IMG-LOGO

නිවෙස නාය යැයි කියා බයේ අනියම් බිරියගේ තුරුලට ගිහින්

(හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්)
අනතුරුදායක තත්ත්වයක් නිසා ආරක්ෂිත ස්ථානවලට යන්නැයි කීවාම අනතුරක් නැතිවම සැමියා තම හිතවත් කාන්තාවකගේ නිවෙසට ආරක්ෂාව සොයා යාමේ පුවතක් වාර්තා වෙයි.


තිදරු පියකු වූ ඔහු ජීවත් වූයේද නායයෑම් අවදානමක් සහිත ගමකය. මධ්‍යම පළාත පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිතරම අවදානම දැනුම්වත් කරනු ලැබ තිබේ. පසුගිය දිනක ඔහු හදිසියේම අතුරුදහන් විය.


භාර්යාව විසින් ඥාතීන් එදින දවස පුරා ඔහු සෙව්වද ඔහු සොයාගත නොහැකි විය. සවස්වීගෙන එද්දී ප‍්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව ගමේ කෙළවරක පිහිටි නිවෙසක සිටිය දී ඔහු සොයා ගනු ලැබ තිබේ. එම නිවෙස ඔහුගේ හිතවත් කාන්තාවකගේ නිවෙසයි. ඔහුගේ භාර්යාව ඔහු සොයාගත් පසු ඔහු ඇයට ප‍්‍රකාශ කර ඇත්තේ මේ දිනවල නායයෑම් අවදානමක් පවතින බැවින් ආරක්ෂාව පතා එම නිවෙසට පැමිණි බවයි. එතකොට දරුවන්ට මොනවද වෙන්නේ යැයි ඔහුගෙන් විමසීය.



අදහස් (0)

නිවෙස නාය යැයි කියා බයේ අනියම් බිරියගේ තුරුලට ගිහින්

ධම්ම Wednesday, 31 December 2014 08:47 AM

තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලා ගත යුතුයි කියලානේ කියා තියෙන්නේ.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 December 2014 12:02 PM

නැව ගිලුනත් බෑන් චුන් කියල මිනිහට හිතෙන්න ඇති. මෙහෙමත් තාත්ත කෙනෙක්. (ර)

:       0       0

සුන්දරලිංගම් Thursday, 01 January 2015 08:03 AM

එහෙම බැලුවොත් නම් එන්න එන්නම නාය යෑම් අවදානම වැඩිවෙනවා වගේම රටේ සෑම ප්‍රදේශයකම නාය යෑම් අවදානම තියෙනවා.(හේ)

:       0       0

සමන්ති Wednesday, 31 December 2014 12:43 AM

හැබැයි ,එම ගෙදර පුරුෂයා ආවා නම් නාය විතරක් නොවෙයි පොළොවත් පළාගෙන යන්න වෙනවා. (නි)

:       0       0

කටුගස්තොට Wednesday, 31 December 2014 02:08 AM

තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සළසාගත යුතුයි (නි)

:       0       0

කුමාරි Wednesday, 31 December 2014 03:55 AM

දරුවන් නාය යන ගෙට අහු වෙනවටම අකමැති ඇති මෙයා. අනේ පවු. (බ)

:       0       0

සරත් Wednesday, 31 December 2014 04:03 PM

සැබෑවටම මෙයා පියෙක්ද? (නි)

:       0       0

රුවන් Wednesday, 31 December 2014 06:50 AM

බේරෙන්න කියල ගිහින් තියෙන්නේ මාරයාගේ කටටමනේ. (ර)

:       0       0

ජෙහාන් Thursday, 01 January 2015 12:11 AM

මේ එක්කම එයාගේ පවුලත් නායයන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site