IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නෝනා සතුටු කරන්න ගිහින් ණයකාරයෙක් පස්සෙන් පන්නලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නෝනා සතුටු කරන්න ලොකු හෝටලයක කෑමට ගොස් එහි දර්ශන මුහුණු පොතට දැමීමෙන්  ගත්ත පරණ ණයක් ප්‍රසිද්ධියට පත්ව අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.


සිය බිරිඳ ලොකු හෝටලයකට කෑමට රැගෙන ගියේ ලොකු අදහසක් සිතේ තියාගෙනය. නෝනා  දරුවන් සමග ලොකු හෝටලයකින් කෑම කෑමට දැක්වූයේ නොතිත් ආශාවකි. දැඩි කැමත්තකි. ඇය සතුටු වන්නේ නම් ඔහුගේ කල්ල මරේය.


පස්වනක් ප්‍රිතියෙන් පිනා ගිය නෝනා හෝටලයේ කෑම කන අයුරු මුහුණු පොතට එකින් එක දැම්මේ ඇයගේ සනුහරේ අයට හා මිතුරු මිතුරියන්ට පේන්නත් එක්කය. උජාරුවටය. කතා නායකයාත් ඔන්න ඔහේ වගේ වගක් නැතිව බලාගෙන සිටියේ නෝනාගේ සතුටෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටය.


මේ දර්ශන පෙළ මුහුණු පොතට දැමීමත් සමග ඔවුනගේ සමීපතමයෝ ඒ හා සම්බන්ධ වෙමින් විවිධ විවිධ දේ ඊට එක් කළහ. එයින් ද නෝනා ලැබූවේ ලොකු සතුටකි.


මේ අතරේ ඔහුගේ මිතුරෙක් හොඳට කෑවට බිව්වට කමක් නෑ අර මට එන්න තියෙන මුදල් ටික ගෙව්වානම් කියමින් මුහුණු පොතට දැම්මේය. ඒ විතරක්ම නොවේ ගත්ත ණය මුදල හා කාලයද එහි සඳහන් කර තිබුණේය.


මෙය දුටු නෝනාට දවල් තරු ​පෙනුණි. මේ දේ ඒ අවස්ථාවේ මුහුණු පොතේ සිටි අය දකිනු ඇතයි සිතූ නෝනා හරි හැටි කෑමත් නොකා දරුවනුත් රැගෙන හෝටලයෙන් පිටවූයේ ඔහුට දෙහි කප කපා ඔහු තනිකරමින්ලු‍.



අදහස් (0)

නෝනා සතුටු කරන්න ගිහින් ණයකාරයෙක් පස්සෙන් පන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site