IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


නළු ගුරාගේ රංගනයට ගුරු බිරිය ආවේශ වෙලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
 


බිරිඳට හොරෙන් පවත්වාගෙන යන අනියම් ඇසුරක් ‘‘ආංගික අභිනයක්”‍ හේතුවෙන් එළි දැක්වීමේ ජවනිකාවකට රජරට පළාතේ දුෂ්කර පාසලක නාට්‍ය හා රංග කලා ගුරුවරයකුට මුහුණ දීමට සිදුවූ අපූරු පුවතක් දැන ගැනීමට ලැබුණි.
සිද්ධිය කෙටියෙන් මෙසේය.
ඔහු කඩවසම් පෙනුමකට උරුමකම් කියූ නාට්‍ය කලාව උගන්වන දක්ෂ ගුරුවරයෙකි. මෙතුමා  ‘‘අනග රැඟුම්”‍ කප්පිත්තෙකි. සතර අභිනය සහ නව නළු රසය උගන්වන්නේ කජු කන්නා සේය. සිසු දරු දැරියන්ට රංගනය කියා දෙන්නේ කනට මී පැණි වක් කරන්නා වාගේය.
අපගේ නළු ගුරා විවාහ වී සිටින්නේ ද එම පාසලේම ගුරුවරියක සමගය. තම සැමියා උගන්වන විෂය නිසා ඔහු කාගේත් ප්‍රශංසාවට ලක්වීම මේ ගුරු බිරිය නොරිස්සුවාය. ඇය ඒ හේතුව නිසා සැමියා සමග නිතර ගැටුම් ඇති කර ගන්නා බව පාසලේ බොහෝ දෙනෙකුට නොරහසක් විය.


පාසල් වත්තටම අල්ලා පිහිටි විහාරස්ථානයේ ඇති පෙර පාසලේ ගුරුවරිය ගිනි කිකිළියකි. අපගේ කඩවසම් නාට්‍ය ගුරුතුමා නාට්‍ය පුහුණු කිරීම් සිදු කරන්නේ පෙර පාසලට ඉතාම කිට්ටුවෙන් ඇති අඹ ගස් සෙවණේය.
පෙර පාසල් ගිනි කිකිළියගේත් නාට්‍ය ගුරාගේත් ඇස් හතර රහසේ  ‘‘ජේදනය”‍ වී සතර කන් මන්ත්‍රණ කාටත් හොරා ආංගික අභිනයන් වලින් සිදුවිය. 
මේ රහස් ජවනිකාවලට අත්තටු ලැබීමට ගත වූයේ නිමේෂයකි.
නාට්‍ය ගුරුතුමාගේ ගුරු බිරිය මේ සියල්ල සැඟවී බලා සිටියේ ඇයට හිතවත් ගුරුවරියන් කීප දෙනකුගේ ‘‘සහයට ඩැනී”‍ පිළිවෙතට පින් සිදුවන්නට ය.
සිසු දරුවන්ට ක්‍රියා කාරකමක් පැවරූ නළු ගුරා පෙර පාසල් දිහාවට ආංගික අභිනයන් පෑවේය. ක්ෂණිකව කඩා පාත් වූ ගුරු බිරිය තම සැමියාට අතින් පහර දුන්නේ සිදු වූ සියල්ලම අඬමින් කිය කියාය.
ගුරුවරයා පහර කාගෙන එතැනින් වාෂ්ප වී ගිය අතර සතියක නිවාඩුවකින් පසුව වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලබා ගොස් ඇති බව දැන ගැනීමට ලැබුණි.



අදහස් (1)

නළු ගුරාගේ රංගනයට ගුරු බිරිය ආවේශ වෙලා

ගුණරත්න Sunday, 02 February 2025 07:55 AM

පාසලේදී ඔහොම පිස්සු නටන එක හරි වැරදි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1039 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1076 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site