IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පොට වරද්දාගෙන ලැජ්ජා හිතිලා

ඔහු කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයක සේවකයෙකි. සිය ජංගම දුරකතනයේ බිල ගෙවීමට දින කිහිපයක් ප්‍රමාද වීම නිසා ඔහු කඩිමුඩියේ දුරකතන බිල් ගෙවන ස්ථානයකට ගොස් රුපියල් 1000ක බිල් පතක් ගෙවීම සිදු කළේය. බිල ගෙවීම සිදුකළ පසු වෙනදා මෙන් දුරකතනයට ලැබෙන එස් එම් එස් පණිවිඩය ලැබෙනතෙක් බලා සිටියේය. බිල ගෙවීම සිදු කළමුත් දුරකතනයට එස් එම් එස් පණිවිඩයක් නම් ලැබුනේ නැත.


කලබලයට පත්ව වහා අදාළ බිල් ගෙවූ ස්ථානයට ගිය ඔහු  “එක්ස්කියුස්මී......මම දැන් රුපියල් 1000ක බිලක් ගෙව්වා. ඒ බිල තවම වැටුනේ නැද්දැයි“ විමසීය. බිල් ගෙවීම් සිදුකළ ආයතනයේ හිමිකරු දුරකතනය පරීක්ෂා කර මහත්තයා බිල ගෙවිලා තියෙන්නේ. ගෙවපු බිලට අදාළව රිපෝට් එකත් ඇවිත් තියෙනවා යැයි කඩ හිමියා පැවසීය. වෙනදා බිල ගෙවුවම මට එස් එම් එස් එකක් එනවා. අද තවම ඒක ලැබුනේ නෑ යැයි පැවසීය.

මහත්තයා බිල ගෙවන්න දිපු නමයි නොම්මරයයි හරිද බලන්න එහෙනම් යැයි පැවසීය.


බිල ගෙවන්න ආ පුද්ගලයාට දෙවියන් සිහි වූයේ එවිටය. බිල ගෙවා තිබුනේ තමන්ගේ නමට සමාන වෙනත් නමක් ඇති අයෙකුටය. වැරැද්ද සිදුව තිබුනේ තමන්ටම බව වටහාගත් ඔහු ලැජ්ජාවෙන්ම බිල් ගෙවූ ස්ථානයෙන් පිටතට විත් අදාළ දුරකතන අංකයට කතා කර ගෙවු බිලට අදාළ මුදල ඉල්ලා පිංසෙන්ඩු වුනේය. 
(සූරියවැව දිලිප් ජයසේකර).



අදහස් (0)

පොට වරද්දාගෙන ලැජ්ජා හිතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site