(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
පදිංචි නිවසේ දින 14ක් නිරෝධායනයට යොමු කර සිටි අයෙකු නිරෝධායන දැන්වීමත් ගලවාගෙන සෞඛ්‍ය කාර්යාලයටත් නොදන්වා ප්‍රදේශයේම වෙනත් නිවෙසකට ගොස් නිරෝධායනය වෙමින් සිටියදී සොයාගත් බව කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
හුදකලා කර තිබූ ප්‍රදේශයක නිවෙස් කීපයක පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබී ඇත.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ට උපදෙස් දී ඇත්තේ කිසිවකුටත් නිවෙස් වලින් පිටතට නොයන ලෙසය. එම නිවෙස්වල ඉදිරිපස ‘‘නිරෝධායනය වෙන නිවසකි’’. යනුවෙන් සඳහන් දැන්වීම් ද අලවා තිබී ඇත.
මෙලෙස දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබූ නිවෙසක අයෙක් කාටත් නොදන්වා ප්‍රදේශයේම වෙනත් නිවසකට ගොස් නිරෝධායන දැන්වීම එම නිවසේ පිටත අලවාගෙන අවසන් දින කීපය ගත කර ඇත.
මේ බව ආරංචි වී ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීන් එම පුද්ගලයා සොයා පැමිණ කළ ක්‍රියාවේ බැරෑරුම් කම වටහා දී මුලින් සිටි තැනටම ගොස් නිරෝධායන වන ලෙස දන්වා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිරෝධායන දැන්වීමත් ගලවාගෙන නිරෝධායකයා වෙන ගේකට ගිහින් පදිංචිවෙලා