IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පදමට බීලා අලුත් ඕ.අයි.සී.ටත් සෙට් වෙන්න කතා කරලා

(වියලු‍ව වාර්තාකරු) 
පදම ඉක්මවා අරක්කු පානය කර ගමේ පොලීසියේ    ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දී සෙට් වෙන්නට ආරාධනා කළ පුද්ගලයකුට පොලිස් කූඩුවේ ලගින්නට සිදු වූ බව කියවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


 දිනය- ඉකුත් 16 වැනිදාය.


ස්ථානය - කන්දකැටිය පොලිස්ස්ථානයයි. 


 අලුතින් පත්ව ආ පොලිස්  ස්ථානාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයට   ලැබුණු   ඇමතුමකි.  ඉන් ලැබුණේ අපූරු යෝජනාවකි.


‘‘සර් මං මගෙ ළඟ බෝතලයක් දෙකක්  තියෙනවා හවසට සෙට් වෙමුද ?’’ 


‘‘ඔව් සෙට් වෙමු. එන්නකො පොලීසියටම’ දුරකතන ඇමතුමෙන් කලබලයට පත් විය යුතු වුවත් කිසිදු  කලබලයක් නොපෙන්වූ    අත්දැකීම් බහුල ස්ථානාධිපතිවරයා පවසා සිටියේ   තමුන්ට අඩියක් ගසන්නට ආරාධනා කරන මේ අපූරු පුද්ගලයා කව්දැයි දැන ගැනීමේ නොතිත් ආශාවෙනි.


‘‘හැබැයි සර් මටත් පොඩි උදව්වක් කරන්න ඕනෑ. මේ දවස්වල පෙට්‍රල්‍්‍ ටිකක් හිඟයි. මට සෙඩ් එකෙන් පෙට්‍ර්ල් ටිකක් අරන් දෙන්න ඕනෑ’’ පදමට ගැසූ පුද්ගලයාගෙන් යලිත්  ඉල්ලීමකි.


‘‘හරි හරි ඔයා තෙල් ගෙනියන්න බූලි දෙකකුත් අරගෙන  පොලීසියට එන්නකෝ. ස්ථානාධිපතිවරයාගෙන් ලැබුණේ අපූරු පිළිතුරකි.


  ගතවූයේ මොහොතකි. ඉන්ධන ලබා ගැනීම සඳහා හිස් බූලි දෙකක්ද රැගත් සරමකින් සැරැසුණු මැදිවියේ පුද්ගලයකු පොලිස් ස්ථානයට පැමිණියේ ඇවිද ගන්නවත් වාරු නැති අන්දමිනි. 


 පදමට ගසා තමුන්ට අරක්කු පානය කරන්නට යෝජනා කරන්නට තරම් හයිකාරකමක් ඇති මේ පුද්ගලයා දැක ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු ස්ථානාධිපතිවරයාගේ ඇස් උඩ ගියේ පුද්ගලයා සිටි තත්ත්වය දැකීමෙනි.


මත්පැන් පානය කොට පොලිසියට පැමිණ නන්දොඩවමින්  සිටි  පුද්ගලයාට අර්ථයෙන්ධර්මයෙන් දේශනා කරන්නට ගිය ද ඉන් දමනය වූයේ ඔහු නොවේ. දිගින් දිගටම ඔහුගේ කරච්චලය සීමාව  ඉක්මවා යන්නට වීම හේතුවෙන් අවසානයේ  නීතිය  ක්‍රියාත්මක කළ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු පොලිස් කූඩුවට නැංවූයේ ඔහු කළ වරද අවබෝධ කර දෙමිනි.


බීමතින්  පොලිස්ස්ථානයට පැමිණ කලහකාරීව හැසිරීමේ චෝදනාව යටතේ ඔහුට නඩු පවරා ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතාගෙන් විමසුවෙමු. ඔහු කතාව තහවුරු කළේය.

 



අදහස් (0)

පදමට බීලා අලුත් ඕ.අයි.සී.ටත් සෙට් වෙන්න කතා කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 22 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site