IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පුතාට විභාගේ ලියන්න අම්මා අපූරු ගුරුකමක් කරදීලා

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම සඳහා මවක් කරදුන් අපූරු ගුරුකමක් පිළිබඳව මහනුවර ආසන්න ග්‍රාමීය පාසලකින් වාර්තා විය.


ඉදිරියේදී පැවැත්වෙන විභාගය අරමුණු කරගෙන පෙරහුරු විභාගයක් පැවැත්වෙන දිනයක් විය. පන්තියේ සියලු සිසුන් ප්‍රශ්න පත්‍රය සඳහා ලිවීම ආරම්භ කර ටික වේලාවක් ගතවිය. සියලු_ සිසුන් පිළිතුරු පත්‍ර ලියන අතර එක සිසුවකුගේ හැසිරීම සම්බන්ධයෙන් පන්ති භාර ගුරුවරයාගේ අවධානය යොමුවන්නට විය.


එම සිසුවා පිළිතුරු ලියන අතරතුර තම සාක්කුවට අත යොමා එහි ඇති යමක් තදින් පිරිමදින අයුරු නිරීක්ෂණය වූ අතර එය කිහිප වතාවක්ම සිදු කරන අයුරු දක්නට ලැබිණි. ඒ අතර එක් අවස්ථාවකදී කහ පාට බෝලයක් වැනි දෙයක් සාක්කුවෙන් ගිලිහී. බිම පෙරළී යන්නට වූ අතර පිළිතුරු ලිවීම පසෙකලා සිසුවා එය පසු පස දුව යන්නට වූ අතර අනෙක් සිසුහු බෝලයක් බෝලයක් යයි පවසමින් ද කළබලයට පත්වූහ.


වහාම පන්ති කාමරය සන්සුන් කරවූ ගුරුවරයා, යළිත් පිළිතුරු ලියන්නට අවස්ථාව සළසා දෙන ලදී. පෙරහුරු පරීක්ෂණය අවසන් වූ වහාම සිද්ධියට භාජනය වූ සිසුවා හා අසල සිටි සිසුන් කිහිප දෙනෙකුද ගෙන්වා සිදුවූයේ කුමක් දැයි විමසන්නට විය.


අනේ සර් අපේ අම්මා විභාගේ පාස් කරන්න කියලා සීයා කෙනෙක් ළඟට එක්කරගෙන ගියා, ඒ සීයා පූජාවක් කරලා සූරයක් දාලා, මතුරලා දෙහි ගෙඩි වගයක් දුන්නා. ප්‍රශ්නවලට උත්තර අමතක වූ විට සාක්කුවේ තියෙන දෙහි ගෙඩිය මිරිකන්න කිව්වා, එතකොට උත්තර මතක් වෙනවා කිව්වා. එහෙම කරගෙන ඉන්නකොට තමයි දෙහි ගෙඩිය පෙරළිලා ගියේ. මට උත්තර ලියාගන්නත් බැරි වුණා යයි, පවසන්නට විය.


පහේ පන්තියේ සෙසු සිසුන් ද මෙය අසා සිටි අතර දෙහි ගෙඩි මිරිකා විභාගේ පාස් වෙන්නේ කෙහොමදැයි පන්තිභාර ගුරුවරයාගෙන් විමසන්නට වූ අතර ඔහුටද පිළිතුරු දීමට නොහැකිවූ බැවින් වෙනත් රාජකාරියක් ඇතැයි පවසා පන්ති කාමරයෙන් පිටත්ව යන්නට විය.

 



අදහස් (3)

පුතාට විභාගේ ලියන්න අම්මා අපූරු ගුරුකමක් කරදීලා

SAM Friday, 31 May 2019 09:13 PM

මහින්ද සීයත් ජනතාව ඉස්සරහදී හිත දිනාගන්න හදනවා දැකලා... මේ අම්මත් ඒක කොපි කරලා.

:       0       0

දිමුත් Monday, 03 June 2019 05:33 AM

කුඩා ලමයින්ටත් මිත්‍යාව උගන්නනවා.

:       0       5

sampath Monday, 03 June 2019 10:26 AM

නූගත් දෙමාපියන් විසින් දරුවන්ගේ නිර්මාණාත්මක මනස කාබාසිනියා කරන විභාගය ශිෂ්‍යත්වයයි. නිවෙස්වල අාධිපත්‍යය පතුරවමින් තුට්ටුවකට මායිම් නොකරමින් එකිනෙකා සමග කුළල්කමින් දරුවන් වෙහෙසට පත්කරන මෙවැනි ආකාරයේ නොයෙක් සිදුවීම් සෑම දිනකම ඇසීමට දැකීමට ඇත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site