IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පදමට වැදිලා හාම්පුතයි බල්ලයි මගුල් ගෙදර වනසලා

(වියලුව වාර්තාකරු)
නිවසේ පැවති සාදයක දී පදමට ගැසූ හාම්පුතා, මත්පැන් බඳුන්වල ඉතිරි වී තිබූ මත්පැන් එකතු කොට නිවසේ සිටි සුරතල් සුනඛයාට පෙවීම නිසා වෙරි වූ සුනඛයා හාම්පුතා ද සමග නිවසේ තැන තැන හරි හරියට වමනය දමමින් යකා නටන්නට පටන්ගැනීම නිසා අපහසුතාවට පත් නිවැසි කාන්තාව සිය දරු පැටවුන් ද සමග නිවෙසින් පිටව යෑමේ පුවතක් ‘ලංකාදීප’යට වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ඔහු රජයේ ආයතනයක සේවකයෙකි.


සිය දියණියගේ මල්වර මංගල්‍යය නිමිත්තෙන් සාදයක් සූදානම් කළ ඔහු තම කාර්යාලයේ පිරිසට ද හිතමිතුරන්ට ද ආරාධනා කරන්නට කටයුතු කළේ සතුට බෙදා හදා ගැනීම අරමුණු කර ගනිමිනි.
 ඒ වෙනුවෙන්ම බැංකු ණයක් ලබාගත් හෙතෙම පැමිණි පිරිස් වෙනුවෙන් ආහාරපාන මෙන්ම මත්පැන් ද අඩුවක් නැතුව සූදානම් කරන්නට වග බලා ගත්තේ කාගෙන්වත් වචනයක් අසන්නට ඉඩ නොතබමිනි.


 දිවා කාලයේ ආරම්භ වූ සාදය මැදියම් රාත්‍රිය දක්වාම පැවැත්විණි.


 නිවසේ දහසකුත් වැඩ රාජකාරි යෙදී තිබුණද තම සැමියා මිතුරන් සමග එක්වී දිගින් දිගටම මත්පැන් පානය කිරීම නිසා නිවැසි කාන්තාව සිය සැමියා පිළිබඳ පසුවූයේ දැඩි කෝපයෙනි.
 මැදියම් රැය ආසන්න වෙමින් තිබිණි.


 සාදයට පැමිණි මිතුරන් බොහෝ දෙනෙකු තෑගිබෝග ලබාදී නිවෙසින් පිටවූ අතර ඉතිරි වූ කීපදෙනා සමග සැමියා සාදය අඛණ්ඩව කරගෙන ගියේ මත්පැන් පිළිබඳව ඔහු තුළ තිබූ දැඩි ගිජුකම නිසාවෙනි.


 ඒ අතරතුර මිතුරන් කීපදෙනෙකු පානය කිරීමෙන් පසු ඉතිරි කර තිබූ මත්පැන් බඳුන් කීපයක වූ මත්පැන් එක වීදුරුවකට එකතු කළ හෙතෙම ඔවුන් අසල ගැවසෙමින් සිටි සුනඛයා අල්ලාගෙන උගේ මුව තුළට මත්පැන් වීදුරුව වක් කරන ලද්දේ සිය මිතුරන් ද සිනහ සයුරේ ගිල්වමිනි.


   සාදයට පැමිණි ඉතිරි මිතුරන් කීපදෙනා ද නිවෙසින් පිටව ගිය අතර නිවස තුළ ඉතුරු වූයේ පදමට වෙරි වූ නිවැසියාත් ඔහුගේ බිරිය ඇතුළු දරු පිරිසත් සුනඛ සුරතලාත් පමණි.


 මොහොතක් ගතවෙද්දී සුනඛයා නිවස පුරා දුවමින් තැන තැන වමනය දමන්නට පටන් ගත් අතර ඊට නොදෙවෙනි වූ හාම්පුතා ද වැතිර සිටි ස්ථානයේම වමනය දමන්නට වූයේ සිය බිරිඳගේ රතු කට්ට ද ඉක්මවා යමිනි.


නිදා ගැනීමට සකස් කර තිබූ ඇඳන්වල මෙන්ම සාලයේ වූ අලුත්ම සැටියේ ද සාලයේ හා මුළුතැන්ගෙයි තැන් කීපයක ද වෙරි වූ සුනඛයා වමනය දමා විනාශ කර තිබුණි.


  සිදුවීමෙන් දැඩි ලෙස කෝපාවිෂ්ට වූ නිවැසි කාන්තාව වැඩිවියට පත් වූ සිය දියණිය ද, බාල දරුවා ද රැගෙන කුලියට ගත් ත්‍රීවීල් රථයකින් මහ රෑම නිවෙසින් පිටව ගියේ නිවෙස පිරිසුදු කර දැනුම් දෙන තුරු යළි නිවසට අඩිය නොතබන බව අවසිහියෙන් සිටි සැමියාට පවසමිනි.


 දින කීපයක් තිස්සේ නිවාඩු දමා නිවෙස පිරිසුදු කළ හෙතෙම උරණ වී නිවෙසින් බැහැරව සිය මව්පියන් වෙත ගොස් සිටි සිය බිරිඳ යළි කැඳවාගෙන ආවේ කිසිදිනක යළිත් මත්පැන් පානය නොකරන බව සිය දියණියට මෙන්ම බිරියට ද පවසමිනි.

 



අදහස් (1)

පදමට වැදිලා හාම්පුතයි බල්ලයි මගුල් ගෙදර වනසලා

sampath Monday, 13 May 2019 10:02 AM

මේ සිංහල මිනිස්සුන්ට මරණයක්, මගුලක්, උත්සවයක් කරගන්න බැරිව.. හතර අතේ ණයවෙලා විහින් විනාශ වීමේ සමාජ පිළිබිඹුවක්...

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site