IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පිනා පාරෙන් මළ ගෙදරට පාත් වෙන්න ගිහින් කනේ පාරක් කාලා

රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන
තම මිතුරකුගේ අවමගුල් අවස්ථාවකට යමින් සිටි ගැටවරයකු මෙවර පැවැත්වෙන අ.පො.ස. විභාගයට යන බව අඟවා මළගෙදර ආසන්නයේ  තිබූ විදුහලක් අසලට සැප රියකින් ගොස් රහස හෙළි වීමෙන් පසු ජීවිතයට අමතක නොවන කනේ පහරක් කෑ පුවතක් දෙනියායක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


මේ වනවිට රටේ ඇති දුෂ්කර තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වන ලද්දේ දරුවන්ට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන ලෙසත් නොහඳුනන දරුවෙකු වුවද විභාගයට යන්නේ නම් තමාගේ වාහනයේ හෝ ගෙනගොස් විභාගය පැවැත්වෙන විදුහලට ගෙන ගොස් දමා දරුවන්ට පිහිට වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමෙන්ද අනතුරුවය.


කෙසේ වුවද විභාගය පැවති පසුගිය දිනෙක මෙම ගමෙහි තරුණයකුට සැල වූයේ ඔහුගේ හොඳම මිතුරාගේ මිත්තණිය මියගොස් ඇති බවයි.


සිද්ධිය දැනගත් වහාම ජැන්ඩි පහට සුදු ඇඳුමකින් සැරසී නිවසින් පිටත් වූයේ තම මිතුරාගේ නිවසට යාමේ අටියෙනි. බස්රථයක් පැමිණෙන තෙක් බස් නැවතුමේ සිටින අතරේ ඔහු සිහින මැව්වේ විභාගයට යන අයුරින් වාහනයක නැග පිනාපාරක් යා ගත හැකි වුවොත් වාසනාවක් යනුවෙනි.


අවමගුල තිබූ නිවසට සැතපුම් පහක් පමණ තිබුණි. මේ වන විට වෙලාව අටයි තිහ පමණ වී තිබූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන නිලධාරියෙක් රැස්වීමක් සඳහා තම පෞද්ගලික මෝටර් රථයෙන් යන අතරතුරදී මෙම දරුවා දැක වාහනය නතර කර විභාගයට යන දරුවෙක් දැයි විමසීය.


තරුණයා එක්වරම පාත්වූ වාසනාවට පිටු නොපා පැවසුවේ ඔව් යන්නයි. විදුහලේ නම විමසූ විට මළ ගෙදර ආසන්න විදුහලක නම සඳහන් කළ අතර නිලධාරියා තමා යාමට පැමිණි ගමන ප්‍රමාද කර මේ දරුවා පෙරවරු නවයට පෙර විදුහලට ඇරලීය.


කොලු‍වාද සැපසේ වායු සමීකරණය කළ වාහනයක යාමට වාසනාව ලැබීම ගැනත් තමාගේ කපටි නුවණ ගැනත් යටි සිතින් සිතමින් ගොස් මළ ගෙදර ආසන්නයේ තිබූ විදුහල ලඟින් බසිනවාත් සමඟම මෙම නිලධාරියාට සැකයක් දැනී පුතේ admission (ප්‍රවේශ පත්‍රය) පෙන්වන්නැයි ඉල්ලීය. මෙම තරුණයාට හීන් දාඩිය දැමීමට පටන් ගත් අතර  ගොත ගසමින් ඇත්ත සිද්ධිය  හෙළි කරනවාත් සමගම මෙම නිලධාරියාගේ කෝපය ඉහවහා ගොස් අත දිග හැර කනේ පාරක් දුන්නේය.


වටයක් කැරකී බිම ඇදවැටුණු කොලු‍වාට ලු‍ණු ඇඹුල් හැර දෙක තුනක් කියා වාහනයට නැගි නිලධාරියා රැස්වීමට යන විට වේලාව ද පසු වී තිබුණි.



අදහස් (0)

පිනා පාරෙන් මළ ගෙදරට පාත් වෙන්න ගිහින් කනේ පාරක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site