කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
ගෙහිමි කතගේ මහ පාර පිසදැමීමෙන් කොල්ලන් දෙදෙනකු පිස්සු වැටුණු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
හද්දා පිටිසර ගමකි. මත්ද්‍රව්‍ය මේ ගම ගිල ගැනීමට සැරසෙමින් සිටියේ ඊයේ පෙරේදා සිටය. ගමේ කොල්ලන් එකෙක් දෙන්නකු හැර අනෙක් කොල්ලෝ තවමත් ශුද්ධ වන්තයෝ වූහ. ගමේ වැඩිහිටියන්ගෙන් බොහෝමයක් අනුන්ගැන සිතනා අයද වූහ. බොහෝ අය සත් කාර්යන්වල නිරතවූහ.
ඒ නිසාමදෝ බොහෝ ගෙහිමි කාන්තාවෝ සිය ගෙමිදුලට අමතරව නිවස ඉදිරිපිට පාර පිසදැමීමට පුරුදු,පුහුණුවී සිටියහ. මේ ගෙහිමි කත ද එදා උදේ සිය ගෙමිදුල පිසදා අවසානයේදී මහ පාර පිසදැමීමට පිවිසිසේය.මහ පාර අයිනේ අංක ගසා තිබූ විදුලි පහන් කණුව යට කොළ රොඩු ගොඩක් තිබූ බැවින් ඇය ඒවාද මහ පාරට දමා පිස දැම්මාය. ඒ එක්කම ඇලුමිනියම් දවටනයක ඔතා පැකට්ටුවක තිබූ සුදු පැහැති කුඩක් කඩා හිරී තිබිණ. ඒ ගැන වැඩි අවබෝධයක් නැති මේ ගෙහිමි කත ඒවාද ඉදලින් අතුගා කුණු ගොඩක් ගසා පුච්චා දැම්මාය.
මහ පාර පිස දමා ඇය ගෙතුළට ගියාය. ඒ එක්කම සිය නිවස ඉදිරිපිට මහා පාරේ ගමන් ගත් යතුරු පැදියක් නතර කරන අයුරු ඇයට හැඟී ගියේය. සිය නිවසට කවුරුන් හෝ පැමිණියේ යයි සිතා මුලුතැන් ගෙට යමින් සිටි ඇය සාලය හරහා ආපසු එමින් සිටියාය. ඒ එක්කම නාඳුනන තරුණයන් දෙදෙනකු සිය නිවස ඉදිරිපිට මහා පාරේ විදුලි පහන් කණුව යට පාත්වී මොනවදෝ සොයනු ඇය දුටුවාය.කිසිත් නොදත් ඇය මේ තරුණයන් දෙදෙනාගෙන් මේ ළමයි ඔය ලයිට් කණුව යට මොනවදෝ සොයන්නේ යයි ඇසුවාය.
නැහැ ආන්ටි අපි මේ පොඩි බඩ්ඩක් සොයනවා යයි කොල්ලෝ දෙන්නා ගෙහිමි කතට කීවෝය.
පොඩි බඩ්ඩක් ගැන මම නම් දන්නේ නැහැ ලයිට් කණුව පාමුල ඊයම් කොලයක ඔතලා තිබුණු පවුඩර් වගේ දෙයක් තිබිලා මම පිහිදලා පුච්චලා දැම්මා යයි ගෙහිමි කත කීවාය. මෙය ඇසුණු කොල්ලන් දෙදෙනාගේ දෙඇස් උඩ ගියේය. තොලකට වේලුණාහ. ඔවුහු දෙදෙනා හිස් දෑතින්ම අල්ලා අපරාදේ දහස ගණනක් නැතිවුණා යයි කියමින් ගෙහිමි කතට ඔරව ඔරවා යතුරු පැදියේ නැගී ගියහ.
ගෙහිමි කතට මේ අපබ්‍රංසය නොතේරුණාය. ඒ නිසාමදෝ නිවස අසල තරුණයෙකුට උදේ සිදුවූ සිදුවීම ඇය විස්තර කළාය. ඇන්ටි කොල්ලෝ කුඩු හංගන්නේ අංක ගහලා තියෙන ලයිට් කණු යට.ෂුවර් එකටම ඇන්ටි පිහදාන්න ඇත්තේ ඒ හංගපු කුඩු වෙන්න ඇතැයි කී විට ගෙහිම කතගේ සර්වාංගයම වෙව්ලුවේය. අමුතුම බයක් සිතට දැනුනාය. ඒ කුඩුකාරයින්ට කරන්න බැරි දෙයක් නැතැයි ඇය දන්නා නිසාලු.
2025 නොවැම්බර් මස 04
96
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැකට්ටුව පිච්චී දෙලෝ රත්වෙලා