් දෙදෙනාගේ ලෙන්ගතුකම සැබෑ ආදරයක් බවට පත්ව දෙදෙනාම පෙම්වතුන් බවට පත්වූහ. දෙපාර්ශ්වයෙන්ම එයට බාධාවක් ද නොවීය. කෙසේ වෙතත් පෙම්වතියට සරසවි වරම් ලැබ සරසවියට ඇතුළු වීමට වාසනාව උදාවිය. තරුණ පෙම්වතාට ඒ වාසනාව උදා නොවීම නිසා පියාට අයත් බේකරියේ වැඩ ටික කරගෙන ගියාය. එනිසා එක් අවස්ථාවක දී පාන් බාස් විය. තවත් අවස්ථාවකදී පාන්කාරයා බවට පත්විය.
නගා ඔයා විශ්වවිද්‍යාලයට යෑම මම ලබපු ජයග්‍රහණයක්. ඔයා වෙනුවෙන් මම උපයන සෑම සතයක්ම යොදවනවා. අයියණ්ඩි මම විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන රැකියාවක් ලබාගෙන ඔයා සමග එකතු වීමයි මගේ එකම පැතුම. විශ්වවිද්‍යාලයට ඇතුළු වූ දා කී කතාව අද පුස්සක් වෙලාය.
කාලය ගෙවී ගියේය. උපාධිය ද හිමි විය. රජයේ උසස් රැකියාවක් ද ලැබුණි. සේවා ස්ථානයේ නිලධාරි මහතෙකු සමග ඇතිවූ ප්‍රේම සම්බන්ධතාවක් මත පළමු පෙම්වතා අමතක විය. පසුව ඇයගේ මවු පියන් දෙදෙනා අනාගත නව සහකරුට කැමැත්ත ද පළ කර තිබුණි.
කල කිරීමට පත්වූ පළවූ පෙම්වතා කළ යුතු කිසිවක් නොමැති බැවින් මංගල දිනයේ මංගල කේක් ගෙඩිය තමා විසින් සාදා උත්සව ශාලාවට එවන බව මනාලියගේ මවුපියන්ට දන්වා තිබිණි.
නැකැත් හෝරා උදාවිය. උත්සව ශාලාව මනාලියගේ සහ මනාලයාගේ ඥාති මිත්‍රයින්ගෙන් පිරී පැවතිණි. පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරිණි. නමුත් පළමු පෙම්වතා පැමිණ නැත.
නැකතට අනුව කේක් ගෙඩිය කපන අවස්ථාව උදා විය. පිහිය අතට ගත් මනාලිය පිහියෙන් කෑල්ලක් කැපුවා පමණි. එයින් මතු වූයේ ලිපියකි. ලිපියේ මෙසේ සඳහන් වී තිබිණි.
ගැහැණු චපලයි කියන එකේ සත්‍යයක් ඇත. උගන්වා තැනකට ගෙන යන ලද පාන්කාර මස්සිනා අමතක කර දැමීමට දෛවය සරදම් කර තිබේ. ඔබ මට නැති වූවාට කම් නැත. මුල අමතක කිරීම මවුපියන් දෙදෙනා අමතක කර දැමීමක් වැනිය. ඔබ දෙදෙනාට ආසිරි පතමි.
මීට පාන් බාස්
යනුවෙන් එහි සඳහන් කර තිබුණි.
එම අවස්ථාවේ කිසියම් උණුසුම් තත්ත්වයක් ඇතිවුවද පසුව සමථයකට පත්විය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පාන් බාස්ගේ ප්‍රේමය නෑනන්ඩියගේ මගුල් කේක් ගෙඩිියේ