IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුතුගේ උපන්දිනයේදී මිතුරන් බඹරු වෙලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


පුතුගේ උපන්දිනය නිමිත්තෙන් පාසල් මිතුරන් සමග බොන්න දෙයක් ගන්න යැයි පවසා දුන්නු රුපියල් දෙදහසින් පුතු අමුතුම බීමක් මිතුරන් සමග බීමෙන් අලි අමාරුවක වැටුණු මවක් පිළිබඳව දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
පියා පිටරට ය. මව මෙරට ය. ඔහු දහය වසරේ ය. උපන්දිනය පැවතියේ ඊයේ පෙරේදා ය. පුතුගේ උපන්දිනය පාසලේ දී සැමරීමට මව ඔහුට දුන්නේ ඉලක්කම් හතරේ නෝට්ටුවකි.
වත්මන් තත්ත්වය හමුවේ මිතුරන්ට කෑම සමග බීම දීමට එය ප්‍රමාණවත් නොවන නිසා අම්මා රුපියල් දෙදහස පුතුගේ අත තියා කීවේ මේකෙන් මිතුරන් සමග මොනවා හරි බොන්න කියමිනි.
පන්තියේ පිරිමි ළමයි කිහිප දෙනෙක්ම හදිසියේ ලෙඩ වූහ. වමනය යාම, විසි වෙවී යාම ඒ අතරය. පන්තිභාර ගුරුවරයා, විනය භාර ගුරුතුමාටත් ඔහු ශ්‍රේණි භාර ගුරු භවතාටත් ඔවුන් සියලු‍දෙනා විදුහල්පතිටත් මේ පන්තියේ ළමයින්ගේ හදිසි අසනීප තත්ත්වය ගැන පැවසුවේ ඒ වනවිට ද ඔවුන්ට වැළඳී තිබූ හදිසි අසනීප තත්ත්වය ගැන නොදැනම නොවේ.
රුපියල් දෙදහස දුන් අම්මාට මෙන්ම හදිසියේ ලෙඩ වූ අනෙක් දරුවන්ගේ අම්මලා ද පාසලට ගෙන්වූයේ දරුවන් හදිසියේ ලෙඩවූ බව දන්වමිනි. මෙයින් කලබලයට පත් බොහෝ මව්පියන් පැමිණියේ ඇඳිවත පිටිනි. ඒ තමන්ගේ දරුවන්ගේ හදිසි අසනීප තත්ත්වය දැනගෙන එයට වහා ප්‍රතිකාර ලබාදීමටය.
පාසලට පැමිණි අම්මලා තාත්තලාට කාරණය වැටහිණ. අම්මා මොනවා හරි බොන්න යයි දුන්නු මුදලින් පුතා ලෝකයේ තියෙන නොම්මර එකේ හොඳම මත්වෙන බෝතලයකින් භාගයක් ගෙන තිබිණ. එහි මූඩියකින් දෙක දෙක දී ඔහු මිතුරන් සමග ජන්ම දිනය සමරා ඇත්තේ  බොහෝම සීරුමාරුවටය. අරපිරිමැස්මෙන්ය. ඒ පාසල් විවේක කාලපරිච්ඡේදයේ දීය.
පාසලේ පහසුකම් ගාස්තු ගෙවන්න රුපියල් එක්දහස් ගණන ගෙවන්න සල්ලි නැති වුණාට පුතාගේ ජන්ම දිනය සමරන්න දෙන්න සල්ලි තියෙනවා මේ අම්මට යයි කියමින් විදුහල්පති ඇයගේ රෙදි ගැලෙව්වේ ගුරුන්, දෙගුරුන් සම්මුඛයේ ඇය කර ඇති වරදේ බරපතළකමත් එයින් පාසලට වූ අපකීර්තියත් ගැන පැහැදිලි කරමිනි.

 



අදහස් (0)

පුතුගේ උපන්දිනයේදී මිතුරන් බඹරු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site