IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


නළය පුපුරා ආ වතුර හාස්කමකැයි රැවටිලා

දකුණු පළාතේ පිහිටි ධීවර ගම්මානයකි. කාපට් යෙදු ප‍්‍රධාන මාර්ගය අයිනේ ඊට පහළින් තිබූ ළිඳක අඩි 02 ක් පමණ වූ ජල මට්ටම ක‍්‍රමයෙන් ඉහළ යන බව නිවැසියන් දැන ගත්තේ උදය වරුවේය. පැයක් දෙකක් තුනක් යන විට ජලය උතුරා යන්නට පටන් ගත්තේය. පළමුව අසල්වැසියන්ද, අනතුරුව ගමේ පමණක් නොව ප‍්‍රදේශය පුරා මෙම අරුම පුදුම අරංචිය පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.

මාස ගණනාවක් පවතින නියඟය නිසා ගමේ පිිහිටා තිබූ ළිං සිඳී තිබූ තත්ත්වයක් තුළ මෙම සිදුවීම සියලූ දෙනාටම මහත් ප‍්‍රහේළිකාවක් විය. පැය කිහිපයක් ගත වෙද්දී බොහෝ දෙනෙක් මෙම ආශ්චර්ය දැක බලා ගැනීමට පැමිණියහ. සමහරු පැවසුවේ පොළොව යටින් ජල උල්පතක් හදිසියේ මතුවීමෙන් මෙය සිදු වන්නට ඇති බවයි.

කෙසේ හෝ හාස්කමකින් මෙන් මතුවූ මෙම ජලය, පූජනීයත්වයෙන් සැලකීමටත් නිරෝගී සම්පත්තිය සඳහා පානය කිරීමටත්, මුහුණ සේදීමටත්, ඇඳ සිටි ඇඳුම් පිටින්ම ස්නානය කිරීමටත් පටන් ගත්තේ බොහෝ භක්තියෙන් යුතුවය. බෝතල්වලට පුරවා තම නිවැස්වලට රැුගෙන යන්නටත් ඇතමෙක් අමතක නොකළහ.

පසුදා උදේ වන විට ජලය උතුරා යාමේ රහස හෙළි විය. මාර්ගය අයිනේ නළ ජලය ගෙන යන ප‍්‍රධාන නළය වසා තිබූ පස් තට්ටුව මතට ජලය මතු වන්නට වීම එයට හේතුව විය.

අවසානයේ ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් පැමිණ පරීක්‍ෂා කිරීමේ දී ප‍්‍රධාන ජල නළය පුපුරා යාමෙන් මෙය සිදුවී ඇති බව හෙළි විය.
 



අදහස් (0)

නළය පුපුරා ආ වතුර හාස්කමකැයි රැවටිලා

නිශාන්ත පේරුජියා,ඉතාලිය Wednesday, 07 May 2014 04:17 AM

ආසියාවේ ජීවත්වෙන ගොඩක් අය මේ වගේ විශ්වාස වල ඉන්නේ.ඒවා ජාන වලින්මයි එන්නේ.ඒක නිසයි කපටි දේශපාලුවන් අපිව හැමවිටම රවට්ටන්නේ (නි)

:       0       0

අසංක Tuesday, 06 May 2014 10:18 AM

දෙයියෝ සාක්කි (ස)

:       0       0

කසුනි Tuesday, 06 May 2014 09:37 AM

අපේ මිනිස්සු මේ තරම් මෝඩද? (ස)

:       0       0

සත්‍යපාල Thursday, 08 May 2014 12:11 PM

අනේ මන්දා අපි කවද ගොඩ යයිද?? (ස)

:       0       0

රෝහන Tuesday, 06 May 2014 10:33 AM

දකුණේ ඉන්නේ මොලකාරයෝ කියන්නේ නිකන් නෙමේනේ. (ස)

:       0       0

ලංකා Tuesday, 06 May 2014 09:48 AM

ගඟෙන් එහා පැත්තේ මේ වගේ අය බහුලයි. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. (ස)

:       0       0

ප්‍රියන්ති Thursday, 08 May 2014 12:07 AM

මිනිස්සු පොඩි දේටත් රැවටෙනවා (දී)

:       0       0

සමන්ත Tuesday, 06 May 2014 10:05 AM

ලංකාවේ බුද්ධිමතුන්ගේ වැඩ තමයි. මොළ කාරයෝ ඔක්කොම ඔහේනේ ඉන්නේ. (ස)

:       0       0

ලලිත් - එස්එල් Wednesday, 07 May 2014 08:48 AM

ඕව ඔහොම තමයි. ගානක් නැහැ. (ස)

:       0       0

මොහාන් Tuesday, 06 May 2014 11:04 AM

බෙන්තර ගඟෙන් එහා නම් ඉතින්, කතා කරලා මක්කටද? (ස)

