IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නාම පුවරුව කිය වූ දරුවාට මවගෙන් කනේ පාරක්

(දූනගහ බටේපොල විජයසිරි)
වයඹ පළාතට ආවේනික ඔසරියකින් සැරසුණු මැදිවියේ කාන්තාවක් දුම්රිය ස්ථානයේ කාන්තා විවේකාගාරය අසලට කුඩා දරුවකු ද සමග පැමිණියාය.


ඇය පාසල් ගුරුවරියක යයි සිතෙන ආකාරයට සැරසී සිටි අතර දරුවා පාසලේ හතර පහ ශ්‍රේණියක සිසුවකු විය හැකි යැයි බැලූ බැල්මට කෙනෙකුට සිතෙන බව කිව හැකිය.


ඉතා ගාම්භීර ලෙස වටපිට බැලූ එම කාන්තාව දුම්රිය මගීන් දෙසද ආඩම්බරයෙන් බැලුවාය. 


දරුවා අත පොත් කිහිපයක්ද තිබූ අතර ඔහු වට පිට බලමින් සිටියේය. ඔහු එක්වරම කාන්තා විවේකාගාරයේ නාම පුවරුව දෙස බැලීය.


“කාන්තාර විවේකාගාරය” ඔහු ශබ්ද නගා කියවීය. කාන්තා යන්න ඔහු “කාන්තාර” නමින් වරදවා කියවීය.


ඒ සැණින් පටාස් යන හඬක් ඇසුණේය. දරුවා ඔළුව අල්ලාගෙන හඬන්නට පටන් ගත්තේය. පළමු කාන්තාව ගිනිපුළිගු විහිදෙන ලෙස තවමත් දරුවා දෙස රවාගෙන සිටී.


ඔහොමද අකුරු කියවන්නේ. ඇය දරුවාගෙන් ප්‍රශ්න කළාය. ඔහු හඬමින් සිටි අතර වටපිට සිටියෝ මවිතයට පත්ව සිටියහ.


“අකුරක් වැරදුණාට ඔහොම දරුවන්ට ටොකු අනිනව ද?” කවුදෝ හෙමින් මිමිණුවේය.

 



අදහස් (5)

නාම පුවරුව කිය වූ දරුවාට මවගෙන් කනේ පාරක්

Perakum Wednesday, 20 February 2019 08:10 AM

තමන්ගේ ළමයට ඔහොම නම් ඉස්කෝලේ ළමයින්ට කොහොමට ඇද්ද? ළඟදීම හිරබත් කන්න වෙයි වගේ.

:       2       41

sampath Wednesday, 20 February 2019 11:09 AM

මෙයාල උගන්වන්නේ අකුරු දන්නා අයට විතරයි හොද වෙලාවට දොස්තර කෙනෙක් නොඋනේ එහෙනම් ලෙඩේ හැදිලා අවොත් ගුටි කන්නයි වෙන්නේ ගුරුවරයාගේ වගකීම නොදන්නා අයට කියා දීම මිසක දන්නා යට ඉගෙන්වීම නොවෙයි....

:       2       16

leel gunawarena Thursday, 21 February 2019 01:58 PM

පොඩි දරුවන්ට හිරිහැර කරන මේ මොන මවක්ද ? ළඟදීම කනේ පාරක් ලැබෙයි කියල තමයි මට හිතෙන්නේ .

:       0       9

තුෂා Thursday, 21 February 2019 02:13 PM

අකුරක්නේ වැරදිලා තියෙන්නේ. වැරදුන ඒවා හදලා දෙන්න තමයි වැඩිහිටියෝ, ගුරුවරු කියලා කොට්ඨාශයක් ඉන්නේ. ඇයි ගුරුන්ටත් අකුරු වැරදෙන්නේ ?

:       0       10

Sriyani Liyanapathirana Monday, 17 June 2019 09:30 AM

ඇයගේ ආතතිය කොතරම්ද කියලා පේනවා නේද? ඇය සිතන් ඉන්න ඇත්තේ තමන්ගෙ දරුවාට කිසිවිටෙකත් වැරදීමක් නොවිය හැකි බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 744 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site