IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නිරෝධායන වෙනවා කියා නිවාඩු ගත් නිලධාරිනිය සීනි පෝලිමේ

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
කොරෝනා රෝගය වැළඳුන ඥාතියකුගේ පළමු පෙළ අශ්‍රිතයකු ලෙස සිය සැමියා හඳුනාගෙන ඇති නිසා නිරෝධායනය වීමට සිදුවෙනවා යැයි සිය ආයතන ප්‍රධානියාට දන්වා සේවයට නොපැමිණි නිලධාරිනියක් සීනි මිලදී ගැනීමට වෙළෙඳසලක පෝලිමේ සිටි අපූරු කතාවක් දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ. 


රජයේ කාර්යාලයක සේවය කරන මෙම නිලධාරිනියගේ සැමියා වෙනත් දිස්ත්‍රික්කයක සේවය කරයි.


කොවිඩ් 19 රෝගය පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කරන ඇය සෞඛ්‍ය උපදෙස් උපරිම අයුරින් ආරක්ෂා කරන බවට හඟවමින් කටයුතු කරන තැනැත්තියක් වූවාය. සේවය සිදුකරන කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයෙන් පිටත සිය සැමියා සමග ඇය පදිංචිව සිටියාය.

එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අංශවලට සහාය දැක්වීම ඇයගේ කාර්යාලය මගින් සිදුකරන අතර සතියට වරක් හෝ දෙවරක් ඇයටද එම කාර්යයේ නියැලීමට සිදු විය.


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එන්නත්කරණ රාජකාරියට යාමට මැලිකමක් දැක්වූ ඇය තම සැමියා නිරෝධායනය කර ඇති නිසා සේවයට පැමිණීමට නොහැකි බව පවසමින් සිය ආයතන ප්‍රධානියාට දුරකතන ඇමතුමක් දුන්නාය. නිරෝධායනය නිමවූ පසු දන්වන ලෙස ආයතන ප්‍රධානියාගෙන් උපදෙස් ලැබුණ අතර ඇය නි​ෙවසට වී සතුටින් කාලය ගතකළාය.


නගරයේ සතොස වෙළෙඳසල මගින් සීනි අඩුමිලට ලබාදෙන බව අසල්වැසියකු ඇයට පැවැසූයෙන් ඇය කඩිමුඩියේ සූදානම් වී ස්කූටරයෙන් නගරයට ගොස් වෙළෙඳසල අසල යතුරු පැදිය නතරකර සීනි පෝලිමට එක්වූවාය. මේ වනවිට මාධ්‍යවේදී පිරිසක් සීනි සහන මිලට ලබාදීම පිළිබඳව ජනතාවගෙන් තතු විමසමින් ප්‍රවෘත්තියක් ආවරණය කරමින් සිටි අතර නිලධාරිනියද එය නරඹමින්ම පෝලිමේ සිට සීනි ද ගෙන  එදින රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් නිරෝධායනය වන සිය යෙහෙළිය සතොස වෙළෙඳසල අසල සිටිනවා රූපවාහිනියෙන් දුටු කාර්යාලයේ කිහිපදෙනෙක් එය සිය ආයතන ප්‍රධානියාට සැලකළහ. 


තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරමින් පෙර දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නැරඹූ කාර්යාල ප්‍රධානියාට සියල්ල පැහැදිලි විය. වහාම දුරකතන ඇමතුමක් ගෙන නිලධාරිනියට දැඩිව අවවාද සිදු කරමින් පෞද්ගලික ලිපි ගොනුවට අවවාද ලිපියක්ද යොමුකරන බවද කීවේය. 


කාර්යාලයේ සෙසු නිලධාරින් අතර කතාව පැතිරයාමට වැඩි කාලයක් ගතනොවූ අතර සීනි ලාබදැයි කෙටි පණිවුඩ විමසීම සිදුකිරීම නිසා දුරකතන මාරුකර වෙනත් සිම්පතක් පාවිච්චි කිරීමට ඇයට සිදු විය.



අදහස් (0)

නිරෝධායන වෙනවා කියා නිවාඩු ගත් නිලධාරිනිය සීනි පෝලිමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 159 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 32 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 687 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site