IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පන්දමාගේ අරගල පෝස්ටරය දුටු දේශපාලකට නහුතෙට නැගලා

දේශපාලනඥයන්ගේ පසුපස ගොස් කාර්යාලයක ඉහළ තනතුරක් ලබාගත් පුද්ගලයකු පසුගිය දිනෙක දේශපාලනඥයා හමුවීමට ඔහුගේ නි​ෙවසට ගොස් සිටියදී ඔහුගේ වාහනයේ අරගලය පිළිබඳ පෝස්ටරයක් ප්‍රදර්ශනය කර තිබෙනු දුටු දේශපාලනඥයා එක්වරම යක්ෂාවේශ වී ඔහු එළවා ගත් පුවතක් දකුණේ වියළි දේශගුණයක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු එක්තරා පක්ෂයකට ධනය වැය කරමින් දේශපාලනය කර තමා කඩේ ගිය පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ආයතනයක ඉහළ පුටුවකට ගිය අයෙකි. පසුගිය වකවානුවේ ඇති වූ සිද්ධීන්වලදී ආයතනයේ සේවකයන්ට තම මතය පිළිගන්නා ලෙස බල කළ අතර එය පිළිනොගන්නා නිලධාරීන්ගෙන් පළිගන්නා නිලධාරියකු වූ බැවින් සේවකයන් වැඩි පිරිස ඔහුට හිතවත්කම් පෙන්වූයේ මූනිච්චාවට මුහුණ ඉදිරිපිට දී පමණි.


කෙසේ වුවද පසුගිය වකවානුවේ ඇතිවූ විරෝධතා රැල්ල නිසා මහත් සේ කම්පාවට පත්ව සිටි ඔහු මෙම විරෝධතාවලට නොයන ලෙස ආයතනයේ නිලධාරීන්ට බලපෑම් කළ අතර නිලධාරීන් ද ඒවාට සහභාගී වූයේ හොර රහසේය.


දිනක් කාර්යාලයේ නිලධාරියකු අසල තිබූ විරෝධතාවයකට සහභාගි වී රැ‍ගෙන ආ විරෝධතා පෝස්ටරයක් හොර රහසේම ලොක්කාගේ කාරයේ පසු පස එල්ලා තිබුණි.


එදින දහවල් කාලයේ තමා හමුවන ලෙස දේශපාලන ලොක්කාගෙන් ඇමතුමක් ලැබුණි. ප්‍රමාද නොකළ ඔහු වහාම දේශපාලනඥයාගේ නි​ෙවසට යනවිට දේශපාලන බලවතා නි​ෙවසේ නොසිටි බැවින් අමුත්තන් සඳහා තිබූ ස්ථානයට ගොස් වාඩි වී සිටියේ ඔහු එනතුරුය. මේ අවස්ථාවේ දේශපාලනඥයා නිවසට පැමිණෙන විට මිදුලේ නවතා තිබූ වාහනය හඳුනාගත් අතර එහි එල්ලා තිබූ පෝස්ටරය දැක යක්ෂාවේශ වී ලොක්කාගේ ඇඟට කඩා පැන්නේ තමුසේ නම් මහ බල්ලෙක් හෙටම ගෙදර යවනවා යැයි ගුගුරවමිනි. කිසිවක් නොදත් ලොක්කාට හීන් දාඩිය දැමූ අතර ඉතා යටහත් පහත්ව පැවසුවේ මෙසේ බෙරිහන් දීමට හේතුව කුමක්දැයි නොදන්නා බවය.


‘‘තමුසේ විරෝධතාවලට යනව මදිවට මගේ ගෙදරටත් රජයේ වාහනෙන්ම බැනර් ගහගෙන එනව. ලැජ්ජ නැතුව.’’ යනුවෙන් කීවේ නිලධාරීයාට යමක් කීමට ඉඩක් නොතබමිනි.


පසුව සිද්ධිය දැක නොවඳිනා වැඳුම් වැඳ තමා මේ ගැන කිසිත් නොදන්නා බවත් මෙය කවුරුන් විසින් හෝ කරන ලද අලු‍ගුත්තේරු වැඩක් බවත් පවසා දේශපාලනඥයාට බැගෑපත් වී ඔහුගේ      නි​ෙවසින් පිටත්ව ගොස් ඇත්තේ මෙය කළ අයට හොඳ පාඩමක් උගන්වන බවද පවසමිනි.


කෙසේ වුවද පසුව දේශපාලන හිතවතුන් අතරටත් කාර්යාලයේ අයටත් සිද්ධිය දැනගැනීමට ලැබී ඇති අතර මේ වන විට ආයතන ලොක්කාගේ සැර බාල වෙලාලු‍.


කෙසේ වුවද හිතමිතුරන් මේ ගැන විමසන විට ලු‍ණු ඇඹුල් ඇතිව දෙකක් කියනවලු‍. කෙසේ වුවද මෙය තාමත් ප්‍රසිද්ධ රහසක්ලු‍.

රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන



අදහස් (0)

පන්දමාගේ අරගල පෝස්ටරය දුටු දේශපාලකට නහුතෙට නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site