මොරගොල්ලාගම සිසිර කැලේගම
රට වටා සෞඛ්‍ය සේවාවේ නියුතු කාර්ය මණ්ඩලය වැඩිකළ වැටුප් තමන්ට ද ඉල්ලා ඊයේ 01 වැනිදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයට සමගාමීව සේවිකාවක යැවූ ටෙලිග්‍රෑමයක් දැක ඇය අන්ද මන්ද වූ පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි.
වෘත්තීය සමිති 72 ක් එක්ව ගත් වැඩ වර්ජනයට ඇයත් සහාය දුන්නාය. “අසනීප බවට උදේම ටෙලිග්‍රෑම් එවන්න.” රෝහලෙන් ඊට සහය දෙන්නන්ට ඉහළින් උපදෙස් ලැබී තිබුණි.
ඒ අනුව ඇයත් තම පුතුට එම කාර්යය කරන ලෙසට වැඩේ බාර දුන්නාය. පුතා යතුරු පැදියෙන් ගොස් ටෙලිග්‍රෑම් පෝරමය පුරවා පණිවිඩය යැව්වේය. නිමේෂයකින් තැපැල්කරු නිවෙස ඉදිරිපිට නැවතුණි. ඇය නිවෙසේ සිට පාර අයිනට දුවගෙන ආවාය. “ටෙලි ග්‍රෑම් එකක්.” ඇය එය අතට ගත්තාය.
‘‘පුදුමයකි. මම අසනීපයි නිවාඩු දෙන්න...” පණිවිඩය ඇයටම ලැබී තිබිණි. ඇය වහා වැඩට ගොස් සිටි පුතු ඇමතුවා ය.
“කාටද මේක යැව්වේ...?” ඇය කේන්තියෙන් පුපුරමින් විමසුවාය.
“අනේ අම්මේ මං ජීවිතේට ටෙලිග්‍රෑම් ගහලා නැහැනේ... තැපැල් කන්තෝරුවේ අයවත් හරි දේ කියලා දුන්නේ නැහැනේ” ඔහු කීවේය.
යවන්නා ගේ නම ලිපිනයට රෝහලේ වෛද්‍යවරයාගේ විස්තර ලියා, ලබන්නාගේ නම ලිපිනයට සේවිකාවගේ තොරතුරු ලියා ඇති බව දැන ගත් ඇය වහ වහා නැවත යාබදව ඇති කන්තෝරුවට දිව ගියේ හිසේ අත ගසා ගනිමිනි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුතා වැඩ වරද්දා අම්මාට තරු පෙනිලා