IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


මේ ආපනශාලා හිමියා  නොමිලයේ කොත්තු කෑමට පොලිස් රාලහාමි කෙනකු ආ විගසම ආ මල්ලී පොලිස් කොත්තුවක් දමන්න යයි කොත්තු බාස්ට  කියන්නේ යටිගිරියෙන් කෑගසමිනි. මුදලාලි කී පරිදිම කොත්තු බාස් ද පොලිස් කොත්තුවක් දමා දෙන්නේ දුම් දමමිනි.


තමන් කෑ කොත්තුව  ඉතා රසයයි වර්ණා කොට මුදලාලි මුරුංග අත්තේ තියා උදව්වක් ඕනෑ වෙලාවක හමුවන්න යයි කියමින් මේ රාලහාමිලා ආපනශාලාවෙන් පිටව යන්නේ දත් අස්සේ ඇති කොත්තු කෑලිද ඉරටු කෑල්ලකින් අස්කරමිනි.


කාලය කෙමෙන් ගෙවි ගියේය. මේ අපනශාලාවේ කොත්තු බාස් එහි අයිතිකරුත් එක්ක ආරවුලක් ඇති කර ගත්තේ වැටුප් ප්‍රශ්නයකටය. ප්‍රශ්නය දිගේ ගියේය. එහි හිමිකරු කොත්තු බාස් එයින් අයින් කළේය.


ආපනශාලාවෙන් කොත්තු කන පොලිස් නිලධාරීන් දෙදෙනකුට මෙම කොත්තු බාස් හමුවන්නේ අහම්බයෙන් මෙනි.


හා මොකද කඩෙන් ගියේ යයි මේ නිලධාරීන් කොත්තු බාස්ගෙන් අසන්නේ පරණ හිතවත්කමටය. ‘‘අනේ වැඩක් නැහැ මහත්තයා මුදලාලියා මහ සවුත්තු මිනිහා. අපෙන් ගන්න මහන්සියට හරියට ගෙවන්නේ නැහැ. දෙන පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. ඒක නිසා අස්වුණා.’’


මිනිහා සර්ලාටත් කරන්නේ හරිම බලු‍ වැඩක් තමයි කියමින් කොත්තු බාස් කියාගෙන කියාගෙන ගියේය.


මොකක්ද මල්ලි මිනිහා අපිට කරන බලු‍ වැඩේ යයි රාලහාමිලා ඇසුවේ නළලේ රැලි නංවමිනි. සර් සර් ලා කොත්තු කන්න ආවම මුදලාලි අමුතුම තාලයකට මට කියනවා මල්ලී පොලිස් කොත්තුවක් දාන්න කියලා.

එතකොට මම මෙහේ වෙනත් අය කාලා කරලා පිගානේ ඉතිරි කර ගිය අවශේෂ කොටසුත් කලවම් කරලා වියදමක් නැතිව හදපු කොත්තුවක් තමයි සර්ලාට දෙන්නේ යයි කොත්තු බාස්  කීවේ කිසි ගණනකට නොගෙනය.



අදහස් (1)

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්

Rupa Friday, 02 December 2022 09:41 PM

පිනට කන කාලකන්නි පොලිස්කාරයන්ට නම් ඒකත් හොඳ වැඩියි.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site