කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පිනට අඩිගහන මිතුරාට අමතක නොවන පාඩමක් උගන්වන්න ගොස් අමතක නොවන පාඩමක් ඉගෙන ගත් මිතුරන් පිරිසක් පිළිබඳව අපූරු පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ.
ඔහු අංක එකේ පින් අඩි කාරයෙකි. මිතුරන් බොන පාටිවලට ගියත් ඔහු එයට රුපියලක දෙයක් එක් නොකළේය. මිතුරන් එකතුවී ඇති තැන ඉවෙන්මෙන් හඳුනා ගන්නා ඔහු එතනට කඩා පාත්වෙන්නේ කතා කරන්නට ලොකු මාතෘකාවක් ද රැගෙනය. සමහර ඒවා පට්ටපල් බොරුය . හතරැස් ඒවාද ඒ අතරවිය.
අනාරාධනයෙන්ම වීදුරුවක් කටට හලා ගන්නේ එදා දවසේ කතාව තව තවත් රස කර කීමට මෙනි. එතැනින් නොනවතින ඔහු සිතේ ඇති තරමටම කටේ වත් කර ගනුයේ මත් වී සිටින මිතුරන්ට ඒ පිළිබඳව වගේ වගක් නැති බව හොඳින් දන්නා නිසාය.
මුවින් නොබැන්නත් මිතුරන් සිටියේ මේ ගැන විරසකයෙනි. ඔහු නැති තැන මේ ගැන මිතුරෝ කතා කළහ. ඒ වරක් දෙවරක් නොව කිහිප වරක්මය.
එදත් මිතුරන් ස්ථානගත වී ඇති තැන ඔහු සොයාගෙන ගියේය. වෙනදාට වඩා එදා කවුරුත් ඔහු හොඳින් පිළිගත්තෝය. වෙන්කර තිබූ වීදුරුවකට ඔහුට එකක් දෙකක් දුන්නෝය. ගතවූයේ ටික වේලාවකි. ඔහු එතැනින් දිවගියේ ටක් ගාලා එනවා යයි කියමිනි. කියූ පරිදි ඔහු ආවේය. ඒ සැනින් ආයෙත් ගියේය. ආයෙ ආයෙත් ආවේය. ආයේ ආයෙත් ගියේය. යන එන එකේ සීමාව සීමා රහිත වූවේය.
එක් අවස්ථාවකදී ඔහු සිහිසුන් වූවාක් මෙන් විය. මේ සමගම මිතුරෝ එකසිය ගානට බියවූහ. ඒ නිසාම ඔවුහු සිය මිතුරා රෝහල් ගත කළහ. තමන් කළ විහිළුව වෛද්‍යවරයාට කීවේ නොකියා බැරිවූ නිසාය. ප්‍රමාණයට වඩා බඩ විරේක දීම නිසා තව මොහොතක් දෙකක් හෝ ප්‍රමාද වූවේ නම් විජලනයට ලක්ව ඔහු මිය යන බව වෛද්‍යවරයා පැවසුවේ ඔහුට සේලයින් ප්‍රතිකාරය ලබා දෙමිනි.
ඒ සමගම මිතුරන් එකිනෙකාගේ මුහුණු බලා ගත්තේ මේ වගේ විහිළු ආයෙත් නම් ජීවිතේටවත් නොකරනවා යැයි සිතමිනි.
2025 නොවැම්බර් මස 04
69
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පින් අඩිකාරයාට පාඩමක් උගන්වන්න ගිහින් දවල් තරු පෙනිලා