(සිටිනාමළුව අනීෂා මානගේ)
තොවිල් කරන්න ගෙදරට ආ කපටි කට්ටඩියාට තරුණ කාන්තාවක විසින් අපූරු පාඩමක් ඉගැන් වූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
වියපත් කාන්තාවක් දින ගණනාවක් තිස්සේ අසනීපයෙන් පසුවූවාය. නානාප්‍රකාර වෙදැදුරන්ගෙන් බේත්හේත් ගත්තත් ඇයට කිසිම සුවයක් නොවීය. ගම්තුලානේ ප්‍රසිද්ධ කට්ටඩියකු ගෙදරට ගෙන්වා මෙයට විසඳුමක් සෙවීමට දරු මුණුබුරෝ කතිකාකර ගත්හ. කට්ටඩියකු ගෙදරට ගෙන්වීය. ඔහු කීවේ මේ වියපත් කත කිසියම් දෙයකට බිය වී ඇති බවත් මෙයට ජීවම් කළ පිදේනි තටුවක් සකස් කළ යුතු බවත්ය.
නිවැසියන් කතා කරගත් දවසක කට්ටඩි රාළත් ඔහුගේ ගෝල කට්ටඩි දෙදෙනාත් කළමනා රැගෙන නිවෙසට පැමිණියහ. පිදේනි තටුවට අවශ්‍ය සියල්ල නිවැසියන් ලකලැහැස්ති කර තිබුණ අතර මල් බුලත් දියමස් , ගොඩමස්, දෙහි, කැවිලි, සුරුට්ටු, සුදු රෙදි ආදී නානාප්‍රකාර ද්‍රව්‍ය ඒ අතර විය.
මැටියෙන් සෑදු බලි රූප ද කට්ටඩි රාළගේ අතින් නිමවී තිබිණි. ඉර බැහැගෙන එන යාමයේ දී පිදේනි තටුව සකස් කළේය.
කළුවර ජාමයේ දී කට්ටඩි රාළ ජීවම් කරන්නට පටන් ගත්තේය. අලුයම වන විට දෙහි කපා සියලු වැඩ අහවර කළේය. පිදේනි තටුවේ තිබූ සියලු කළමනා ද්‍රව්‍ය එකක්වත් බිම වැටෙන්නට නොදී හරි පරිස්සමට අසල තිබූ වැව් ඉස්මත්තෙන් තබා එන්නට අණ ලැබිණි.
පිදේනි තටුවේ තිබූ කළමනා සියල්ල ඒ ආකාරයෙන්ම රැගෙන යන්නැයි ප්‍රධාන කට්ටඬිරාළගෙන් අණ ලැබුණ ද ඔහු හොර රහසේ එහි නවා තිබූ සුදු රෙද්ද අසල තිබූ ගසක සැඟ වූයේය. මේ බව දුටු තරුණ කාන්තාවක සුදු රෙදිකඩ එතැනින් ගෙන වෙනත් ගසක සැඟ වූවාය. එදින වැඩ අහවර කිරීමෙන් පසු කට්ටඩි රාළ හනි හනිකට ගියේ සඟවා තිබූ රෙදිකඩ රැගෙන පිටත් වීමටය.
කෙතරම් හෙව්ව ද කට්ටඩි රාළට තමා සැඟ වූ රෙදිකඩ සොයාගන්නට නොහැකි විය. කට්ටඩි රාළ සුදු රෙදි කඩ හොයන්න ගොස් හෙම්බත් විය. අවසානයේ කට්ටඩි රාළ සුදු රෙදි කෑල්ල අමතක කර යන්නට ගියේ සුදු රෙදි හොරා කවුරුන්දැයි සිතමින්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පිදේනි තටුවේ රෙද්ද උස්සන්න හැදූ කට්ටඩියාට තරු පෙනිලා