IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පුතාගේ කෙරුවාවෙන් තරු පෙනිලා

රුපියල් එක් ලක්ෂ විසි දහසකට පියා බදු දී තිබුණු කරාබු වත්ත හිතවතුන් කිහිප දෙදෙනකු යොදවා කරාබු ටික කඩාගෙන ඇතැයි කියන අපූරු බේබදු පුතකු පිළිබඳ පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
බුලත්කොහුපිටිය ප්‍රදේශයේ 71 හැවිරිදි තිදරු පියෙක් බිරිඳ බාල පිරිමි දරුවා සමග නිවසේ පදිංචිව සිටියි. තිදරු පියාගේ දරු දෙන්නෙක් විවාහ වී පිට පළාත්වල පදිංචිව සිටිති. 27 හැවිරිදි බාල පිරිමි දරුවා කලක සිට මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී ඇති තරුණයෙකි. පසු ගිය කාලයේ නිවසේ තිබුණු බඩු මුට්ටු  පවා රැගෙන ගොස් උකස් කර මිතුරන් සමග මෙම තරුණයා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇත.
71 හැවිරිදි තිදරු පියා පදිංචිව සිටින නිවසේ සිට කිලෝ මීටරයක් පමණ ඈතින් කරාබු ගස් වගා කර ඇති ඉඩම් කැබැල්ලක් තිබේ. මෙම කරාබු ඉඩමේ මෙවර ගස්වල කරාබු සාමාන්‍ය පරිදි හටගෙන ඇත. ගස්වල  කරාබු කඩා වේලා ගැනීමට අතහිත දීමට කිසිවකු නොමැති නිසා තිදරු පියා කරාබු වත්ත රුපියල් එක් ලක්ෂ විසි දහසකට ප්‍රදේශයේ වෙළෙන්දෙකුට සතියකට පමණ ඉහත දී බදු දී තිබුණි.


බදු ගත් වෙළෙන්දා ඉකුත් දිනක සේවකයන් කිහිප දෙනෙකු රැගෙන කරාබු කැඩීමට වත්තට ගොස් තිබුණි. අමු කරාබු කොළ ගස් යට වැටී ඇති අයුරු දැක ඇති වෙළෙන්දා හනික කරාබු ගස් දෙස නෙත යොමු වුණි. කරාබු ගස්වල කරාබු කඩා ගෙන ඇති බව දැන ගත් වෙළෙන්දා වහාම ඉඩම හිමිකාර තිදරු පියාගේ නිවසට දිව ගියේය.
‘‘අංකල් වත්තේ කරාබු ටික කැඩුවා ද ගස්වල කරාබු එක කරලක්වත් නෑ. මට ආපසු සල්ලි ටික දෙන්න. වෙළෙන්දා තිදරු පියා හමුවේ ආවේගශීලිව පැවසීය.‘‘කලබල වෙන්න එපා පුතා යං බලන්න වත්තට”‍ තිදරු පියා බදු ගත් වෙළෙන්දා සමග කරාබු වත්තට ආපසු ගියේය. කරාබු කඩා ඇති බව එහිදී තිදරු පියාට වැටහුණි.
පසුව තිදරු පියා වෙළෙන්දා සමග අසල්වැසි නිවසකට දිව ගොස් නිවසේ සිටි කාන්තාවගෙන් ‘‘නංගි වත්තේ කරාබු ටික කඩලා තියෙනවා කඩපු කෙනෙක් දැක්කා ද යනුවෙන්”‍ ඉණට අත තබාගෙන ඇසුවෙමි.  ‘‘අයියේ පුතා කිහිප දෙනෙක් ගෙනල්ලා කෑ ගහ ගහා ඊයේ කරාබු කඩනවා මම දැක්කා”‍ තිදරු පියාගේ දෙනෙත බදු වෙළෙන්දා දෙස කැරකී ගියේය.
”‍ යං මල්ලි ගෙදර දැන් මොනවා කරන්න ද මම ගත්තු සල්ලි වලින් ටිකක් ඇති ගෙදර ඒ ටික දැන් දෙන්නම් ඉතුරු ටික බැංකුවෙන් අරන් දෙන්නම් යැයි පවසා තිදරු පියා බදු වෙළෙන්දා නිවසට රැගෙන ගොස් නිවසේ තිබුණු රුපියල් 90,000 ක මුදලක් ආපසු දී වෙළෙන්දාට දී පිටත් කර යවා ඇතැයි වාර්තා වෙයි.

 කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (0)

පුතාගේ කෙරුවාවෙන් තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site