IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුතුට මගුලක් බලන්න ගියාම තාත්තාට මනාලියගේ අම්මා දපනේ වැටිලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
සිය බාල පිරිමි දරුවාට කතා කර තිබුණු මනාලිය බැලීමට නිවෙසට ගිය අවස්ථාවේ දී මනාලියගේ මවගේ දුරකතන අංකය ඉල්ලා ගෙන ඇය සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇතැයි කියන සිව් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 


කෑගල්ල නගරයේ සිට කිලෝමීටර් 15 ක් පමණ ඈතින් පිහිටි තරමක් දුෂ්කරතා රැසක් ඇති ගම්මානයකි. ආරක්ෂක අංශයක කාලයක් සේවය කර දැනට විශ්‍රාම ලබා ඇති 55 හැවිරිදි පියෙක් මෙම ගම්මානයේ පදිංචිව සිටියි.
මෙම සිව් දරු පියාගේ බිරිය කලකට ඉහත දී මිය ගියේය. වැඩිමහල් පිරිමි දරුවා විවාහ වී බිරියගේ නිවසේ පදිංචිව සිටියි. දෙවැනි හා තෙවැනි පිරිමි දරුවන් දෙදෙනා විවාහ ගිවිසගෙන පියා පදිංචිව සිටින නිවෙසට ආසන්නයේ නිවාස තනාගෙන පදිංචිව සිටිති.


බාල පිරිමි දරුවා 26 හැවිරිදිය. ඔහු ද උතුරු නැගෙනහිර ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතව සිටියි.


බාල පිරිමි දරුවාගේ ද විවාහ කල වයසත් සම්පූර්ණ වී සිටියත් පෙම්වතියක නොමැති බව පියා කලක සිට දැනගෙන තිබුණි. අල්ලපු ගමේ පදිංචි කපු මහත්මයකු දිනක් කඩමණ්ඩියේ දී පියා මුණගැසී කියා ඇත්තේ බාල පිරිමි දරුවාට ගැළපෙන කෙල්ලක සිටින බවත් කැමැති නම් කතා කර දිය හැකි බවත්ය.


එක හෙලාම කපු මහතා ගෙනා යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කර ඇති විශ්‍රාමික පියා කලින් සැලසුම් කරගත් ආකාරයට කපු මහතාත් විශ්‍රාමික පියාත් ඔහුගේ බාල සහෝදරියකුත් මීට මාස තුනකට පමණ ඉහත දී මනාලියගේ නිවෙසට ගියහ. 


මනාලියගේ මව ආගන්තුක තිදෙනා පිළිගත්තාය. මනාලියගේ මව නිවෙසට ගිය තිදෙනාට තේපැන් සංග්‍රහයක් භුක්ති විඳීමට අවස්ථාව උදාකර දී මනාලිය ද කාමරයෙන් තේපැන් මේසය අසලට ගෙන්වා ගත්තාය.


“කපු මහත්තයා මගේ සැමියා රිය අනතුරකින් මිය ගියා. මට ඉන්නේ පුතයි දුවයි විතරයි. පුතා විවාහ වෙලා ඉන්නේ. මේ ඉන්නේ පුතයි, ලේලියි, මුණුපුරයි මනාලියගේ මව පවුලේ තොරතුරු කපු මහතා දෙස බලා පැවැසුවාය.
හොඳයි මට පේන්නේ මේ දුව මගේ පුතාට හොඳට ගැළපෙනවා වගේ වැඩි කාලයක් යන්නේ නැතිව විවාහය ලියාපදිංචි කරන්න කතා කරලා බලමු කෝ යැයි මනාලයාගේ පියා මනාලියගේ මව දෙස බලා ගෙන පැවැසීය. “මට දෙන්නකෝ මනමාලියගේ අම්මාගේ දුරකතන අංකය ඉදිරි කටයුතු ගැන කතා කරලා කියන්න”‍ යැයි පවසා දුරකතන අංකය ද ගෙන යළි තිදෙනා සිය නිවෙස් බලා පැමිණියහ.


දින සති ගෙවී ගියේය. කපු මහතා දිනක් පෙරවරුවේ විශ්‍රාමික පියාගේ නිවෙසට පැමිණ මංගල යෝජනා සම්බන්ධයෙන් විමසීමක් ක⁣ළේය. 


“කපු මහත්තයා කෙල්ල ගැන මගේ කොල්ලට කිව්වේ නෑ මොකද ඒක වෙන එකක් නෑ වගේ. මොකද එදා අපි ගිය ගෙදර මනමාලියගේ තාත්තා නෑ මැරිලා මගේ බිරියත් මැරිලා සෑහෙන කාලයක් වෙනවා. මනමාලිගේ අම්මා එක්ක දැන් මම සම්බන්ධකමක් පවත්වාගෙන යනවා. ඒ කාන්තාවගේ අසරණකම මට තේරෙනවා. මගේ අසරණකමත් ඒ කාන්තාවට තේරුම් ගිහිල්ලා තියෙනවා. 


කාන්තාව මාත් එක්ක ඉදිරියේ දී අපේ ගෙදර එන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. තව ඉදිරියේ දී සිදු වෙන දේවල් සම්බන්ධයෙන් කපු මහත්තයාට කියන්නම්. එතකම් මේ රුපියල් 25000 තියා ගන්නකෝ යැයි විශ්‍රාමික පියා කපු මහතාගේ අතේ රුපියල් 5000 කොළ 5ක් තබා පවසා ඇත්තේ සිනාමුසු මුහුණින් වුවත් කපු මහත්මයා අන්දමන්ද වී කල්පනා කළේ අවුරුදු 40 ක කපුකම් ඉතිහාසයේ මෙවැනි සිද්ධියකට මුහුණ දී නොතිබූ හෙයිනි.



අදහස් (1)

පුතුට මගුලක් බලන්න ගියාම තාත්තාට මනාලියගේ අම්මා දපනේ වැටිලා

දිමුත් Wednesday, 09 November 2022 12:15 PM

අනේ වාසනාවන්...!

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site