IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුතාගෙ උත්තරෙන් අම්මගේ සායම ගිහින්

(මාවරල - පී.එස්. මද්දුමගේ)
තම දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට නොගන්නා උත්සාහයක් නැත. මේ එක්තරා මවක තම පුතා ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට ගත් උපක්‍රමයක කතාවකි.


කන්දබඩ පත්තුවේ දියුණු වෙමින් පවතින ගම්මානයක ජීවත් වූ මේ මව තම වැඩිමහල් පුතා ගමේ පාසලට ඇතුළත් කිරීමට අදිමදි කළේ දරුවා පිළිගත් පාසලකට යන බව ගමේ අයට පෙන්වීමේ අදහසිනි. මෙය තම පවුලේ අයට නම්බුවක් මෙන්ම ආඩම්බරයට කරුණක් යයිද ඇය සිතුවාය. පාසලට ළමයා ඇතුළත් කිරීමේ අයැදුම් පත්‍රය අඩුපාඩු නැතිව සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමේදී මවගේ රැකියාවද එහි සඳහන් කිරීමට අමතක නොකළාය. පියා රජයේ ආයතනයක සේවය කරන නිසා මවටද පිළිගත් රැකියාවක් ඇති බව අයැදුම්පත්‍රයේ සඳහන් කිරීමට වගබලා ගත්තාය. 


කාලය ගෙවී යාමෙන් පසුව ළමයින් පාසලට ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වන දවස්ද උදාවිය. මේ මවටද සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපියක් ලැබුණ නිසා නියමිත දිනට දරුවාද සමග සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියාය.


සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ පිරිස ළමයාගේ තොරතුරු ඇතුළත් ලිපි ගොනුව පරීක්ෂා කර බලා ‘‘ගමේ පාසල මගහැර මේ විද්‍යාලයට ළමයා ඇතුළත් කිරීමට අදහස් කළේ ඇයිද? තමන් වැඩ කරන පාසලට ළමයා ඇතුළත් කළානම් නේද හොඳ?’’ කියා විදුහල්පතිවරයා මවගෙන් විමසීය.


‘‘නෑ සර් මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබාදීම ඉතා හොඳින් සිදුවෙන බවට ප්‍රසිද්ධ නිසයි මම අයැදුම් පත්‍රය ඉදිරිපත් කළේ.’’ යයි මව පැවසුවාය.


මවගේ විමසීම් නතර කළ විදුහල්පතිවරයා ළමයාගේ සබකෝල ගතියක් ඇද්දැයි දැනගැනීමට මෙන් මෙසේ ඇසුවේය. 


‘‘එන්න පුතා ළඟට. ඔයාගේ නම මොකක්ද?’’ කියා විදුහල්පතිවරයා ළමයාගෙන් විමසීය. 


‘‘මම චරිත්.’’ ළමයා පිළිතුරු දුන්නේය.


‘‘තාත්තා මොනවද කරන්නේ?’’


‘‘කන්තෝරුවේ වැඩ’’


‘‘ඇයි පුතා අම්මා උගන්නන ඉස්කෝලෙට යන්න කැමැති නැද්ද?’’


‘‘අම්මා ඉස්කෝලෙක උගන්නන්නේ නෑ. ගෙදර පෙර පාසලක් කරනවා.’’


පුතාගෙ කතාවෙන් අම්මාට හීන් දාඩිය දැමීය. අයැදුම්පත්‍රයේ මවගේ රැකියාව ලෙස සඳහන් කර තිබුණේ ‘‘ගුරු වෘත්තිය’’ යනුවෙනි. ව්‍යාජ ගුරුවරකම විදුහල්පතියා තේරුම්ගත්තාය. පෙරපාසලක ඉගැන්වීම් කළත් ගුරුවරියක ලෙස මව්පියන් සලකන නිසා විදුහල්පතිවරයා සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ පිරිස මුවින් නොබැන බිම බලා ගත්හ.


‘‘හොඳයි දරුවත් එක්ක ගෙදර යන්න. ළමයි ගන්නකොට සලකල බලන්නම් ළමය අපේ පාසලට ගන්නවාද නැද්ද කියලා.’’
ලැජ්ජාවෙන් මුහුණ රතුවුණ මව නෙතට ආ කඳුළු බිදු සාරි පොටෙන් පිසදාගෙන දරුවාද සමග විදුහලේ කාර්යාලය කාමරයෙන් එළියට පැමිණුනාය.



අදහස් (4)

පුතාගෙ උත්තරෙන් අම්මගේ සායම ගිහින්

Asa Tuesday, 30 November 2021 08:08 AM

පෙර පාසලක ඉගැන්නුවත්, කැම්පස් එකක ඉගැන්නුවත් ගුරුවරයා ගුරුවරයාමයි. ළමයින්ගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම දමන්නේ පෙර පාසලින් බව නොතේරෙන විදුහල්පතිට මේක පෙනී මොලය පෑදේවා...!

:       0       0

Ano Tuesday, 30 November 2021 03:26 PM

මෙහි ඇති වරද කුමක්ද? පෙරපාසල් ගුරුවරුන් කරන්නේ ගුරුවෘත්තිය නොවේද?

:       0       17

N.Vithana Wednesday, 01 December 2021 10:52 AM

කෙසේ උවත් ඒ අම්මත් පෙරපාසල් ගුරුවරියක් .අනික ලජ්ජා වෙන්න ඕනේ කොහොම හරි ළමයා දාගන්න අම්මලා ගැන නොවේ.දේශපාලන ලියුම් වලට පාසැල් වලට ගන්න අය ගැන

:       0       15

VIRAJ MENDIS Thursday, 02 December 2021 11:42 AM

මම හිතන්නේ මේ කතාව ගොතපු කතාවක්. මොකද මේ පාර ඉස්කෝලවල සම්මුඛ පරීක්ෂණයට ළමයින් ගෙන්වීමක් සිදුකරන්නේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site