IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නාන ළඳ දෙස බැලූ යතුරුපැදිකරු ඇළේ

වෘත්තියෙන් මොටර් කාර්මිකයෙකු වූ ඔහු නව අවුරුද්දේ ප්‍රථම රාජකාරිය ලෙස තෝරා ගත්තේ හිතවතකු මගින් හඳුනාගත් අයෙකුගේ යතුරු පැදියක් අලුත්වැඩියා කිරීමටය. සුබ නැකත උදාවීමත් සමගම ඔහු තම යතුරුපැදියට නැගි එම නිවස සොයා පිටත්විය. නිවසට යන විට යතුරු පැදි හිමිකරු පෙනෙන්ට නොසිටි අතර හිමිකරුගේ රූමත් බිරිඳ පැමිණ ‘ආයුබෝවන් සුබ අලුත් අවුද්දක් වේවා’ කියා ඔහු පිළිගත්තේය.


බොහොම හොඳයි ඔහොම එනවා නම් නිකන් උනත් බයික් එක හදල දෙන්න බැරි යැයි සිතු මොටර් කාර්මිකයා තමා පැමිණි කාරණය  බිරිඳට කීය. බිරිඳ නිවසේ සිටි සැමියා කැඳවිය. පැත්තක තිබූ යතුරු පැදිය පෙන්විය. පැයක් යන්නට මත්තෙන් යතුරු පැදිය පණගන්වා “ඕවා මට මහ වැඩ නොවේ” කියා උජාරුවෙන් කීවේ හිමිකරුගේ බිරිඳට ද ඇසෙන්නටය.


හිමිකරුටද ඒ පිළිබදව පැහැදීමක් ඇතිවූ අතර අවුරුද්දට ගෙනා මත්පැන් බෝතලයක් ඉතිරිව ඇති නිසා ‘‘බාස් උන්නැහැ කටගැස්මට ටිකක් ගන්නවා’’ දැයි විමසීය. ‘‘ගමු,ගමු’’ කියා සෙට්වූ දෙදෙනා බෝතලය අවසන්වන වන විට පදමට වෙරිවී හොඳ මිතුරෝ බවට පත්ව සිටියහ. කාර්මිකයාගේ කතා බහෙන් වැඩි කොටසක් හිමිකරුගේ රූමත් බිරිඳ පිළිබඳවමය.


  මුදල්ද එපා කී කාර්මිකයා නැවතත් දිනෙක එන බව පවසා පිටත් වන්නට සූදානම්ව නිවසේ පෙනෙන්නට නොසිටි බිරිඳ පිළිබඳව විමසීය. ඇය පහළ දොළට නාන්න ගිය බව දැනගත් කාර්මිකයා දොළ අයින දිගේ වැටී ඇති මාර්ගය ඔස්සේ වෙරි මතින් යතුරු පැදිය පැදවූයේ මිතුරාගේ බිරිඳ දැක ගැනීමේ ආසාවෙනි. අහක බලන් ගිය නිසා යතුරු පැදිය පාරෙන් ඉවතට පැන ඔහුත් සමගම දොළට පෙරළුණි. දඩිබිඩිගා නැගිට ගත් ඔහු යතුරු පැදිය දොළ මැද කෙළින් කළත් ගොඩට ගැනීමට තනිවම නොහැකි විය. 


දිය නාමින් සිටි බිරිඳ මේ බව නොදත් නිසා බඩ ගාගෙන පාරට පැමිණි කාර්මිකයා ගෙදර ගියේය. දිය නෑම අවසන් කළ බිරිඳ යතුරු පැදියක් දොළ මැද තිබෙනු දැක බියට පත්ව දිව ගොස් සැමියාට පැවසීය.


  අනේ බාස් උන්නැහැ යනුවෙන් පැවසූ සැමියා අසල්වාසීන්ගේද සහය ඇතිව දොළ අවට සෝදිසි කර බැලුවත් බාස් උන්නැහැ පෙනෙන්නට නොසිටි නිසා ඔහුගේ දුරකථනයට ඇමතුක් ගත්තේය. 


බාස් උන්නැහැ ඉන්නවා දැන් නාගෙන ඇවිත් කාමරේ නිදි, ඇයි හදිසියක්ද, බාස් උන්නැහැගේ බිරිඳ ඇසුවාය. නෑ.නෑ දැන් හදිසියක් නැහැ. යතුරු පැදියක් දොළේ තියනවා. ඒකයි හෙව්වේ. හිමිකරු කීය. සවස් යාමයේ දෙතුන් දෙනෙකු සමග පැමිණි බාස් උන්නැහැගේ බිරිඳ යතුරු පැදිය රැගෙන යනු දක්නට ලැබිණි.
(සුමති කුඩලිගම)



අදහස් (0)

නාන ළඳ දෙස බැලූ යතුරුපැදිකරු ඇළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 193 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site