:       0       0

ක්‍රිෂාන් Thursday, 08 May 2014 07:45 PM

මටත් මතක් වුණේ කොළඹ සන්නිය චිත්‍රපටිය (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 06 May 2014 11:24 AM

අපේ අය මවා පාන්න දක්ෂයෝ නේ. (ස)

:       0       0

කුමාරි Tuesday, 06 May 2014 10:55 AM

සිද්ධ වෙන හැම දේම හාස්කම් කියල හිතන අයට මරු පාඩම. දැන් අර ගෙවල්වලට අරන් ගිය වතුර වලට මොකද දන්නෙ නැහැ කරන්නෙ. මිත්‍යාව පසුපස දුවනවා. (ස)

:       0       0

සේතුංග Wednesday, 07 May 2014 09:31 AM

අපේ කටුබැද්දේ ඔහොම උනා.. බිත්තියේ _මාගේ රූපෙ ඇදිල කියල ටීවී එකේත් පෙන්නුවා. මිනිස්සු ඒ ආස්චර්‍ය දකින්න වැලනොකැඩී ගියා. ඉස්සර ගරා වැටිල තිබුනේ දැන් මෙන්න අහල පහල ඉඩම් ඔක්කොම අරගෙන තට්ටු තට්ටු ගහනවා. මෝටර් බයිසිකලේ ගිය තුමා දැන් ලොකු වාහනේක ටටා කියාගෙන යනවා. හාස්කම් හාස්කම්....(නදී)

:       0       0

ගුණා Thursday, 08 May 2014 08:25 PM

මිනිස්සු මේ තරම් මෝඩද? (නි)

:       0       0

සපුමල් ආලෝක Thursday, 08 May 2014 01:40 PM

කරපු දේවල් ගැන හිතල දැන් පසු තැවෙනවා ඇති...පව් අනේ ....!!! (දී)

:       0       0

හිලිමි Thursday, 08 May 2014 08:31 PM

සෑම් "කොළඹ සන්නිය " චිත්‍රපටය බලපු අය මෙතනට අදහස් දාන්නේ නැහැ. සද්ද නැතුව වෙන දේ බලා ඉන්නවා විතරයි.(මේ මං වගේ ) (නි)

:       0       0

සෑම් Tuesday, 06 May 2014 12:38 PM

"කොළඹ සන්නිය " චිත්‍රපටියේ ජෝ අබේවික්‍රම හාරපු ලිඳ මතක් වෙනවා. (දී)

:       0       0

සමන්ති Tuesday, 06 May 2014 09:00 PM

මේ වගේ වැඩක් කොළඹ ඉඟුරු කඩේ හන්දියේදී අවුරුදු 10කට පමණ ඉහත සිදුවුණා.මිනිස්සු පාරේ නාන්න පවා ආවා. පස්සේ හොයලා බලනකොට මළ ජලය නලයක් පුපුරා ගිය ජල දහරක් (නි)

:       0       0

නුවන් Tuesday, 06 May 2014 12:40 PM

මෝඩ මිනිස්සු. (ස)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 06 May 2014 01:26 PM

ඇත්තමයි සෑම් මහත්තයෝ ,මටත් මේ කතාව කියවද්දී මතක් උනේ කොලඹ සන්නිය චිත්‍රපටිය.(නදී)

:       0       0

සුජීව Tuesday, 06 May 2014 11:11 PM

මුන් සේරටෝම පිස්සු.(ස)

:       0       0

සේනක Tuesday, 06 May 2014 03:30 PM

දැන් කාලේ කොහෙද හාස් කම් වෙන්නේ (දී)

:       0       0

හේරත් දිසානායක Tuesday, 06 May 2014 03:41 PM

කොළඹ සන්නිය මතක් වෙනවා (දී)

:       0       0

දයානි Wednesday, 07 May 2014 01:43 AM

සමන්ති මම දැක්ක ඉහතින් සදහන් වෙලා තියෙනවා ''බෙන්තර ගගෙන් එහා නම් කතා කරලා මක්කටද '' කියල .. ඔයා කියන සිද්දියත් අයිති ගගෙන් එහාටද...?අයියෝ සල්ලි කිවලු නේද..? (ස)

:       0       0

පානි Wednesday, 07 May 2014 02:09 PM

සේනක, ඉස්සර කාලේ "හාස්කම්" සිද්ධ උනාද? දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 07 May 2014 03:24 AM

බෙන්තර පාලමෙන් කොළඹ පැත්තෙන් මෙම ජලය මතුවී ඇත (නි)

:       0       0

බමුණු Wednesday, 07 May 2014 03:37 AM

"අපේ මිනිස්සු මේ තරම් මෝඩද? " ඕක අහන්නත් දෙයක්ද? රටේ වෙන දේවල් දිහා බැලුවම. එහෙත් සමහරක් කියන්නේ අපේ බුද්ධිමත් ජනතාව කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 558 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 587 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 669 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 907 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 508 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 876 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 440 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1346 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 345 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site