IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා


කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 



පතලේ බාසුන්නැහැට දෙන්න ගිය දඬුවම ගෝලයාටම පත්තු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පතලකින් අසන්නට ලැබුණි. 
සිද්ධිය මෙසේය. 
ඔහු එම මැණික්  පතලේ වැඩ කරන පුද්ගලයකි.  එහෙත් ඔහු වැඩට පලට කම්මැලි ශරීර හොරෙකි. අවස්ථා කිහිපයකදීම ඔහුගේ නොසැලකිලිමත් කම නිසා පතලේ වැඩ කරන අය සුළු සුළු අනතුරුවලට ද මුහුණ පා ඇත. 
 එහෙත් මොහු එම පතලෙන් ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ පතල අයිති ඉඩමේ අයිතිකාරයගේ ඥාති පුද්ගලයකු වන බැවිනි. මෙම පුද්ගලයා තමන් අතින් වරදක් සිදු වුණත් එය පිළිනොගන්නා මුරණ්ඩු චරිතයකි. යම් පුද්ගලයකු ඔහුට දොස් කිව්වොත් කුමක් හෝ එම පුද්ගලයාට ඔහු සිදු කරයි. 
 මෙලෙස වැඩකරගෙන යන අතරතුර ඉල්ලම් ගනිමින් සිටියදී පතලේ යට සිට ඉල්ලම් පුරවා එවූ කූඩයක් ආපහු පතල තුළට වැටී ඇත්තේ මොහුගේ නොසැලකිලිමත් කම නිසාය පතල තුළ සිටි අනිත් පිරිස බේරී ඇත්තේ අනු නවයෙනි.  සුපුරුදු පරිදි මෙදින ද ඔහුට පතලේ බාස් උන්නැහේ බැන වැදී ඇත්තේ කේන්තියෙනි. බැනුම් නොඉවසන ඔහු බාසුනැහෙට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතාගෙන තිබේ.  ඔහුට සරිලන මිතුරෙකුද සිට ඇති අතර එදින රාත්‍රි පතල මුර කිරීමට ඔහුට නියමිතව තිබුණි.


කල්පනා කළ ඔහු හවස දිය නා වේළෙන්න දමන බාසුන්නැගේ යට කලිසම සිහි වී කදිම උපායක් කල්පනා වී ඇත. මිතුරාට ඒ බව පැවසු ඔහු බාසුන්නැහැ යට කලිසම වනන ස්ථානය ද පෙන්වා ඇත්තේ වැරදීමකින් වෙනත් ගෝලයකුගේ යට කලිසමක් පැටලී සැලස්ම අවුල් වෙවි යයි සිතාය.
 මිතුරාට ස්ථානය පෙන්වන ඔහු  දැක මොහු විසින් තමන්ගේ ඇඳුමකට යමක් කිරීමට සැලසුම් කරන බව  දැනුනු බාසුන්නැහේ  ඔහු වැඩ ඇරී නිවස වෙත යන තෙක් බලා සිට තමන්ගේ යට කලිසම වෙනත් ස්ථානයක වනා එම ගෝලයාගේ යට ඇඳුම ඔහු ඇඳුම් වනන ස්ථානයේ වනා ඇත. 
 පසුදින වෙනදාටත් කලින් පැමිණි බාසුන්නැහේ තමන්ගේ යට කලිසම සුපුරුදු ස්ථානයේම වනා ගෝලයාගේ යට ඇඳුම නැවතත් ඔහු වනා තිබූ ස්ථානයට ගෙනැවිත් දමා ඇත. එදින රාත්‍රියේ  මුරයේ යෙදුණු  ඔහුගේ මිත්‍රයා හොඳ නයි මිරිස් පොට්ටනියක් ගෙන තලා බාසුන්නැහැගේ යට ඇඳුම එය යැයි සිය මිතුරාගේ යට ඇඳුමේ ගා ඇත්තේ පසු දින හවස සිය මිතුරාගෙන් තමන්ට ලැබෙන මත්පැන් බෝතලය ගැන සිතමිනි.
 කෙසේ වෙතත් පතලට පැමිණි ඔහු සුපුරුදු ස්ථානය වනා තිබූ ඔහුගේ යට ඇඳුම ඇඳගෙන වැඩට ගොස් ඇත.  එදින ඔහුට වැඩ කිරීමට සිදුව ඇත්තේ පතල තුළය. පතලේ වැඩ කරමින් සිටින ඔහු බාස් දෙස බලමින්  වැඩ කර ඇත්තේ දවල් වන විට දහඩිය දැමීමත් සමග බාසුන්නැහැට වැඬේ පත්තු වේ යැයි සිතාය.
 කෙසේ වෙතත් පැය කිහිපයක් ගත වෙද්දී ගැරඬියෙකුට භූමිතෙල් ගැසුවා ලෙස ඔහු  ඉතා අපහසුවෙන් ඇඹරෙන ආකාරය දුටු බාසුන්නැහැට කාරණය අවබෝධ වී තිබේ. කම්මැලි පුද්ගලයෙකු ඔහු එක විටම සූර උස පැනීමේ ක්‍රිඩකයකු ලෙස පතල් කණ්ඩියට පැන  අසල තිබූ දොළ පාරක් වෙත දිව ගොස් ඇත්තේ දුර දිවීමේ වාර්තා අලු‍ත් කරමිනි.  දොළ වෙත පැන ගත්ත ඔහු ඇඳුම් සියල්ල උනා දමා දොළ පාරේ වාඩිවී ඇත්තේ සිය මිතුරාට සාප කරමිනි.  සිදුවූ දේ පතුලේ අනිත් අයට පැවසූ බාසුන්නැහැ සිය වැඩ එලෙසම සිදු කරගෙන ගොස් ඇත.  වරුවකට පමණ පසු ඔහු නිවස වෙත ගොස් ඇත්තේ හන්දියේ දොස්තර නෝනාට කාරණය කියා බෙහෙත් ගන්නේ කෙසේදැයි සිතමිනි. 
හවස් වරුවේ ඔහු ඇමතූ මිත්‍රයා අසා ඇත්තේ වැඬේ හරි නේද මචං අපි අද හවස සෙට් වෙමුද  කියාය. අධික ලෙස කේන්තියට පත් ඔහු යකෝ  බාස්ගේ නෙ‍මේ ගාලා තියෙන්නේ  මගේ යට කලිසමේ මට තනියම බෙහෙත් ගන්න බෑ. වරෙන් මට බෙහෙත් අරන් දෙන්න යන්න යැයි  පවසා ඇත්තේ මිතුරා අන්ඳුන් කුන්ඳුම් කරමිනි.

 



අදහස් (0)

පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site