IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


නරක්වූ පොල්ගෙඩිය ආපසු දෙන්න රු.500 ක් දී ත්‍රිරෝදරියක ඇවිත්

(නාඋල - ඉන්දික අරුණ කුමාර)
රුපියල් හැටකට නාඋල නගරයෙන් මිලදී ගත් පොල් ගෙඩියක් නිවසට ගොස් බලන විට නරක්වීම හේතුවෙන් උරන වූ කාන්තාවක් රුපියල් පන්සීයක් වැයකර ත්‍රි රෝද රථයකින් පැමිණ අදාළ වෙළදසැලේ හිමිකරුට බැණ වැදීමේ සිද්ධියක් පසුගිය දා නාඋලින් වාර්තා විය.


හැමදාමත් බඩු ගන්නා වෙළඳසලෙන් සුපුරුදු පරිදි පොල් තෝරාගත් කාන්තාව කඩිමුඩියේ නාඋලින් කිලෝමීටර් ගණනක් දුර ප්‍රදේශයක පිහිටි සිය ගම්මානයට ගොස් ඇත්තේ රෑ බෝවීමට පෙරය.


ගමට ඇති එකම බස් රථයෙන් ගමට ගියද රාත්‍රි ආහාර වේල සැකසීමට යාමේ දී තමන් ගෙනා පොල් ගෙඩිය නරක් වී ඇති බව දැනගත් මේ කාන්තාවට ඉන්න තැනද අමතක වී තිබේ.


රෑ කඬේ වහන්නට පෙර නාඋල නගරයට යාමට බස් රථයක්ද නොමැතිකමින් ළඟම තිබෙන ත්‍රී රෝද රථයකින් පිම්මේ පැමිණි කාන්තාව කඩය ඉදිරිපිට කෑ ගසන හඩ ඇසී වෙළඳසැලේ සිටි පිරිස් ද එයට අවධානය යොමු කළහ.


“යකෝ මෙහෙමත් වැඩ කරනවද නරක්වෙච්ච පොල් විකුණන්න. දැනගන්නවා අපි බඩු ගන්නේ සල්ලි දීලා බලු වැඩ කරන්න එපා.


මේ පොල් ගෙඩිය තියාගන්නවා. මිනිස්සුන්ට බඩු දෙනකොට මේ වගේ වැඩ කරන්න එපා.”


දිගින් දිගටම සිදුවන ඇගේ ගෝරනාඩුව අවට පිරිස් වලටද කන්දොස් කිරියාවක් විය.


කෙසේ වෙතත් වෙළෙඳසල් හිමියා ඇයට කිසිවක් නොකියා වෙළඳසලේ රැඳී සිටි පිරිසට කීවේ පොල් ගෙඩියේ ඇතුළට රිංගලා බලන්න විදිහක් නෑනේ අනික පොල් ගෙඩිය තෝරාගත්තෙත් ඔය මනුස්සයාමයි” 

කියාය.දන්නවද පොල් ගෙඩියේ ගාන හැටයි. ගමේ ඉඳන් ටවුමට ත්‍රීවිල් එකට රුපියල් පන්සීයයි. 

 



අදහස් (0)

නරක්වූ පොල්ගෙඩිය ආපසු දෙන්න රු.500 ක් දී ත්‍රිරෝදරියක ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1710 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site