කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නිවෙසේ ගමනක් බිමනක් යෑමට තිබූ මෝටර් රථය කුණු කොල්ලයට විකුණා අරගෙන දුන් යතුරුපැදියෙන් වුණ අමාරුවේ වැටීමේ අපූරු කතාවක් දකුණේ පොලිසියකින් අසන්නට ලැබේ.

නිවෙසේ තිබූ මෝටර් රථය මේ පියා හදිසියේම විකුණා දමන්නේ පුතුගේ ආශාවක් සංසිඳුවා ගැනීමටය. ඒ යතුරුපැදියක් මිලදී ගැනීමටය. මේ යතුරුපැදිය නම් සාමාන්‍ය එකක් නොවේ. එය අධි බලැතිය. මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි එකකි. වටිනාකම රුපියල් ලක්ෂ විසිහයකි.
පාරේ යාමට තහනම් වූ මෙම යතුරුපැදියට පසුගිය දිනෙක පුතා නැග්ගේ තවත් යහළුවකු සමගය. යාමට හැකි වූයේ ටික දුරකි. තවත් යතුරුපැදියක එය හැප්පෙන්නේ එම යතුරුපැදියේ ගමන්ගත් අයට තුවාල සිදු කරමිනි.
පොලිසිය එනවිට ඔවුන් දෙදෙනා එතැනින් පලා යන්නේ පොලිස් අණට අකීකරු වීමෙනි.
එතැනින් පලා යන ඔවුන් දෙදෙනාට යාමට හැකි වූයේ තවත් ටික දුරකි. යතුරුපැදිය ලොරි රථයක හැපී ඔවුන් දෙදෙනාම තුවාල ලබන්නේ පොලිසියටද මාට්ටු වෙමිනි. ඒ රෝහලේදීය.
තුවාලවලට ප්‍රතිකාර ලැබූ මේ පුත්‍රයාට රෝහලෙන් යාමට සිදුවූයේ නිවෙසට නොව පොලීසියටය. පොලිසියෙන් උසාවියටය. ඒ නඩු නිමිති තුන හතරක් සහිතවය.
අධිබලැති යතුරුපැදියක් මාර්ගයේ ධාවනය කිරීම, ලියාපදිංචි නොකළ යතුරුපැදියක් ධාවනය කිරීම. අනතුරක් සිදුකර පලායාම , අනතුරක් වසන් කිරීම වැනි චෝදනා පොලිසිය විසින් මෙම පුත්‍රයාට ගොනු කරනු ලැබ තිබුණේ පියාගේද ඇඟ රත්කරවමින්ය.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුතුගේ දොළදුක සංසිඳුවන්න ගිහින් තාත්තයි පුතයි දෙන්නම මට්ටු වෙලා
Pradeep Kumara Monday, 06 June 2022 04:56 PM
තාත්තලා මෝඩ වුණාම ඔහොම වෙනවා.
Perera Tuesday, 07 June 2022 08:03 AM
කාර් එකක් විකුනලා බයික් එකක් ගන්නවා කියන්නේ අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩක් .අනේ මෙහෙමත් මෝඩයින් ඉන්න රටක්නේ ලංකාව